සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ජපානය දෙවැනි කර  චීනය වාහන වෙළෙඳපල දික්විජය කළ හැටි…

by editor
ජනවාරි 3, 2026
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කපිල කුමාර හීනටියන –

  • පූර්ණ විද්‍යුත් වාහන ලෝක වෙළඳපල උත්තේජනය කළ තාවකාලික රැල්ලක් ද?…

චීනයේ  Nikkei China  වෙබ් අඩවිය යනු චීන වෙළෙඳපළ කෙරෙහි අවධානය යොමු කරමින් ජපන් ව්‍යාපාර ප්‍රමුඛ කරගත් ආසියානු ව්‍යාපාරික විචලනයන් සම්බන්ධව ගැඹුරු අවබෝධයක් ලබා දෙන අන්තර්ගතයන් සහිත ව්‍යාපාර වෙබ් අඩවියකි. එම වෙබ් අඩවිය  2025 දී චීන මෝටර් රථ නිෂ්පාදකයින් ජපාන නිෂ්පාදකයින්ට වඩා වැඩි වාහන ප්‍රමාණයක්  ගෝලීයව අලෙවි කරනු ඇතැයි පුරෝකථනය කර තිබිණි.

එම අවස්ථාව  වසර 20 කට වැඩි ජපන් ආධිපත්‍යයකින් පසු චීනය වාර්ෂික මෝටර් රථ අලෙවියෙන් ජපානය අභිබවා ගිය පළමු අවස්ථාව ලෙස සනිටුහන් වනු ඇති බව ද Nikkei China  වාර්තාව සඳහන් කළේය. ඔවුන් එම වාර්තාව ඉදිරිපත් කරන්නේ 2025 නොවැම්බර් දක්වා කර්මාන්ත දත්ත මත පදනම් වෙමිනි.

මේ වනවිට එම පුරෝකථනයන් යථාර්ථයක් වී ඇති අයුරු ලෝකයේ  වාහන වෙළෙඳපල දත්ත  තහවුරු කර තිබේ.  මෝටර් රථ නිෂ්පාදකයින්ගේ හෙළිදරව් කිරීම් සහ S&P Global Mobility හි දත්ත මත පදනම් වූ  ඇගයුම්වලට අනුව   2025 දී චීන මෝටර් රථ නිෂ්පාදකයින් ලොව පුරා වාහන මිලියන 27 ක් පමණ අලෙවි කර ඇතැයි අපේක්ෂිතය. එය 2024ට වඩා සියයට 17ක වැඩිවීමකි.  වාර්තාවලට අනුව  ජපන් මෝටර් රථ නිෂ්පාදකයින් සඳහා එම විකුණුම් අගය  ඒකක  මිලියන 25 ට අඩු අගයකි.  අලෙවි වූ   මුළු වාහන  සංඛ්‍යාවට මගී සහ වාණිජ වාහන දෙකම ඇතුළත් වේ. එය  චීනයේ  විකුණුම් සහ අපනයනයන් ද ආවරණය කරයි.

චීනයේ දේශීය වෙළඳපොළ තුළ  චීන මෝටර් රථවල අලෙවිය දළ වශයෙන් සියයට 70 කි.  මගී රථ අලෙවිය සියයට 60කි. රජයේ දිරිගැන්වීම්, නාගරික විදුලි වාහන භාවිතය සහ වාහන සඳහා ආකාර්ශනීය දේශීය මිලකරණය  මෙම දේශීව විකුනුම් ධාරිතාව පවත්වා ගැනීමට සහාය වන්නේය. බැටරි විදුලි වාහන සහ plug-in hybrid    මෝටර් රථ දැන් චීන ප්‍රදර්ශනාගාරවල ආධිපත්‍යය දරන අතර, එය ජපානයේ මන්දගාමී විද්‍යුත්කරණ වේගයට වඩා තියුණුය.  ලෙස වෙනස් ප්‍රවණතාවකි.

