බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසරණ ගෝඨා බෙල්ල තිබ්බේ රනිල් කරපු ආර්ථික අපරාදෙට… අනුර රටට කියයි!

රට බංකොලොත් කරලා පෝලිං යුගය හදලා ගෑස් ඉන්ධන රටට නැති කරපු ආර්ථික අපරාධකරු අපට කියනවා අපි ආවොත් ගෑස් නැතිවෙයි ලු.... අනුර කියන කතාව

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රට ගෑස් නැති, තෙල් නැති,  ඖෂධ නැති, රටේ භාණ්ඩාගාරය අන්තයට සිඳවා දමා බංකොලොත් භාවයට පත් කරනු ලැබුවේ ජාතික ජන බලවේගය පැමිණියහොත් පෝලිම් යුගයක් ඇතිවන බව කියවමින් යන රනිල් වික්‍රමසිංහ බවත්, ගෝඨාභය අසරණයා බෙල්ල දුන්නේ රනිල් වික්‍රමසිංහ ඇති කළ අර්බුදයට බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

“ඇත්ත කතාව ගත්තොත්, ඒ සියලු පෝලිම් නිර්මාණය කිරීමේ මූලිකයා රනිල් වික්‍රමසිංහයි. ගෝඨාභය අසරණයා බෙල්ල දුන්නා. ඇත්ත කතාව ඒක. 2022 අප්‍රේල් මාසයේ ණය ගෙවන්න බැරිව පොල්ල තිබ්බේ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගත් ණය ගෙවාගත නොහැකි වීම නිසයි. විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ගන්න සල්ලි නැතිව ගියා. අර්බුදයේ නිර්මාපකයා රනිල් වික්‍රමසිංහයි. ” අනුර කුමාර දිසානායක කීවේය.

කළුතර ජන රැළිය…

ඔහු මේ බව හෙළි කරන්නේ ජනාධිපතිවරණය ආවරණය කරමින් කළුතර පැවති ජාතික ජන බලවේගයේ අවසන් ජන රැළිය අමතමිනි. ඔහු සිය කතාව මෙසේ පෙළ ගැස්වූයේය.

අද ප්‍රචාරක කටයුතුවල අවසන් දවස. ඡන්දය සෙනසුරාදා. නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා.

