බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ව්‍යාපාරයේ දොර යලි අරින්න කලින් සිතට ගත යුතු කරුණු 10ක්

by editor
මැයි 15, 2020 - Updated on මැයි 17, 2020
in ව්‍යාපාර
lankasara-open
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය හේතුවෙන් තම තම ව්‍යාපාර සහ රැකියා පුරා සති හයකට වැඩි කාලයක් තිබුණේ දොරගුළු දමා ය.  ශ්‍රි ලංකාවේ කොලඹ සහ ගම්පහ හැර සියලු දිස්ත්‍රික්ක මේ සතියේ ගත කරන්නේ යළි  සාමාන්‍ය ජීවිතයට ප්‍රවිෂ්ඨ වීමේ පළමු දින කිහිපයයමෙන් කොවිඩ් වසංගයේ පශ්චාත් නව සාමාන්‍ය ත්තත්වයට පත් වෙමින් තිබේ. කවර අනතුරකදී ආපදාවකදී මෙන්ම මෙම ආපදාවේදිත් වැඩියෙන් අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිසුන්ය. වයාපාර සම්බන්ධයන් ගත් කලද මෙය පොදුයත වැඩිම පීඩනය එදිනෙදා අදායම සරි කර ගන්නා සුළු මට්ටමේ ව්‍යාපාරවලටත් ඊට පසු යම් ප්‍රමාණයකට සේවක සේවිකාවන් සේවය කරන මධ්‍යම මට්ටමේ ව්‍යාපාරවලටත් මෙම පීඩනය දැනෙයි.   ඔවුන්ගේ ආදායම් මාර්ග මුළුමනින්ම අවහිර වී ඇත. මෙම පසුබිමේ සිදුව ඇති තවත් අර්බුදයක් වන්නේ ඔවුන්ට ඇතැම් සේවක සේවිකාවන්ට මාසික වේතනයෙන් අඩක්වත් අවම ගෙවීමට අසීරු වීමය.  මෙවැනි ව්‍යාපාරිකයන්ට හැකි ඉක්මනින් යළි සුපුරුදු ව්‍යාපාර භූමිකාවට අවීර්ණ වීමට සිදුව ඇත.

එහිදී අපට අපගේ ව්‍යාපාර ආයතන ගනුදෙනුකරුවන්ට යළි විවෘත කිරීමේදී සෞඛ්‍යමය අභියෝගය සහ කලින් මට්ටමේ සරු ආදායමක්, හොඳ ගනුදෙනුකරුවන් පිරිසක් නොපැමිනීමේ අභියෝගයයි. කෙසේ වුවද අප මේ සියලු අවදානම් සහ අභියෝග මැද ඉදිරියට යා යුතුය. මේ ඉදිරියට යාමේදී අපේ ව්‍යාපාරය ක්‍රමයෙන් ආරම්භ කිරීම අතිශයින්ම වැදගත්ය. එහිදී මූලික වශයෙන් සැලකිය යුතු කරුණු පිළිබඳව මේ දිනවල ලෝකයේම සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර උපදේශකයෝ විවිධ කරුණු පෙන්වා දෙති. මේ අතර ප්‍රමුඛ වන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම අපේ ව්‍යවසායකයන්ටත් අතිශයින්ම වැදගත් වන්නේය.

කොවිඩ් 19 වසංගත පසුබිම ගැන හොඳින් දැනුම්වත් වෙන්න

ව්‍යාපාරය යළි විවෘත කිරීම්දී මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ සෞඛ්‍යාරක්ෂාවය. මුලින්ම එහිදි ව්‍යාපාරය පිහිටන ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය පිළි මට බඳව විමසිය යුතුය. ඒ ගැන මේ වනවිටත් යම් අවබෝධයක් ඇතුවාට සැකයක් නැත. මේ සම්බන්ධයෙන් තවදුරටත් යම් උපදෙසක් අවශ්‍ය නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් හෝ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගත හැකිය.

