සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එල්.පී.එල්. මාර්ගෝපදේශ සූදානම්… තරග සංවිධානයට ශ්‍රී ලංකා ක්‍රිකට් සැරසෙයි…

by editor
නොවැම්බර් 9, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශක අලුතින් සකස් කරමින් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණද එය ලැබීම ප්‍රමාද වීමෙන් තරගාවලියේ සංවිධායකයන්  ගැටලුවකට මුහුණ දී ඇත.

ඒ අනූව මෙතෙක් අලුතින් සකස් කරන ලද මාර්ගෝපදේශක නොලැබීමෙන් තරගාවලිය ලබන 26 වැනිදා පැවැත්වීම සම්බන්ධවද ශ්‍රී ලංකා ක්‍රිකට් දෙගිඩියාවකින් පසුවේ. එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න   පවසා සිටියේ ‘  සෞඛ්‍ය මාර්ගෝපදේශක ලැබෙන තුරු ස්ථිර දිනයක් කියන්නත් බැහැ ක්‍රීඩකයන්ට පුහුණුවීම් කරන්න කියන්නත් බැහැ’ යනුවෙනි.

ඉකුත් බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපතිවරයා එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීම සම්බන්ධව එකඟතාව පළ කර තිබිණි.

මේ අතර එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශක ඊයේ (08 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපි තරගාවලිය පවත්වන්න අවශ්‍ය මාර්ගෝපදේශක ඉක්මනින්ම ලබාදුන්නා. නමුත් එතන තිබුණු කරුණු කිහිපයක් සංශෝධනය කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ඉල්ලීම නිසා තමයි ආයෙත් එකක් හදන්න වුණේ. ලේකම්වරයා ඊයෙ (08) ඒක ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලැබීමට සැලැස්සුවා.” යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන එල්.පී.එල්. තරගාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට සිදුව ඇත්තේ නිරෝධාන කාල සීමාව පමණි. තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන් දින 14 ක නිරෝධාන ක්‍රියාවලියකට යටත් වීමට අකමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ් 19 කමිටුව අතර පැවැති සාකච්ඡාවේදී එය දින හත දක්වා ලඝු විය. ඒ අනුව ක්‍රීඩකයන්ට දින හතක්ද අනෙකුත් සාමාජිකයන්ට දින 14 ක් වශයෙන් අදාළ මාර්ගෝපදේශන සංශෝධනය වීමට සිදුව ඇත.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට දින හතකට එකඟ වූ මාර්ගෝපදේශක යළිත් දින 14 දක්වා සඳහන් වීම සහ යළිත් දින 10 දක්වා සඳහන් වීමෙන් අදාළ ප්‍රමාදයන් සිදුව තිබේ.  කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ සියලුම තරග සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවර යාත්‍රා 121ක් වෙන්දේසි කරන්න…නැතිනම් විනාශ කරන්න.. අධිකරණය නියොග කරයි.

Next Post

කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.