අපේ රටේ ජනතාව අලුත් පරිවර්තනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳිමින්, යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් සටන් කරමින් සිටියා. නමුත්, අපට අවසන් ජයග්‍රහණය ඒ දශක ගණනාව පුරා ලබා ගන්න නොහැකි වුණා. සැප්තැම්බර් මාසයේ 21 වැනිදා ඒ ජයග්‍රහණය අපට ලබා ගන්න පුළුවන්. අපේ පැරැණි පරම්පරාව, මුතුන්මිත්තෝ මේ පීඩිතභාවයෙන් මිදෙන්න අසාධාරණය වෙනුවට සාධාරණ සමාජයක්, අයුක්තිය වෙනුවට යුක්තිගරුක සමාජයක්, අශිෂ්ටත්වය වෙනුවට ශිෂ්ටත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් උත්සාහ දැරුවා. ඒ උත්සාහයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේ 21 වැනිදා ලැබෙන බව සහතිකයි. එම ජයග්‍රහණයේ දී අප විසින් සැලසුම් සකස් කිරීම, වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ හැකි පිරිස හඳුනා ගැනීම, සමාජයට මතය ගෙන යාම සඳහා කතා කිරීම වැනි කටයුතු කළත්, මේ ජයග්‍රහණයේ විශාලතම වැඩ කොටස කළේ ඔබ සියලු දෙනායි. අවුරුදු කිහිපයක් කොට්ඨාස සභා පිහිටුවමින්, කාන්තා සභා පිහිටුවමින්, ගෙයින් ගෙට යමින් විශාල වෙහෙසක් දරලා මේ ප්‍රතිඵලය අත්පත් කර ගත්තා. මෙයට පෙර දේශපාලනඥයන් ඡන්දය ගැන ඇඟිලි ගැන්නත්, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාව ඇඟිලි ගනිමින් මේ ඡන්දය දෙස බලා සිටිනවා.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජාතික ජන බලවේගය වටා මේ නැඟිටීම වෛරී ප්‍රකාශනයක් බව සමහර අය කියනවා. අනෙක් පක්‍ෂ කෙරෙහි වෛරය, කෝපය ඇති වූ ජනතාව අප වටා එක් වීම ආරම්භය වෙන්න පුළුවන්. හැබැයි, අද ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටින්නේ අනාගතය කෙරෙහි අපේක්‍ෂා සහගත පරිවර්තනයකට ලක් වූ ජනතාවක්. ජාතික ජන බලවේගය වටා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී වී සිටින්නේ අනාගතය පිළිබඳව සුබ සිහිනයක් අපේක්‍ෂාවෙන්. දිගු පියවරක ආරම්භය වන්නේ ඒ වෙනුවෙන් තබන පළමු පියවරයි. සැප්තැම්බර් 21 තබන්නේ දිගු පියවර ගණනාවක ආරම්භයයි. ආරම්භයේ දීම අපේ වෙනස්කම් අපි තහවුරු කොට පෙන්වන්න ඕනෑ. ඡන්දපොළට ගිහින් මාලිමාව ඉදිරියේ කතිරය සටහන් කර ජයග්‍රහණයෙන් පසුව අනෙක් පක්‍ෂයට ඡන්දය දුන් අයට නිය තුඩකින්වත් හානියක් වෙන්න දෙන්න එපා. අපේ දේශපාලන සංස්කෘතියේ වෙනස අපි පෙන්වන්න ඕනෑ. ඡන්දය දක්වා අපි බෙදිලා ඉන්න පුළුවන්. ඡන්දයෙන් පසුව රට ගොඩනැඟීම සඳහා ඒ සියලු දෙනා එකතු කර ගන්න ඕනෑ. ඡන්ද ගැටුමක් ඇති කර ගන්න අනෙකුත් පාර්ශ්වයන් උත්සාහ කරනවා නම්, ඔබ කිසිසේත්ම එයට දායක වෙන්න එපා. පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට පැවරී තිබෙන රාජකාරී සීමාව ඇතුළේ එවැනි ගැටුම් ඇති වීම වැළැක්වීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, පාලකයන් ජනතාවට වඩා උඩින්, නීතියට වඩා උඩින් ඉන්න තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර දේශපාලන අධිකාරිය නීතියට යටින් තබන තත්වයක් ඇති කරනවා. පුරවැසියා හා සමානව එකපෙළට ඉඳගත හැකි නව දේශපාලන සංස්කෘතියක් පියවරෙන් පියවර අපි සකස් කරනවා.

අපේ දේශපාලනයේ ඇත්තේ ජාතික සමගිය මිස ජාති වාදය නොවේ

ඒ වාගේම අපේ රටේ කිසිදු තැනක කිසිදු විටෙක ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ දෙන්නේ නැහැ. ජාතිවාදී, ආගම්වාදී මතවාද ලංකාවේ තිබෙන්න බැහැ. තිබිය හැක්කේ ජාතික සහ ආගමික සමගියේ මතවාද පමණයි. අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඉතා හොඳින් ඒ ආදර්ශය ලබා දී තිබෙනවා. අපේ මැතිවරණ වේදිකාවේ ජාතිවාදී, ආගම්වාදී වාගේම අනෙකාගේ සංස්කෘතිය හෙළාදැකීමේ සටන් පාඨ අපි යොදා ගත්තේ නැහැ.

නමුත්, කනගාටුවෙන් හරි කියන්න ඕනෑ සජිත් ප්‍රේමදාසගේ මුළු කඳවුරම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා මතවාද පැතිරවූවා. අපි ආවාම පෙරහැර නතර කරනවා, හාමුදුරුවන් වහන්සේලාට දානය නැති වෙලා යනවා, ජාතික කොඩිය වෙනස් කෙරෙනවා, නිරාගමික රටක් හැදෙනවා ආදී වශයෙන් ඉතාමත් කැත විදියට අවලාද නඟන්නට පටන් ගත්තා. සංස්කෘතිකමය වශයෙන් පවතින ඇදහිලි සහ ගෞරවයට පත් වූ සංවේදී වූ තැන් ඔවුන් යොදා ගත්තා. හාමුදුරුවන් වහන්සේලාට දානය පිරිනමන්නේ ශ්‍රී ලංකා. යූඑන්පී, ජේවීපි කියලා බෙදීම් හදාගෙනද? ඒවා අපේ ජාතියේ, සංස්කෘතියේ උරුමයන්. ශිෂ්ටාචාරයේ වැදගත් ස්ථාන. හැබැයි, රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා ඒවා ඉතාමත්ම කැත ලෙස තමන්ගේ දේශපාලන වේදිකාවේ යොදා ගත්තා.

අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාව ළඟට ගිහින්, හජ්ජි, රාමසාන් උත්සව දෙකක් පවත්වන්න ඉඩ නොදී එකකට සීමා කරන බව කීවා. පස් වරක් වන්දනාමාන කරන ජනතාවට දිනකට එක් වරක් වන්දනාමාන කරන්න දෙන බව කීවා. රැවුල වවන්න දෙන්නේ නැහැ කිවුවා. කවදාවත් දේශපාලන වේදිකාවකට නොගත යුතු දේවල් ඔවුන් ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රිකවාදී සටන් පාඨ සජිත් ප්‍රේමදාසලාගේ මුළු මැතිවරණ ව්‍යාපාරය තුළම දියත් කරන්නට පටන් ගත්තා.

එක අතකට සජිත් පවු

එක අතකින් මම පුදුම වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසට මේ රටේ ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු ගැඹුරු සංකල්ප පිළිබඳව අදහසක්වත් නැහැ. මඩ සහ අසත්‍ය ප්‍රකාශ කිරීම තමයි, ඔහුගේ දේශපාලනය. අලි ප්‍රශ්නය තිබෙන දිහාවලට ගිහින් අලි මන්තරය පාඩම් කරවා විසඳුම් දෙන බව ගැඹුරු දැක්මක් තිබෙන කෙනෙක් නම්, කියනවා ද? ගැඹුරු චින්තනයක් තිබෙනවා නම්, රටේ හැම පාසලකටම විදේශීය කෝටිපතියන් සම්බන්ධ කරවන බව කියනවා ද? කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟීම පිළිබඳ අදහසක් වෙනුවට බොත්තමක් එබුවාම සියල්ල කෙරෙන බව කියනවාද? අපේ රට මුහුණ දී තිබෙන ගැඹුරුතම මූලයන්, වර්ධනය වුණු ආකාරය, විසඳුම් සෙවීම පිළිබඳව හාංකවිසියක්වත් නැහැ. ජාතිවාදය, ආගම්වාදය, අනෙකාගේ සංස්කෘතික අනන්‍යතාව අපේ දේශපාලනයට යොදා නොගැනීම මේ යුගයේ විශිෂ්ටතම දේශපාලන ආදර්ශයයි. එය ලබා දුන්නේ ජාතික ජන බලවේගයෙන් වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා.

අපි උතුරට ගිහින් මේ කතාව ඒ විදියටම කියනවා. නැඟෙනහිරත් ඒ විදියටම කියනවා. දකුණට ඇවිත්, ඒ විදියට ම කියනවා. එය ඒ ආකාරයෙන් කිව හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. අපි ඒ ගැන සතුටු වෙනවා. ආරම්භයේදී අපට ජයග්‍රහණය දකුණෙන් විතරක් හිමි වේවි දැයි යම් සැකයක් තිබුණා. දකුණෙන් පමණක් ලබන ජයග්‍රහණ අපේ අනාගත දේශපාලන ඉලක්ක ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නැහැ. පසුගියදා අපි නැඟෙනහිර පළාතේ නගර ගණනාවක ජන හමු පැවැත්වූවා. ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව මේ හා සමානවම අපට ඇහුම්කන් දෙන්න ඇවිත් හිටියා. යාපනයට ගිහින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු නිලධාරීන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අපි හමුවුණා. ඔවුන් සඳහන් කරන්නේ උතුරේ ජනතාවගෙන් විශාල පිරිසක් ජාතික ජන බලවේගය කෙරෙහි ප්‍රසාදයකින් සිටින බවයි. උතුර නියෝජනය කරන මන්ත්‍රීවරයකුගෙන් මම තැපැල් ඡන්දය අපට කොහොම ද කියලා ඇහුවා. ඔහු සඳහන් කළේ මුල දී සියයට 10ක් පමණ තිබේ යැයි කියා කල්පනා කළත්, දැන් එය සියයට 40 ඉක්මවා ගොස් ඇතැයි අනුමාන කරන බවයි.