සෞඛ්‍ය ආරක්ෂාවේ මූලික කරුණු අනිවාර්යයෙන් පිලිපදින්න

මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් නියම කරන ලද මූලික පිළිවෙත් වන දෑත් සේදීම, ශාරීරික දුරස්ථ භාවය නියමිත පරිදි රැක ගැනීම අත්වලට නිතර හසුවන දොර හැඬල්, විදුලි සෝපාන ස්විච, අත් වැට, පුටු මේස පරිගණක යතුරු පුවරු වැනි දෑ නිතර නිතර විෂබීජ නාශක දියර , මද්‍යසාර යොදා පිරිසිදු කිරීම වැනි පිළිවෙත් අනුගමනය කළ යුතුය.සේවක සේවිකාවන් වැඩි පිරිසක් සිටීනම් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැනීමට කටයුතු කරන්න

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සේවක සේවිකාවන්ගේ නිවාඩු සහ වේලා සටහන් ප්‍රතිපත්තිය වෙනස් කරන්න

සේවක සේවිකාවන් සම්බන්ධයෙන් කලින් පැවැති නිවාඩු , පැමිණීමේ සහ පිටවීමේ වේලාවන් සම්බන්ධයෙන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

සෑම  සේවකයකු හෝ  සේවිකාවක සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමේ නිරීක්ෂණයක් තබා ගන්න

සෑම ව්‍යාාපාරයකම ව්‍යාපාරයේ හිමිකරුවන්, කළමනාකරුවන් හෝ මානව සම්පත් අංශ ප්‍රධානීන් තුළතම මන්ගේ සේවක සේවිකාවන්ගේ සහ ඔවුන් වෙසෙන ප්‍රෙද්ශයේ සේඛ්‍ය තත්තවය පසුබිම් තොරතුරු පිළිබඳව දැනුවත් වීම වැදගත්ය.  ඒ මන්ද යත් සෑම පුද්ගලයකුම එක වගේ නැත. සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැඩි සේ උනන්දු වන්නන් සේම කිසිදු සැලකිල්ලක් නොදක්වන්නන් සිටිය හැකිය. එබැවින් එක් එක් සේවකයා පදිංචි පරිසරයේ පසුබිම ඔහුගේ ඇවතුම් පැවතුම් වැනි කරුණු පිළිබඳව පවා අවධානය යොමු  කරමින් ඊට අදාළ පිලිවෙත්වලට පිවිසිය යුතුය.

සේවකයන්ගේ රැකියාව රැක දීමට හැකි සෑම දෙයක්ම කරන්න.

මෙය ලෝකයේම රැකියා අවදානමට ලක් ව ඇති කාලයකි. ඔවුන්ගේ ආදායම සීමා සහිතව හෝ රැක දීමට කළ හැකි සෑම දෙයක් ගැනම සිතීම වැදගත්ය.

හැකිතරම්  සේවකයන් දුරස්ථකරණය කරන්න  

සේවකයන් දුරස්ථකරණයද ලෝකයේම ක්‍රියාත්මක වන්නකි. විශේෂයෙන් නිවසේ සිට වැඩ කිරීමේ කාර්යය සඳහා යොමු වන පිරිස වැඩි වී ඇත. ඔබටද යම් සේවකයකු ව්‍යාපාර ස්ථානයට ගෙන්වා ගැනීම වෙනුවට ඔහුට හෝ ඇයට නිවසේ සිට අදාළ කටයුතු සිදු කර ගත හැකි වන පරිදි පසුබිම සැලසීම කළ හැකිය.

ගනුදෙනුකරුවන්ට සමීප විය හැකි අලුත් ක්‍රම ගැන සිතන්න

ආයතන විවෘත කළද පොදු ප්‍රවාහනයේ පවතින සීමා සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව ජනතාව තුළ පවතින අවධානය නිසා කලක් යන තෙක් ජනතාව සුපුරුදු රිද්මයට එලඹේ යයි අපේක්ෂා කළ නොහැකිය.  මේ නිසා ඔබටද ව්‍යාපාරයට පාරිභෝගිකයන් ගෙන්වනවා වෙනුවට ඔවුන් වෙත ආරක්ෂික අයුරිනි.  ගොස් අදාළ ව්‍යාපාරික ගනුදෙනුව සිදු කළ හැකි අවස්ථා තිබෙන්නට පුළුවන.

