අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි

by Lanka Sara Editor
අප්‍රේල් 24, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් යුතු XR Lab සහ High-Fidelity Simulation Lab පසුගියදා විවෘත කරන ලදී. මෙම විද්‍යාගාර අති නවීන Virtual Reality (VR), Augmented Reality (AR) සහ Mixed Reality (MR) යන තාක්ෂණයෙන් සමන්විත වේ. එම පහසුකම් ස්ථාපිත කිරීම තුළින් IIHS ආයතනය ඩිජිටල් අත්දැකීමක් සමඟ සිසුන්ගේ ඉගැනුම් කටයුතු වඩාත් පුළුල් කිරීමට ඔවුන් සතු කැපවීම යළි තහවුරු කර ඇත. මෙම විද්‍යාගාර පහසුකම් සමඟ සංකීර්ණ සිද්ධාන්ත සහ ක්‍රියාවලි පහසුවෙන් අධ්‍යයනය කරමින් වඩා යහපත් ඉගැනුම් අත්දැකීමක් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබෙන අතර එමඟින් හුදු නිරීක්ෂකයන් බවට පත් නොවී අධ්‍යාපන ක්‍රියාවලියේ ක්‍රියාශීලි කොටස්කරුවන් වීමට ඔවුන්ට අවස්ථාව ලැබීම සුවිශේෂ කරුණකි. මෙම විද්‍යාගාර තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමට අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතු ශල්‍යකර්ම සිදු කිරීම, සංකීර්ණ රෝග තත්ත්ව හඳුනා ගැනීම සහ හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම වැනි බොහෝ දෑ ඩිජිටල් තාක්ෂණය සහ නිසි පුහුණුව ලත් උපදේශකයන් යටතේ ඉගැනීම තුළින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ක්ෂේත්‍රයේ ඉහළටම යාමට සිසුන්ට හැකි වනු ඇත.

සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වවලට ගැළපෙන පරිදි සිද්ධාන්තමය දැනුම වෙනුවට ප්‍රයෝගික නිපුණතා වැඩි දියුණු කර ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ වැදගත්කම මැනවින් අවබෝධ කර ගෙන ඇති IIHS ආයතනය එම ඉලක්කය කරා ගමන් කිරීමේ අරමුණෙන් High-Fidelity Simulation Lab විවෘත කර ඇත. එය වෛද්‍ය පුහුණුවට නව ජීවයක් දෙන අති නවීන සිමියුලේටර් සමඟ ක්‍රියාත්මක වේ. එහි ඇති මිනිස් ශරීරයට සමාන mannequins අනුකරණය සහ යථාර්ථය අතර ඇති පරතරය අවම කරමින් වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ක්‍රියා පටිපාටි පුහුණු වීමට, තීරණාත්මක අවස්ථාවලදී තීරණ ගැනීමට සහ අවදානම් රහිත පරිසරයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව හඳුනා ගැනීමට සිසුන්ට අසමසම අවස්ථාවක් සපයයි. සිසුන්ගේ ඉගැනුම් අත්දැකීම් නව මානයක් කරා ගෙන යාමේ හැකියාවකින් හෙබි මෙම විද්‍යාගාරයේ ඇති ප්‍රධාන වාසියක් වන්නේ එදිනෙදා වෘත්තීය ජීවිතයේදී සිසුන්ට මුහුණ දීමට සිදු වන සංකීර්ණ සහ ඉහළ පීඩනයක් ඇති කරන ආකාරයේ තත්ත්ව ඒ තුළ ප්‍රතිනිර්මාණය කළ හැකි වීමයි. සැබෑ රෝගීන් අවධානමක හෙලීමෙන් තොරව ජීවිතාරක්ෂක ශල්‍යකර්මයක් සිදු කිරීම, හදිසි රෝග තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීම හෝ අර්බුදකාරී තත්ත්වයක් කළමනාකරණය කිරීම වැනි තත්ත්වවලට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුහුණුව ලැබීමට IIHS ආයතනයේ සිසුන්ට දැන් අවස්ථාව ඇත.

“පසුගියදා විවෘත කළ XR Hub සහ High-Fidelity Simulation Lab සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා. එය නව්‍යකරණය සහ පරිකල්පනය එකට හමු වන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ඉතින් අප සමඟ එකතු වෙලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීම සඳහා වන ගමන ආරම්භ කරන්න ඔබට පුළුවන්. මෙවැනි නවීන පහසුකම් සමඟ දැනුමින් පමණක් නොව ප්‍රයෝගික අත්දැකීම්වලින් සිසුන් සන්නද්ධ කරන්න අප ඇප කැප වී සිටිනවා. ඒ හරහා රෝහල්, සායන සහ ප්‍රජාව තුළ ධනාත්මක වෙනස්කම් බොහොමයක් ඇති කරන්න ඔවුන්ට හැකි වේවි.” IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

Prime Health Herbal Products සමාගම Golden Inmediens සම්මාන දිනයි

Next Post

ඉරාන ජනපති මත්තලින් ලංකාවට ගොඩබසී!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.