ජනතාව බලා ගන්නා හැටි

උතුර, දකුණ වෙන් වෙලා කළ දේශපාලනයත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වෙන් වෙලා කළ දේශපාලනයත් එකට එකතු කරන්න ජාතික ජන බලවේගය අද සමත් වී සිටිනවා. ඒ වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලු ආගම් අදහන ජනතාව එකතු කරන ලද දේශපාලනයකට සමත් වී සිටිනවා. ඒ නිසා අපි ඡන්දයෙන් ජයග්‍රහණය කරන්න පෙර සිටම අපි ඒ සම්බන්ධයෙන් රටට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් හිමි කර දී තිබෙනවා. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වී සිටින ජනතාව කිසිදු ජාතිකත්ව හෝ ආගමික බෙදීමකින් තොරව රැකබලා ගැනීම අපේ වගකීමක්. කෙටි කාලයක් වෙනුවෙන් ජීවත් වීම අසීරුම ජනතාවට රුපියල් 10,000 සිට රුපියල් 17,500ක් දක්වා දීමනාවක් ලබා දෙනවා.

ආසියාවේ වැඩිම අපේ විදුලි බිල, අඩුම විදුලි බිල බවට පරිවර්තනය කරනවා. සෞඛ්‍යය, ආහාර, අධ්‍යාපනය සඳහා ඇතුළු කර තිබෙන බදු මුළුමනින්ම නිදහස් කරනවා. ආර්ථිකය පිළිබඳ ගැඹුරු පරිවර්තනයන්ට යන්න කලින් ජනතාව වෙනුවෙන් මෙම සුබසාධන කටයුතු සිදු කරනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය, නිවාස, ආහාර පුරවැසියන් සම්බන්ධයෙන් ලබා දීම රජයකට අත්හැරිය නොහැකි වගකීමක්. කෙටි කාලයක් ඇතුළත මඟී ප්‍රවාහනයෙන් 70%ක් යළි පොදු ප්‍රවාහනයට කැඳවීම අපේ අපේක්‍ෂාවයි. පඩිය මුළුමනින්ම වැය කර ලීිසිං ගෙවා වාහනයක් ගැනීම වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා.

ඒ වාගේම නිරෝගීසම්පන්න ජීවිතයක් ලබා දීම වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවයක් ස්ථාපනය කරනවා. පවුලේ වෛද්‍යවරයාගේ සිට ඉන් ඉදිරියට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා යා හැකි මඟපෙන්වීමක් ලබා දෙන සෞඛ්‍ය පද්ධතියක් ස්ථාපනය කරනවා. ඒ වාගේම දෙමවුපියන්ටත් බර, දරුවන්ටත් බර මේ අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් මුළුමනින්ම නිදහස් කර රජයේ වගකීමක් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා. එය පරිවර්තනයක් නොවෙයිද?

ලබන 21 වැනිදා සිදු කරන්නේ හුදෙක් පාලකයෙක් ඉවත් කර තව කෙනෙක් පත් කර ගැනීම නොවෙයි. මේ සිද්ධ කරන්න යන්නේ සියවස් ගණනක් අප දුටු සිහිනයක් ඉටු කිරීමයි. මෙයට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කිරීමේ යුග පෙරළියයි මේ සිදු කරන්නේ. නිෂ්පාදනයට පණ දිය හැකි සියලුම තැන් හඳුනාගෙන යළි පණ දෙමින්, පුනරුද යුගයක් ඇති කරනවා. ඒ වෙනුවෙන් ගොවියා, ධීවරයා, කම්කරුවා, තරුණයා පමණක් නොවෙයි, රාජ්‍ය සේවකයන් වාගේම පොලිසියේ මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක අංශවල අයත් තම තමන්ගේ ක්‍ෂේත්‍රවල නව හැඟීමකින් ඉලක්කසහගතව ක්‍රියාත්මක කරනවා.

