සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියාවේ පැමිණීම ස්ථිර නෑ

by Lanka Sara Editor
ජූනි 10, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සමග එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට  මෙම ජුනි මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු කණ්ඩායමට අදාල තරගාවලියට  සහභාගි වීම සම්බන්ධව තීන්දුවක් ගැනීමට තවත් කෙටි කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.
මෙම ජුනි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තවත් සතියක් හෝ දෙකකින් කල් දැමීමට සිදුවුවද තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ධනාත්මකව සිටින බව ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසීය.
“ඉන්දියාව එන එක ගැන තවම ස්ථිර කරන්න බැහැ. ඒ අයත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. තවම ඉන්දියාව මේ තරගාවලිය කල්දාලා නැහැ. ඒ අය එන එක ගැන ස්ථිර තීන්දුවක් ගන්න තවත සතියක් වගේ  කල් ඉල්ලලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාව එයි කියලා. නමුත් තවම ඒ ගැන හරියටම කියන්න බැහැ.”
ඉන්දියානු කණ්ඩායම එක්දින තරග තුනට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔවුන්ට මේ දිනවල ඇති ලොකු අර්බුදය වන්නේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් එක්ව පුහුණු ව ආරම්භ කිරීමට හැකියාවක් නොමැති වීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගි ජුනි 01 වැනිදා සිට 13 දෙනෙකුගෙන් සමන්විත කඳවුරක් දින 12 ක නේවාසික පුහුණුවක් ආරම්භ කළ අතර අනෙක් පිරිස ලබන 13 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඉකුත් මාර්තු මසදී එංගලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලියද පුහුණු තරගවලට පමණක් සීමා වූ අතර ඔවුන් කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය කල්දමා යළිත් සිය රට බලා පිටත් විය.
නමුත් එම තරගාවලිය ලබන ජනවාරි මස පැවැත්වීමට  දෙරටේ ක්‍රිකට් ආයතනය තීන්දුකර තිබේ.
කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායම මෙම මස හෝ ලබන මසදී ශ්‍රී ලංකාවට නොපැමිණියහොත් මූල්‍යමය අතින් ශ්‍රී ලංකාවට ගැටලුවක් නොවන බව ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා පෙන්වා දෙයි.
“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන තරගාවලිය අයි.සී.සී. දින දර්ශනයේ තියෙන එකක්. ඒ තරගාවලිය 2023 දක්වා වලංගුයි. යම් හෙයකින් මේ පාර ගහන්න බැරි වුණොත් ඉදිරි කාලයේදී ඔවුන් අනිවාර්්‍යයෙන්ම මෙහි එනවා. කොහොම වුණත්  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති සහ අපේ රජයේ නීති රීති මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති අනූව තමයි අපි තරගාවලිය පවත්වන්නේ. ඉන්දියානු කණ්ඩායම තරගාවලියට පෙර දින 14 කට කලින් පැමිණ නිරෝධායනය විය යුතුයි. ඒ කාලයේදී ඔවුන්ට පුහුණුවීම් කරන්න පුළුවන්. හැබැයි එකම ක්‍රීඩාංගණයක තමයි ඔවුන්ට ඒ කටයුතු කරන් වෙන්නෙ.”
කොරෝනා වසංගතය ඉන්දියාවේ ශීග්‍රයේ ව්‍යාප්ත වීමත් සමග එරට විවිධ ප්‍රාන්තවල සිටින ක්‍රීඩකයන් එක් රොක් කර ගැනීම දුෂ්කර කර්තව්‍යයක් බව ඉන්දියානු ක්‍රිකට් ආයතනය පවසයි.
කෙසේ වෙතත් ඔවුන් මෙම මස අවසන් වීමට පෙර කණ්ඩාම් පුහුණුව ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේ.
“ජුනි මස අග වන විට අපට යමක් දැන ගැනීමට හැකි වනු ඇති. ක්‍රීඩකයන් යළිත් පිටියට පිවිසීමට බලා ඉන්නවා. දැන් ක්‍රීඩාව නැවතිලා ගොඩක් කල් ගතවෙලා. නමුත් මේ වන විට අපි නැවත එය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීමට එකතු වෙලා කටයුතු කරනවා.”යයි  ඉන්දියානු ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව් දෙලක්ෂ පනස් දහසක (250,000) ඉක්මවා ගොස් ඇති අතර ඒ අතරින් මරණ 7000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
එම තත්ත්වය හේතුවෙන් ඉන්දියානු  ක්‍රිකට් ක්‍රීඩකයන්ව එක්කිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනයට නොහැකිව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Share77Tweet43
Previous Post

අයි.සී.සී. ලොක්කන් අද විශේෂ තීන්දු දෙකක් ගැනීමට සැරසෙති

Next Post

රාජිතට ඇප

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.