බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ලෝක අවධානය කොළඹට ! ලෝකයේ විශාලම නෞකාව 𝗘𝗩𝗘𝗥 𝗔𝗖𝗘 හෙට කොළඹ වරායට…

ලෝකයේ වරාය 825න් ඇය හැසිරවිය හැකි වරාය 24යි... ඉන්දියාවටත් බෑ... දකුණු ආසියාවටම කොළඹ විතරයි...

by editor
ඔක්තෝබර් 4, 2021
in ව්‍යාපාර
𝗘𝗩𝗘𝗥-𝗔𝗖𝗘  නෞකාව

𝗘𝗩𝗘𝗥-𝗔𝗖𝗘 නෞකාව

Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි –

කොළඹ වරාය (𝗣𝗼𝗿𝘁 𝗼𝗳 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 – 𝗟𝗞 𝗖𝗠𝗕) ගැන මේ දවස්වල ලෝකෙම කතා කරනවා. මේකට අති විශේෂ හේතුවක් තියනවා.

ලෝකයේ විශාලතම බහාලුම් නෞකාව ඒ කියන්නෙ 𝗘𝗩𝗘𝗥 𝗔𝗖𝗘 නෞකාව හෙට (ඔක්.5) කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි. මෙතන ඔබ නොදන්න කාරණය තමයි 𝗘𝗩𝗘𝗥 𝗔𝗖𝗘 නෞකාව හසුරුවන්න හැම වරායකටම පුලුවන්කමක් නෑ.

ලෝකෙ වරායවල් 825ක් අතුරින් 𝗘𝘃𝗲𝗿 𝗔𝗰𝗲 නෞකාව හසුරුවන්න පුලුවන් වරායවල් ලෝකෙටම තියෙන්නෙ 24ක් විතරයි. දකුණු ආසියාවට තියෙන්නෙ එකම වරායක් විතරයි. ඒ තමයි අපේ කොළඹ වරාය. ආඩම්බරයි නේද ?

ඉතින් අපේ වගේ කුහුඹු රටකට කොළඹ වරාය කියන්නෙම මොනතරම් යෝධ ආශිර්වාදයක්ද කියල දැන් තේරෙනවනෙ. ඒ නිසයි කොළඹ වරායට අවැඩක් වෙන සහ එය රටට අහිමි කරන්නට යන හැම අවස්ථාවකම, පවතින රජයට පවා එරෙහිව යමින් වරාය වෙනුවෙන් දැනුම්වත් මිනිස්සු පෙළගැහෙන්නෙ..𝗘𝗩𝗘𝗥-𝗔𝗖𝗘 නිකමට හිතන්න අපේ වරාය තව සංවර්ධන කරල ගත්තොත් ලංකාව සිංගප්පූරුවක් කරන මහ කජ්ජක්ද කියලා..

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

𝗘𝘃𝗲𝗿 𝗔𝗰𝗲 නෞකාව ගැන සරලව කිව්වොත් මීටර 400ක දිගකින් හා මීටර 61.5ක පළලකින් සමන්විත මේ නෞකාව දැනට ලෝකයේ තිබෙන විශාලතම බහාලුම් නෞකාව (Container Ship) ලෙසයි පිළිගැනෙන්නෙ. මෙහි වේගය පැයට නාවුක සැතපුම් 22.6ක් වන අතර ධාරිතාව TEU බහාලුම් 23,992ක්…

දකුණු කොරියාවේ විශාලතම නැව් නිෂ්පාදන සමාගමක් වන් 𝗦𝗮𝗺𝗦𝘂𝗻𝗴 𝗛𝗲𝗮𝘃𝘆 𝗜𝗻𝗱𝘂𝘀𝘁𝗿𝗶𝗲𝘀 සහ චීන සමූහාණ්ඩුවට අයත් රාජ්‍ය නැව් සංස්ථාවක් වන China State Shipbuilding Corporation විසින් මේ වසරේදී නිපැදවූ 𝗘𝘃𝗲𝗿 𝗔𝗰𝗲 නෞකාවේ අයිතිකරු වන්නේ තායිවානයේ නැව් සමාගමක් වන 𝗘𝘃𝗲𝗿𝗴𝗿𝗲𝗲𝗻 𝗠𝗮𝗿𝗶𝗻𝗲 ආයතනයයි.

ඇත්ත වශයෙන්ම 𝗘𝘃𝗲𝗿 𝗔𝗰𝗲 යනු Evergreen Marine ආයතනය සතුව ඇති 𝗘𝘃𝗲𝗿𝗴𝗿𝗲𝗲𝗻 𝗔 පංතියේ නෞකා 12න් විශාලතම නෞකාවයි. නෞකා 12න් හයක් චීන සමාගම විසින්ද හයක් කොරියානු සමාගම විසින්ද නිපදවා තිබෙනවා.

විශේෂම කාරණය මෙම නෞකා 12ම ලෝකයේ විශාලතම බහාලුම් නෞකා අතරට ගැනීමයි. එමෙන්ම 𝗘𝘃𝗲𝗿𝗴𝗿𝗲𝗲𝗻 𝗠𝗮𝗿𝗶𝗻𝗲 ආයතනය සතුව බහාලුම් නෞකා 150කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. ලෝ පුරාම බහාලුම් සේවය සපයන 𝗘𝘃𝗲𝗿𝗴𝗿𝗲𝗲𝗻 𝗠𝗮𝗿𝗶𝗻𝗲 ආයතනයේ වාර්ෂික මෙහෙයුම් ලාභය තායිවාන් ඩොලර් (NTD) බිලියන 170 ඉක්මවයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු නඩුව යළි නොවැම්බර් 23 කැඳවන්නට නියෝග කරයි!

Next Post

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරුන් කළු කොඩි ඔසවන තීන්දුවක!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.