රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ඇප මත මුදාහැර තිබේ.
ඒ ලක්ෂ 05 බැගින් වු පුද්ගලික ඇප දෙකක් මතය.
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 2 විසින් අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය කර ඇත.
මීට අදාළ නඩුව ලබන 26 වැනිදා යළි කැඳවා තිබේ.
රාජිත සේනාරත්න මහතා අද දිනද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.