BYD සහ Geely

ලෝක වාහන වෙළෙඳපලේ  විශාල වෙනසක් ඇති කරනු ලැබුවේ චීනයේ නිශ්පාදිත  BYD සහ Geely  වාහන නිශ්පාදන ආයතන විසිනි.  කර්මාන්ත වාර්තා පෙන්වා දෙන්නේ 2025 දී BYD සහ Geely  වාහන අලෙවිය අතින්  ගෝලීය ඉහළම මෝටර් රථ නිෂ්පාදකයින් දස දෙනා අතරට පැමිණ ඇති බවය.  සැලකිය යුතු විදේශීය විකුණුම් වර්ධනයක් සමඟින් Chery චීනයේ විශාලතම අපනයනකරුවන්ගෙන් එකක් ලෙස වර්ධනයවන බවද එම වාර්තාවල දක්වා තිබිණි.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

2025 දී චීන වාහන අපනයනය අඛණ්ඩව වර්ධනය විය. ජපන් මෝටර් රථ නිෂ්පාදකයින් විසින් දිගු කලක් ආධිපත්‍යය දරන අග්නිදිග ආසියානු වෙළඳපොළවල්, චීන විකුණුම්වල සැලකිය යුතු වර්ධනයක් සලකුණු විය. නොවැම්බර් අවසන් වනවිට චීනයේ පුරෝකථනය වූයේ  එම වෙළෙඳපලවල  ආසන්න වශයෙන් වාහන 500,000 ක් අලෙවි වනු ඇති බවය.

යුරෝපයේ, චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ විකුණුම් ඒකක මිලියන 2.3 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරිනි.   පවතින ආනයන තීරුබදු නොතකා, අපනයන පරිමාවන්ට අමතර තීරුබදු එක්  නොවන plug-in hybrid  විදුලි වාහන  මාදිලි ඇතුළත් වීම මෙම ඉලක්ක ගත පුරෝකථනයන්ට හේතු විය.

නැගී එන වෙළඳපල විකුණුම් ද වැඩි වනු ඇතැයි පුරෝකථනයක් විය.    අප්‍රිකාවේ වාහන 230,000 ක් අලෙවි කිරීම ඉලක්කය විය.  එය වසරින් වසර සියයට 32 කින් ඉහළ යන අතර ලතින් ඇමරිකාව වාහන අලෙවිය 540,000 දක්වා ළඟා වනු ඇතැයි සැලකිනි.  එය සියයට 33 කින් ඉහළ ගිය වර්ධනයකි.

2018 දී ගෝලීය අලෙවිය මිලියන 30 කට ආසන්න වූ ජපන් මෝටර් රථ නිෂ්පාදකයින්, 2025 දී චීන පරිමාවට වඩා මඳක් අඩු මට්ටමක පවතිනු ඇතැයි  දැක්විනි.

ජපානයේ ප්‍රතිචාරය  

සිය වාහන වෙළෙඳපල වෙත චීනය විසින් එල්ල කළ දැවැන්ත අභියෝගයට  මුහුණ දීම සඳහා ජපානය ද උපාය මාර්ගික ප්‍රවේශයකට පිවිස ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.  ඉන් ප්‍රධානම ප්‍රවේශය හයිබ්‍රීඩ් තාක්ෂණය  තවදුරටත් ආරක්ෂා කිරීමය.

ජපානය සම්පූර්ණ විද්‍යුත් වාහන (BEV) වලට වඩා හයිබ්‍රිඩ් (HEV) සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (PHEV) වාහන කෙරෙහි තවමත් වැඩි අවධානයක් යොමු කර තිබේ. ඔවුන්ගේ පුරෝකථනයන්ට අනුව පූර්ණ විද්‍යුත්වාහන එක්වර මතුවන රැල්ලක මතුවීමකි.   ටොයෝටා (Toyota) වැනි සමාගම් පෙන්වා දෙන්නේ ලෝකයේ සෑම කලාපයකටම එකවර විද්‍යුත් වාහන සඳහා මාරුවිය නොහැකි බවය.  හයිබ්‍රිඩ් වාහන යනු වඩාත් ප්‍රායෝගික විසඳුමක් බවය. මේ හේතුවෙන් ජපානය සිය ගෝලීය වෙළෙඳපල කොටස රැක ගැනීමට මෙම තාක්ෂණය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඇත්තේය.

