අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එල්.පී.එල් තරගාවලියේ පූර්ණ මෙහෙයුම් කටයුතු ඩුබායි සමාගමකට පැවරේ…

by editor
අගෝස්තු 8, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

 සදෙව් රත්නායක –

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන  ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( එල්.පී.එල්.) තරගාවලියේ සියළු මෙහෙයුම් කටයුතු ඩුබායි හි ක්‍රියාත්මක වන ඉන්දීය සමාගමක් වන අයි.පී.ජී. ක්‍රීඩා ප්‍රවර්ධන සමාගමට පවරා තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 2ක වාර්ෂික මුදලකට වසර 5ක කාලයක් සඳහා එල්.පී.එල්. තරගාවලිය එම සමාගමට පැවැරීමේ ගිවිසුම්ප්‍රකාරව ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබන්නේ ක්‍රීඩාංගණ හා විනිසුරුවන් මෙහෙයවීමේ කටයුතු පමණි.  තරගාවලියේ රූපාවාහිනි  විකාශන අයිතිය, ක්‍රීඩකයන් තේරීම,  කණ්ඩායම් අයිතිය,  ඇතුළු සියලු වානිජ කටයුතු අයි.පී.ජී. සමාගමට  පැවරී තිබේ.

එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩකයන් 223කගෙන් සමන්විත ලැයිස්තුවක් සකස් වී තිබේ. තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති විදෙස් ක්‍රීඩකයන් 93ක් සහ ක්‍රිකට් ආයතනය විසින් සංචිත ගත කරනු ලැබූ දේශීය ක්‍රීඩකයන් 130ක් ඒ අතර වෙති.

කණ්ඩායම් 5ක් තරග වදින එල්.පී.එල්. තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් 30 දෙනකු සමග දේශීය ක්‍රීඩකයන් 45ක් තෝරා ගැනීමට නියමිත වන්නේ එම ලැයිස්තුව අතරිනි. කොළඹ, ගාල්ල, දඹුල්ල, මහනුවර සහ යාපනය කණ්ඩායම් නියෝජනය කරමින් එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු බැගින් එක්වන අතර දේශීය ක්‍රීඩකයන් 70ක් තෝරා ගැනෙන්නේ එක් කණ්ඩායමකට 14 දෙනකු බැගින් ය. ඊට යොවුන් ක්‍රීඩකයකු ද ඇතුළත් වනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත්, මේ මස 28 වැනිදා ආරම්භ කිරීමට නියමිත එල්.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූව ද,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැත. මේ පිළිබඳ පැවැති සාකච්ඡාවකින් පසු තරගාවලිය පැවැත්වීමේ හැකියාව සොයා බැලීමට ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය වන පරිදි කමිටුවක් පත් කර ඇත. එහි වාර්තාව දින 7ක් ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවත්, අනතුරුව රජයේ අනුමැතිය ලබාගැනිමට කටයුතු කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.

කොවිඩ් සෞඛ්‍ය නීතිරීති අනුව විදෙස් රටවලින් පැමිණෙන සංචාරකයන් දින 14 කාලයක් නිරෝධායනය විය යුතු බැවින් තරගාවලියට සහභාගි වන විදෙස් ක්‍රීඩකයන් මේ මස 12 හෝ ඊට පෙර ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොස්ගොඩ තාරකට ගිනිඅවි සැපයූ මේජර්වරයකු ඇතුළු හමුදාවේ හතරක් අත්අඩංගුවට

Next Post

ඉදිරි ලෝක කුසලාන තරගාවලි 03ක අයි.සී.සී. සැලසුම් සාකච්ඡාවට

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.