සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

by editor
ජූනි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය කිරීම සහ සනීපාරක්ෂක කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම මත පදනම්ව අවශ්‍ය භට පිරිස් සහ උපකරණ කඩිනමින් මුදාහරින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව වෙත උපදෙස් දී තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ  මෙය ජුනි 22 දින ජනාධිපති කාර්යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී එළඹි තීරණවලට අනුවය.

එම   තීරණවලට අනුව ඩෙංගු මර්ධනය සඳහා  ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් විශේෂ අධීක්ෂණ ඒකකයක් පිහිටුවීමට නියමිතය. ඊට සමගාමීව ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා හඳුනාගත් ග්‍රාම නිලධාරී වසම් 600 ක් ආවරණය වන පරිදි දැවැන්ත ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමටත්, මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන යනු ලබන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.

මීට පෙර ද ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම දැඩි බලපෑමක් එල්ල වූ මාතර දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වී ඇත.

මෙරට ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් සහගත මට්ටමකට ළඟා වෙමින් මේ වසරේ ගත වූ මාස හයකට ආසන්න කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 47,530 ක් වාර්තා වී ඇති අතර, වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ජුනි මාසයේ ගත වූ දින 22 තුළ පමණක් රෝගීන් 13,689 ක් වාර්තා වී ඇත. මෙම බරපතළ තත්ත්වය හමුවේ මදුරු මර්දන සහ සනීපාරක්ෂක කටයුතු කඩිනම් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසි ඉල්ලීම් කර තිබේ.

පසුගිය වසරේ (2025) මුළු වසර පුරාම වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 51,000 ක් පමණ වන අතර, මේ වසරේ මුල් භාගය තුළදීම එම සීමාවට ආසන්න වීම රටේ සෞඛ්‍ය පද්ධතියට දැඩි තර්ජනයක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාප්තිය

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 51.90 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දෙවැනි වටයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දකුණු පළාතෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සියයට 16.18 කි. මේ වන විට දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 112 ක් හඳුනාගෙන තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙසේය:

  • කොළඹ දිස්ත්‍රික්කය: 9,983

  • ගම්පහ දිස්ත්‍රික්කය: 8,809

  • මාතර දිස්ත්‍රික්කය: 3,446

පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් මදුරු ගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ස්ථාන, පාසල් හා කාර්යාල පරිශ්‍ර, නිවාස අවට නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ ජලය රැඳෙන බඳුන් අවට පරිසරයේ අතහැර දැමීම වෛරසය ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතු වී තිබේ.

මේ හේතුවෙන් ඩෙංගු මර්දනය සඳහා රජය සහ සෞඛ්‍ය අංශ දියත් කරන වැඩපිළිවෙළට සමගාමීව මහජනතාව ද දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව මෙසේය:

  • නිවාස, පාසල් සහ සේවා ස්ථාන අවට ජලය රැඳිය හැකි ටයර්, සෙල්ලම් බඩු, ප්ලාස්ටික් හා කැඩුණු බඳුන් වහාම ඉවත් කිරීම හෝ වසා දැමීම.

  • පානීය ජල ටැංකි සහ ජලය ගබඩා කරන බඳුන් සතියකට වරක්වත් පිරිසිදු කර ආරක්ෂිතව ආවරණය කිරීම.

  • මදුරු දෂ්ටනවලින් ආරක්ෂා වීම සඳහා මදුරු විකර්ෂක (repellents) භාවිතය සහ ශරීරය ආවරණය වන දිග අත් සහිත ඇඳුම් ඇඳීම.

  • උණ, දැඩි හිසරදය, ඇස් යට රිදුම් දීම, සන්ධි සහ වෛද්‍ය වේදනා වැනි රෝග ලක්ෂණ මතු වූ වහාම ස්වයං ප්‍රතිකාරවලින් වැළකී සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වීම.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Next Post

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.