ඔවුන්ගේ දෙවැනි ප්‍රවේශය බැටරි තාක්ෂණය වැඩි දියුණු කිරීමය.  චීනයේ ලිතියම්-අයන බැටරි ආධිපත්‍යයට පිළියමක් ලෙස ජපානය Solid-state (ඝන තත්ත්වයේ) බැටරි නිපදවීමට විශාල වශයෙන් ආයෝජනය  කරමින් සිටින්නේය. මෙම බැටරි වේගයෙන් ආරෝපණය කළ හැකි අතර වැඩි දුරක් ධාවනය කිරීමට හැකියාව ලබා දීම සහතික කරන්නේය. ටොයෝටා සහ පැනසොනික් වැනි සමාගම් රජයේ සහාය ඇතිව 2027-2028 වන විට මෙම තාක්ෂණය වෙළෙඳපලට හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිති.

එමෙන්ම  දේශීය බැටරි නිෂ්පාදනය සඳහා රජයේ  දැවැන්ත ආධාර ප්‍රමාණයක් ලැබෙමින් තිබේ.  චීනය මත යැපීම අවම කිරීම සඳහා ජපාන රජය සිය දේශීය බැටරි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක සහනාධාර ලබා දෙමින් ඇත. 2024 සහ 2025 වසරවලදී ටොයෝටා, නිසාන් (Nissan) සහ සුබාරු (Subaru) වැනි සමාගම්වල බැටරි කර්මාන්තශාලා සඳහා මෙලෙස විශාල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ජපාන රජය කටයුතු කළේය.

අනෙක චීනය සිය දේශීය වෙළෙඳපල රැක ගන්නා ආකාරයෙන්ම  කුඩා විද්‍යුත් වාහන (Kei Cars) සිය දේශීය වෙළෙඳපල වෙනුවෙන් නිර්මාණය කිරීමට ද ජපානය පෙළඹී ඇත්තේය. එය සිදුවන්නේ  චීනයේ BYD වැනි සමාගම් ජපානයේ දේශීය වෙළෙඳපලටත්  අඩු මිලට විද්‍යුත් වාහන හඳුන්වා දීමට උත්සාහ කරන පසුබිමකය. මෙයට පිළියමක් ලෙස ජපානය සිය ජනප්‍රිය “Kei Cars” (කුඩා මෝටර් රථ) විද්‍යුත් සංස්කරණයන් ලෙස (උදා: Nissan Sakura, Honda N-ONE e:) අඩු මිලට හඳුන්වා දෙමින් දේශීය පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනිමේ ව්‍යාපාරයක් අරඹා තිබේ.

එමෙන්ම  ආයතන ලෙස සන්ධානගතව තාක්ෂණය සොයා යෑමට ජපානය සැලසුම් කර ඇත.  තනි තනිව තරග කිරීමට වඩා එකමුතුව වැඩ කිරීමේ අවශ්‍යතාව ජපාන සමාගම් විසින් හඳුනාගෙන තිබේ.     උදාහරණයක් ලෙස, හොන්ඩා සහ නිසාන් සමාගම් විද්‍යුත් වාහන මෘදුකාංග සහ උපාංග පොදුවේ නිපදවීමට ගිවිසුම් ගත වී ඇත්තේය.  අදහස නිෂ්පාදන පිරිවැය අඩු කර චීන වාහන සමඟ මිලෙන් තරග කිරීමය.

මේ තත්ත්වයන් පොදුවේ ලෝක වාහන වෙළෙඳපලේ මිල සහ තාක්ෂණික දියුණුව කෙරෙහි විශාල බලපෑමක් ඇති කර නව  පරිවර්තනීය අවධියක් දක්වා ගමන් කරනු ඇති බව සැබෑය. එහෙත් ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප ඒ ලෝක තාක්ෂණික පරිවර්තනයේ සැබෑ ඵලය ඒ ආකාරයෙන්ම භුක්ති විඳින්නේ කවදා දැයි අදහසක් නැත.  එය තවමත් අපට සිහිනයක් තරම් දුර බව පමණක් ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හමුවෙයි!

Next Post

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ඇමරිකානු ජාතික කණ්ඩායමට කැඳවයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.