අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සෑම පැයකටම රටේ ජනතාව කෝටි 25ක් ණය වෙන රටක්…  සුනිල් හඳුන්නෙත්ති.

by editor
මැයි 9, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

රට බරපතල ණය උගුලක සිරවී ඇති බවත්, සෑම පැයකටම රටේ ජනතාව කෝටි 25ක ණය කරුවන් වන ආකාරය 2020 මහබැංකු වාර්තාව   ඔප්පු කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) බත්තරමුල්ල  ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔහු එහි දී මෙසේ ද ප්‍රකාශ කළේය.

“රජයේ සමස්ත නොපියවූ ණය 2019දී බිලියන 14,155යි. 2020 වනවිට බිලියන 16,427ක් බවට පත්වෙලා. මධ්‍යම රජයේ ණය පමණක් බිලියන 15,000ක්. රජයේ අනෙකුත් ආයතනවල ණය සහ ඇපකරත් එක්ක බිලියන 16,427ක් වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත පමණක් බිලියන 2272කින් රටේ ණය පංගුව වැඩි කරලා තියෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

1948 ඉඳලා 2005 දක්වා දිගටම ගත් ණයවල එකතුව බිලියන 2226යි. ඛේදවාචකයේ තරම පැහැදිළි වෙන්නේ 2020දී පමණක් බිලියන 2272ක ණය ගැනීමෙන්. රටේ ජනතාව පැයකට රු. කෝටි 25ක් ණයකරුවන් බවට පත්කරන ආණ්ඩුවක් තියෙන්නේ.

රජයේ ආදායමට වඩා අවුරුද්දකදී ලබා ගන්නා ණය වැඩි වෙලා. ආණ්ඩුව විශාල වශයෙන් ණය අරගෙන තියෙන්නේ වානිජ බැංකුවලින්. රටේ නිෂ්පාදනය සඳහා යොදවන්න තිබෙන මුදල් ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව අරගෙන තිබෙන්නේ මොන සංවර්ධන උපායමාර්ගයක්ද? මහ බැංකු වාර්තාව 194වැනි පිටුවේ මේ බවට හොඳ උදාහරණයක් තියෙනවා. “

“ 2020 වසර තුළදී රජය වෙත සපයන ලද ශුද්ධ ණය රු. බිලියන 1752කින් ඉහළ ගියා. මහබැංකුව සහ වානිජ බැංකු පමණක් රජයට දී තිබෙන මුදල 2019දී බිලියන 2795ක්.   2020දී බිලියන 4548ක් අරන් තියෙනවා. බිලියන 1700කින් ශුද්ධ ප්‍රමාණයේ ණය වැඩිවෙලා තියෙන්නේ මේ විදිහට.

ඒකෙන් බිලියන 654ක්ම සල්ලි අච්චු ගහලා. රටේ ජනතාවට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන්න තියෙන මුදල් රජයේ කටයුතු සඳහා ලබාගෙන. දේශීය වශයෙන් ණය පංගුව වැඩිකරගන්න අතර විදේශ සංචිතයත් අඩුකරගෙන. විදේශ රටවල්, විදේශ ණය දෙන ආයතන අප රට සම්බන්ධයෙන් තීරණ ගන්නේ විදේශ සංචිත ප්‍රමාණය මත.

අපි බරපතළ ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව අපි දිගින් දිගටම අනතුරු ඇඟවූවා. විදේශ සංචිතය 2019දී ඩොලර් මිලියන 7642ක් තිබිලා 2020 අවසන් වනවිට ඩොලර් මිලියන 5674ක් දක්වා අඩුවෙලා. මේ අවුරුද්දේ ගෙවී ගිය මාස 04 තුළදී මේ තත්වය ඩොලර් බිලියන 04ක් දක්වා අඩුවෙලා.

ආණ්ඩුව ඉදිරි අවුරුද්ද සඳහා ඩොලර් බිලියන 6.9ක විදේශ ණය ගෙවන්න ඕනෑ. ලබන ජූලි මාසයේ 27වැනිදාට ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවන්න ඕනෑ. මේ ණය ගෙවන්නේ කොහොමද?

රට ඉතාම බරපතළ ආර්ථික ඛේදවාචකයකට ලක් කරලා තියනවා කියන්නෙ ඒකයි. ආණ්ඩුව ආර්ථිකය හදන්න හිතලවත් තියෙන බවක් අපිට පෙන්නේ නැහැ. ජනතාවත් එක්ක, නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක, කර්මාන්තත් එක්ක බද්ධවෙච්ච වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. මෙතෙක් කරගෙන ආ ආකාරයටම රටේ සම්පත් විකිණීමේ ගමන ඇරෙන්න වෙන මාර්ගයක් පෙන්වලා නැහැ. ඒ නිසයි පෝට් සිටිය සම්බන්ධ මාතෘකාව ඉස්සරහට අරගෙන තියෙන්නේ.

වානිජ බැංකුවල වත්කම් ආණ්ඩුවට ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් මේ රට ගොඩගන්න බැහැ කියන එක මේ මහ බැංකු වාර්තාවෙනුත් පැහැදිලි වෙනවා. අපි පහුගිය කාලයේම රටට ඉදිරිපත් කළ තොරතුරු මහ බැංකු වාර්තාවේ දත්තවලින් පවා තහවුරු කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිශීතකරණ නැති අඹන්පොල රෝහල් මෘතශරීරාගාරයේ ඊයේ උදේ සිට කොවිඩ් දේහයක්…

Next Post

පාලනය කරගත නොහැකි වුවහොත් මාස 04කින් ලංකාවේ කොවිඩ් මරණ 20000 පනී!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.