ගනුදෙනුකරුවන්ට දිය හැකි සහන ගැන නිර්මාණශිලී ව සිතන්න

ගනුදෙනුකරුවන් ගේ ආදායම් සීමා වීම,   ඔවුන්ට රැකියා අහිමි වීම නිසා ඔබට සිටි සුපුරුදු සක්‍රිය ගනුදෙනුකරුවන් අහිමි වී යාම අර්බුදයකි. ඔවුන් සම්බන්ධයෙන් හැකි තරම් සහනශීලී ප්‍රතිපත්තියක කටයුතු කිරීම අතිශයින්ම වැදගත්ය. එසේම මෙම අර්බුදකාරී අවස්ථාව තුළ යම් නිර්මාණශීලී ප්‍රවේශයකින් මම ගනුදෙනුකරුවන්ට සහය වීමේ අවස්ථාවක් සොයා ගත හැකිනම් එයද වැදගත්ය.

අලුත් ව්‍යාපාර අවස්ථා ගැන අවධානය යොමු කරන්න

කෙහොම කළත් අපට පසුගිය මාර්තු මාසයේ නැවැත්වූ තැනින් පටන් ගත නොහැකිය.

එහිදී ද තවත් බොහෝ දේවල් ඇත. ව්‍යාපාරය විසින් කුලියට බද්දට ලබාගෙන තිබෙන දේපළ පිළිබඳව යළි විමසිය යුතුය.ඒවාට ගෙවන ගාස්තු සම්බන්ධයෙන් සලකා බැලිම වැදගත් වන්නේ ඉදිරියේදී පෙර ආදායම  ම ඇතැම් ව්‍යාපාරවලට නොලැබීමේ ඉඩක් පවතින නිසාය. එහිදී අපට සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ තමන් යෙදුණු ව්‍යපාරය ඉදිරියේ එන පාරිභෝගික අවශ්‍යතා සමඟ ගැලපෙන්නක්ද යන්නය. ඇතැම් ව්‍යාපාර සම්බන්ධයෙන් සැලකීමේදී ඒවායේ ළඟපාත පැහැදිලි තත්ත්වයක් දකින්නට නැත. අපේ රටේ බැලුවහොත් සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වූ ව්‍යාපාරිකයන්ට ඉදිරි මාස කිහිපයේදිම ඵලදායී ලෙස තම ව්‍යාපාරවලට ආදායමක් පැමිණේ යයි අපේක්ෂා කළ නොහැකිය. එහෙත් අපට එවැනි ව්‍යාපාර සම්බන්ධයෙන් අලුතතෙන් සිතන්නට සිදුව තිබේ. ඒවා ප්‍රවර්ධනය කිරිමට අලුත් ක්‍රෙමා්පායයවලට යන්නට සිදුවෙයි.

සැවොම සමඟ සාකච්ඡා කරන්න

මේ සියල්ල ඔබට තනිව කළ නොහැකිය. මුලින්ම කළ යුත්තේ ඔබ ඔබගේ සේවකයන් ව්‍යාපාරයේ සමීපතයින් සමඟ සාකච්ඡා කිරීමය. එසේම ඔබේ තරඟකරුවන් කරන්නේ කුමක්ද යන්න සොය බැලීමය. එසේම රජයේ හෝ වානිජ මණ්ඩල ආදියෙන් ලබා දෙන සහය හෝ සේවා ගැන විමසිලිවන්ත වීමය. අවසානයේ කොරෝනා සමඟ ලෝකය , රට සහ රටේ ජනතාව ගමන් කරන්නේ කවර ආකාරනේද යන්න ගැන දැඩි සේ සැලකිලිමත් වීමය. ඒ අනුව ව්‍යාපාරය කෙමෙන් අවස්ථාවන්ට අනුකූලව විවෘත කිරීමය.

(ලෝකයේ සුළු සහ මධ්‍ය පරිමාණ  ව්‍යාපාර සම්බන්ධ වානිජ මණ්ඩල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මඟපෙන්වීම් මත සකසන ලද්දකි)

 

Share69Tweet43
Previous Post

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් තනියෙන් වැඩ…

Next Post

‍කුඩු කිලෝ 200 ගෙන්වූයේ කොරෝනා සමයේ බන්ධනාගාරයෙන් එළියට ගිය මහජාවාරමාද?

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.