ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී

by Lanka Sara Editor
ඔක්තෝබර් 1, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

2025 ලෝක සංචාරක දින සැමරුම්  වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, SLTDA සභාපති බුද්ධික හේවාවසම්, SLITHM හා SLCB සභාපති ධීර හෙට්ටිආරච්චි, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ අධ්‍යක්ෂ – අන්තර්ජාතික සංවර්ධන සහ සහයෝගීතා – ජේමි මයාකි, ATEHM සභාපති නිහාල් මුහන්දිරම්, SLAITO උප සභාපති නිශාඩ් විජේතුංග සහ THASL සභාපති ශාන්තිකුමාර් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සැමරුම් වැඩසටහන පැවැත්විණි.

ATEHM සභාපති නිහාල් මුහන්දිරම් මහතා පිළිගැනීමේ කතාව කරමින් සංචාරක ක්ෂේත්‍රයේ නායකයන් බිහි කිරීමට කොළඹ විශ්ව විද්‍යාලය විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, ක්ෂේත්‍රයේ වර්ධනයට අධ්‍යාපනික හවුල්කාරිත්ව අත්‍යවශ්‍ය බවත් සඳහන් කළේය.

SLTDA සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ Travel Mart වැඩසටහන පසුගිය කාලය තුළ මෙරට සංචාරක කැලැන්ඩරයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් වූ බවයි. රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සහයෝගිතා ඇති කර ගන්නා අතර නව්‍යකරණය සහ තිරසාර කර්මාන්ත පුරුදු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරන ලෙස ඔහු අදාළ පිරිසෙන් ඉල්ලීමක් කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ සේවා ගුණාත්මකභාවය සහ අමුත්තන්ට සුවිශේෂ අත්දැකීමක් සැපයීම තුළින් ශ්‍රී ලාංකික සන්නාමය තවත් ශක්තිමත් කළ යුතු බවයි.

ජේමි මයාකි මහතා සඳහන් කළේ තිරසාර සංචාරක කර්මාන්තයට අදාළ දකුණු ආසියානු කළාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාවට පැහැදිලි හැකියාවක් ඇති බවයි. ගෝලීය හවුල්කාරිත්ව තුළින් නව වෙළෙඳපොළ අවස්ථා සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා උදා වනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් තරග කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වාභාවික සහ සංස්කෘතික සම්පත් විශාල රුකුලක් වන බවද ඔහු පැවසුවේය.

RelatedPosts

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ඩේවිඩ් පයින් මහතා ප්‍රධාන දේශනය සිදු කරමින් පැවසුවේ අධ්‍යාපනය, ක්‍රීඩා සහ සංස්කෘතික අංග හැරුණු විට නවසීලන්තය ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වන අවස්ථා අතරින් ප්‍රධානම අවස්ථාවක් ලෙස සංචාරක කර්මාන්තය හැඳින්විය හැකි බවයි. අනෙකුත් ක්ෂේත්‍ර අඛණ්ඩව සංවර්ධනය කරන අතර විදේශ විනිමය වැඩි වශයෙන් උපයා ගැනීමට නම් සංචාරක කර්මාන්තය නගා සිටුවීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය. එමෙන්ම ඉදිරි මාසවලදී මෙරටට පැමිණෙන නවසීලන්ත සංචාරකයින් සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේය. එය තිරසාරත්වය, ප්‍රජා සහභාගිත්වය සහ පරිසර ආරක්ෂණය ප්‍රවර්ධනය කරන මෙරට ජාතික සංචාරක ප්‍රතිපත්තිය සමග සමපාත වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ කුඩා පරිමාණයේ හෝටල්වල පටන් මහා පරිමාණ හෝටල් දක්වා ව්‍යාපෘති පිළිබඳව නවසීලන්ත ආයෝජකයන්ගෙන් ඇති ඉල්ලුමද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවයි. කර්මාන්තයේ අනාගතය උදෙසා කුසලතාවලින් හෙබි තරුණ පරපුරක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. එහිදී පුහුණු, පර්යේෂණ සහ ධාරිතා ගොඩ නැගීම සඳහා සහාය වන කොළඹ විශ්ව විද්‍යාලය සිදු කරන කාර්යභාරය අගය කිරීමට ලක් විය. තරුණ දරුවන් අතර සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳව ඇති උනන්දුව අගය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. මෑතකදී සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවක් පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආගන්තුක කළමනාකරණ ක්ෂේත්‍රයට අදාළ දැනුම ලැබීමේදී තරුණ පරපුර තුළින් දැකිය හැකි නිර්මාණශීලීභාවය සහ කැපවීම ප්‍රශංසනීය බවයි. ශ්‍රී ලංකා රජය සංචාරක ක්ෂේත්‍රය සහ අධ්‍යාපනික ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරමින් ධනාත්මක වෙනසක් ඇති කළ යුතු බවද ඔහු පැවැසුවේය.

SLAITO හිටපු සභාපති නිශාඩ් විජේතුංග සඳහන් කළේ ගෝලීය අභියෝග මධ්‍යයේ වුවත් අභ්‍යන්තර සංචාරක මෙහෙයුම් ක්ෂේත්‍රය විශාල ප්‍රගතියක් පෙන්වා ඇති බවයි. සේවා ගුණාත්මකභාවය රඳවා ගන්නා අතර නව තාක්ෂණය වැළඳ ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසුවේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ආයෝජන තුළින් සංචාරක කර්මාන්තයේ දියුණුවට දායක වීමට රජය නිරන්තරයෙන් කටයුතු කරන බවයි. තරුණ දරුවන් දහස් ගණනකට රැකියා නිර්මාණය කිරීමට එම ක්ෂේත්‍රයට හැකියාව තිබෙන බවත්, අධ්‍යාපනය සහ රැකියාව අතර ඇති සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. උත්සවයේ වැඩ කටයුතුවලින් අනතුරුව ආරාධිතයෝ  Colombo Travel Mart විවෘත කළහ. එයට සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන සමාගම් රැසක් සහභාගී වී සිටියේය.

 

Share69Tweet43
Previous Post

ජනපති යළි දිවයිනට!

Next Post

මුස්ලිම් ආගමික වත් පිළිවෙත් ගැන දුර්මත දුරු කිරීමට නාවලපිටියේ මුස්ලිම් තරුණයෝ  ප්‍රදර්ශනයක් සංවිධානය කරති…

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…
  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.