රනිල් වික්‍රමසිංහගේ පවට ගෝඨාභය අසරණයා බෙල්ල දීම

අපි සිදු කරන්නේ පතුලටම ඇදවැටුණු රටක් ගොඩගැනීමයි. ඒ යන ගමනේ දී රනිල් වික්‍රමසිංහ කියනවා, ජාතික ජන බලවේගය ආවාම ගෑස් නැති වෙයි, තෙල් නැති වෙයි කියලා. ඔහු ඒ නිධිවල අයිතිකාරයාද? ඇත්ත කතාව ගත්තොත්, ඒ සියලු පෝලිම් නිර්මාණය කිරීමේ මූලිකයා රනිල් වික්‍රමසිංහයි. ගෝඨාභය අසරණයා බෙල්ල දුන්නා. ඇත්ත කතාව ඒක. 2022 අප්‍රේල් මාසයේ ණය ගෙවන්න බැරිව පොල්ල තිබ්බේ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගත් ණය ගෙවාගත නොහැකි වීම නිසයි. විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ගන්න සල්ලි නැතිව ගියා. අර්බුදයේ නිර්මාපකයා රනිල් වික්‍රමසිංහයි.

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩවත්, ගුණාත්මකවත්, හිඟයකින් තොරව ලබා දීමටත් තමයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්නේ. ඩොලර් හිඟයක් රටට නිර්මාණය කළ රනිල් වික්‍රමසිංහ අද කියනවා, අපි ආවාම ඩොලරය රුපියල් 400ට නඟිනවා කියලා. නමුත්, ඒ තත්වය ඇති කළේ රනිල් වික්‍රමසිංහලා. හේන්, කුඹුරු පුරන් වුණා. රනිල් වික්‍රමසිංහලා අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය කංකුන්, ලුණු, මුංඇට, උඳු, කව්පි, කුරක්කන්, බිත්තර, බීජ වර්ග, ඖෂධ වර්ග හැම දේම පිටරටින් ගෙන ඒමයි. සියලු නිෂ්පාදන බිඳවට්ටා, කාන්තාවන් රට යැවීම එකම විදේශ විනිමය මාර්ගය බවට පත් කර ගත්තා. කාන්තාවන් රට යැවීම ඩොලර් උල්පත බවට පත් කර ගත්තා. ඩොලර් හිඟ වෙන කොට තිබෙන ඒවා විකුණාගෙන, ඩොලර් ණයට ගත්තා. ආර්ථිකය කඩාවැටුණේ එහෙමයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ තත්වය අනෙක් පැත්ත හරවා ඩොලර් එළියට යන එක වළක්වා ඩොලර් ගලාගෙන ඒම වර්ධනය කර ගන්න ක්‍රියාමාර්ග ගන්නවා. 1977 පාර්ලිමේන්තුවට ඇවිත්, මේ රට හපයක් බවට පත් කර මේ දක්වා විවිධ ධුර දරමින්, ඔහු තවමත් රැඳී ඉන්නවා. මහින්ද රාජපක්‍ෂලා පාර්ලිමේන්තුවට ඇවිත්, අවුරුදු පණහකටත් වැඩියි. මේ රට හපයක් බවට පත් කරලා, පැරැණි ගෝත්‍රිකවාදී, අසාර්ථක රාජ්‍යයක් බවට පත් කර ගත් පාලකයන්ගෙන් මේ රට 21 වැනිදා නිදහස් කර ගන්නවා. ගෝඨාභය අසරණයා මේ රට අනාථ කර දැම්මා. ලැජ්ජාශීලීත්වයට පත් වුණේ 69 ලක්‍ෂයක් ජනතාවයි. 2015 රනිල් – මෛත්‍රී හයිබ්‍රිඩ් ආණ්ඩුවක් හදන්න ජනතාව ලක්‍ෂ ගණනින් ඡන්දය ලබා දී අසරණභාවයට පත් වුණා. මේ සියලු තත්වයන් වෙනස් කරන්න 2024 සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය ලබා දුන් බව දශක ගණනාවකට පස්සේ වුවත්, ආඩම්බරයෙන් කිව හැකි තත්වයකට මේ රට පරිවර්තනය කරනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය දශමයකින්වත් කඩ වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සියවස් ගණනක් මඟහැරුණු ජයග්‍රහණය ලබා ගන්න අත්නොහැර එක් වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කමිඳු මෙන්ඩිස්… පුදුම හිතවන පිතිකරු අදත් සීයක් ගහයි!

Next Post

අප්පිරියයි සජිත්… 360 වැඩසටහනට සජිත්ගේ නොපැමිණීම පැහැදිලි කරමින් දෙරණ විවෘත ලිපියක් ලියයි!.

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.