සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අසල්වැසියාගේ විපත… ආතල් නම් ගන්න එපා….

by editor
ඔක්තෝබර් 17, 2024 - Updated on ඔක්තෝබර් 18, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉන්දියාව බලාපොරොත්තු රහිත විපතකය. කිං කෝලිලා කුජීත වී ඇත.

නවසීලන්තය සහ ඉන්දියාව අතර බැංගලෝර්හි දී ඊයේ (6) ආරම්භ වූ ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූයේ අදය. ඊයේ බැංගලෝරයට ඇදහැලුන ධාරානිපාත වරුසාව නිසා තරගයේ එක පන්දුවක්වත් යැව්වේ නැත.

දිනයක් අත්හැරුණ තගරය ප්‍රායෝගිකව ආරම්භ වූයේ අදය. මළ කෙළියක්ය. පළමු ඉනිමේ ඉන්දියාව ඉතිහාසගත විලිලජ්ජාවට සිය ප්‍රේක්ෂකයන් ඉදිරියේම ලක්වුනේය.

කාසියේ වාසිය ලැබුවේ ඉන්දියානු කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ. එහෙම තේරීමක් ඉන්දියා ඉතිහාසයේ කවුරුත් තෝරා නැති බව නම් සහතිකය. පිතිකරණය ආරම්භ කළේ ශෂස්වි ජයිස්වාල් සහ රෝහිත් ෂර්මාය. ලකුණු 09 දී ෂර්මා ටිම් සවුතිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන්නේය.

ඉන් පසුව කිං කෝලිය. කෝලි ලකුණු නොලබා දැවී යන්නේය. ඒ් විලියම් ඔ්රුක් ගේ පන්දුවකට ග්ලෙන් පිලිප්ස් අතට උඩ පන්දුවක් ලබා දීමෙනි. දෙවැනි කඩුල්ලත් ලකුණු 09 දී බිඳෙන්නේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

තුන්වැනි කඩුල්ල ලෙස සෆ්රස් ඛාන් ලකුණු නොලබා මැට් හෙන්ඩ්‍රි හමුවේ දැවී යන විට මුලු ලකුණු ගණන 10කි. ඉන් අනතුරුව ලකුණු 21ක තරගයේ ඉනිමේ හොඳම සම්බන්ධතාවය ගොඩනැගෙන්නේය. ඒ් ජයිස්වාල් සහ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අතරය. 4 වැනි කඩුල්ල ලෙස ජයිස්වාල් දැවී යන්නේ ලකුණු 31 දී ය.

ඉන් පසු ලකුනු 15ක් තුළ ඉන්දීය කණ්ඩායම දැවී යන්නේය. කේ.ඒල් රාහුල් ලකුණු නැත. රවීන්ද්‍ර ජඩේජා ලකුණු නැත. රවිචන්ද්‍ර අශ්වින් ලකුණු නැත. කුල්දීප් යාදේව් ලකුණු 2කි. ජස්ප්‍රිට් බුම්රා ලකුණකි. මොහොමඩ් සිරාජ් නොදැවී ලකුනු 4කි. වැඩිම ලකුණු රිෂාබ් පාන්ට්ගෙනි. ලකුනු 20කි.

ඉන්දියාව ලකුනු 46කට තම මවු රටේ තමන්ගේම ප්‍රේක්ෂකයින් ඉදිරියේ දැවී ගොසිනි. මුහුණ දුන්නේ පන්දු ඔ්වර 31.2ක් පමණි.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි සිය ටෙස්ට් ජීවිතයේ හොඳම පන්දු යැවීම කලේය. ඔයු ලකුණු 15කට කඩුළු 05කි. වියිලම් ඔ්රූට් ලකුණු 22කට කඩලු 04කි. ටිම් සවුති ලකුණු 08කට කඩුල්ලකි.

ඉන්දියාව නිරුවත් වන්නේ මේ තණතීරුව තුළ නවසීලන්තය ඉන්දියාවට පහර දුන් ආකාරය දකින විටය. නවසීලන්ත අංක 2 ක්‍රීඩක ඩෙවොන් කොන්වේ ලකුණු 91කි. ඒ් පන්දු 105ක් තුළය. ඊට හතරේ පහර 11කි. හයේ පහර 3කි. ශතකය පෙනි පෙනී ඔහු දැවී ගියේය.

විල් යන්ග් ලකුණු 33කි. නායක ටොම් ලැතම් ලකුණු 15කි.

රචින් රවීන්ද්‍ර නොදැවී ලකුණු 22ක් සහ ඩැරිල් මිෂෙල් නොදැවී ලකුණු 14ක් සමග කඩුල්ලේය. නවසීලන්තය මුල් දිනය නිමා වනවට කඩුලු 03කට ලකුණු 180කි ඔවුන් දැනට ලකුණු 134ක් ඉදිරියෙනි.

අමතක නොකළ යුත්තේ මේ තරගාවලි පරාජයක් සමග ශ්‍රී ලංකාවෙන් ගිය නවසීලන්ත කණ්ඩායම බවය. ඉන්දියාව මේ වනවිට මහපොළොවට බැස සිටිනු දැකීම තරගයක් දිනුවා හා සමාන හැඟීමක් උපදවන්නේ මට පමණක් දැයි මම කල්පනා කරමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට නැවත ආර්ථික අගාධයකට ඇද නොවැටී බේරගන්න පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන්න… හිටපු ජනපති විශේෂ ප්‍රකාශයක් කර ඉල්ලයි!

Next Post

කොදෙව්වන් සමග විස්සයි 20 ක්‍රිකට් කෙළියේ මුල්ම තරගාවලි ජයග්‍රහණ සමග ඉතිහාස ගතවුන දවසක්…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.