නිශානි අත්තනායක –
-
මොළය මිය ගිය පුද්ගයෙකුගේ සිරුරකට බිහිසුණු රෝගවලින් පීඩා විඳින පුද්ගලයෙකුගේ හිසක් බද්ධ කර යළි ප්‍රකෘත්මත් ජීවිතයක් ලබා දීම මොනතරම් අපූරු ද?… තව වසර අටකින් මෙම සැත්කම් විධිය ලෝකයේ සුලභ විය හැකි බවට අනුමානයක්….
ලොව ප්‍රථමවරට AI සහ රොබෝ ශල්‍ය තාක්ෂණය යොදා ගනිමින් මිනිස් හිසක් මුළුමණින්ම බද්ධ කිරීමේ සාර්තථ ක්‍රමවේදයක් එළිදක්වා තිබේ. ස්නායු විද්‍යාව සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධව අනාගතවාදී පර්යේෂණ සිදුකරන එක්සත් ජනපදය පදනම් කරගත් BrainBridge, නමැති ආයතනය විසින් පරිත්‍යාගශීලියෙකුගේ සිරුරකට තෝරාගත් හිසක් බද්ධ කිරීමට ඉඩ සලසන මේ විස්මිත සංකල්පය ප්‍රකාශයට පත් කර ඇත.
මේ අනුව අංශභාගය , ඇල්සයිමර් සහ පාකින්සන් මෙන්ම සුව කළ නොහුකිව තීබූ ස්නායු විකෘතිතා සහ 4වැනි අදියරේ දරුණු පිළිකා,වැනි ප්‍රතිකාර කළ නොහැකි තත්වයන්ගෙන් ජිවිතාශාව අතහැර දමන්නට සිදුවන සුවහසක් රෝගයන්ගෙන් පෙළෙන රෝගීන්ට සුබදායක බලාපොරොත්තුවක් ඇතිකර ගන්නට අවස්ථාව උදා වි තිබේ.
මෙම බද්ධ කිරීමේ ක්‍රියා පටිපාටි සිදු කිරීම සඳහා උසස් රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය ඒකාබද්ධ කරගත් බවත් Elon Musk ගේ Neuralink මොළ චිපය බඳු මොළයේ පරිගණක අතුරුමුහුණත් (BCI) තාක්ෂණය, මෙන්ම රොබෝ සැත්කම් සහ ස්නායු විද්‍යාවේ ඉහළම තාක්ෂණය භාවිතාකරන බවත් ඔවුන් කියයි. මේ වන විටද පුළුල් විද්‍යාත්මක ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීණයන් බඳවා ගැනිමට සමාගම ක්‍රියාත්මක වී ඇත.
මෙම ක්‍රියාවලියේදි නව මොළයේ සෛල ක්ෂය වීම වැලැක්වීමට සහ නව සිරුර මගින් ප්‍රතික්ෂේප වීමේ බාධාවකින් තොරව ගැළපෙන බව සහතික කිරීමට උසස් අධිවේගී රොබෝ පද්ධති භාවිතා කරයි. ” සුෂුම්නාව, සහ ස්නායු මෙන්ම රුධිර වාහිනී නිවැරදිව නැවත සම්බන්ධ කිරීම පහසු කිරීම සඳහා මේ මුළු ක්‍රියා පටිපාටියම, තත්‍ය කාලීන අණුක මට්ටමේ රූප සහ AI ඇල්ගොරිතම මගින් මෙහෙයවනු ලැබේ. ,
.” මෙම ක්‍රියාවලියට සුව කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීම සඳහා භාවිත කරන සවිස්තරාත්මක පශ්චාත් ශල්‍ය සත්කාර කාලසටහනක් ද ඇතුළත් වනු ඇත.”
පූර්ණ ක්‍රියාකාරීත්වය සහ සෞන්දර්යාත්මක පෙනුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මුහුණ සහ හිස්කබල මුළුමණින්ම බද්ධ කිරීමටද ඔවුන්ට හැකි වනු ඇතැයි සමාගම පවසයි.
සම්පූර්ණ ශරීරයේ ක්‍රියා පටිපාටිය පාලනයට හැකි ලෙස විඥානය, මතකයන් සහ සංජානන හැකියාවන් ද සුරැකෙන පරිදි, මොළය මිය ගිය පරිත්‍යාගශීලි ශරීරයකට නිරෝගී නව හිසක් බද්ධ කිරීම, ඉදිරි වසර 8ක කාලය ඇතුළත සාර්තක සහ බහුලව භාවිතයට ගෙන ඒමට තරම් දියුනු කිරිමට ‘බ්රේන්බ්රිජ්’ බලාපොරොත්තු වෙයි.
ඔවුන් මෙම හිස බද්ධ කිරීමේ සංකල්පය විදහා දැක්වෙන මිනිත්තු අටකට වඩා දිගු සජීවිකරණ විස්මිත වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබුණි. එහිදි ස්වයංක්‍රීය ශල්‍ය රොබෝවරු දෙදෙනෙක් එකවර සිරුරු දෙකක් මත ශල්‍යකර්ම සිදු කරමින් හිසක් තවත් සිරුරකට බද්ධකරන අයුරු දක්වා ඇත.
මෙම වීඩියෝව ලොව පුරා මිලියන 4.2 කට අධික ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගන තිබේ.දැන් මෙම ක්‍රමය පිලිබඳ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ලොව පුරා විද්වතුන් අතර මතුව තිබේ. පහත ඇත්තේ ඒ වීඩියෝව ය.