දැනට බන්ධනාගාරගත ව සිටින කොස්ගොඩ තාරක නැමැති පාතාල අපරාධකරුවා වෙත ගිනි අවි සපයන ලද බව පැවසෙන යුධ හමුදා මේජර්වරයකු ඇතුළු සිව් දෙනකු සහ පොලිස් නිලධාරියකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ලංකාසර ට වාර්තා වේ.
මෙසේ සපයන ලද ගිනි අවිවලින් 20කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන ඇති අතර මේ පිළිබඳ ව තවදුරටත් විමර්ශණය කිසිදු කෙරෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග අනාවරණය කළේය.
දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී නැමැති අපරාධකරුවන් පසුගියදා එම බන්ධනාගාරයට ගිය බන්ධනාගාර කොමසාරිස්වරුන්ටද මරණීය තර්ජන එල්ල කළ අතර ඔවුන් ජනාධිපතිවරයාට පවා අභියෝග කොට පවසා ඇත්තේ තමන්ට රට සැම තැනකම තකමාගේ මිනිසුන් සහ අවි ආයුධ පවතින බවය.
මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම කණ්ඩායමක් විසින් සිදු කරන අතර මෙම ගිනි අවි වැටලීම් සම්බන්ධයෙන් තවත් අපරාධ පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශණ ආරම්භ කර ඇත.
මෙම අවි ආයුධ දඹුල්ල ප්‍රදේශයේ ස්ථානයක සිට කොළඹට ප්‍රවාහනය කළවබවට තොරතුරු ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දොප්ර්තමේන්තු නිලධාරීන් මේ සම්බන්ධ තොරතුරු යුද හමුදා පොලිසිය වෙත දැන්වීමෙන් පසු ඔවුන් විසින් මෙම හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
මේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව මෙම ආරංචි මාර්ග අනාවරණය කළේය.