නිශානි අත්තනායක-
රතු ග්‍රහයා හෙවත් අඟහරු ග්‍රහයාගේ මතුපිට ඇති අබිරහස් සිදුරක් සොයා ගැනිමට නාසා විද්‍යාඥයින් සමත්ව තිබේ. නමුත් මේ සිදුර අභ්‍යන්තරයේ ඇති දේ ගැන විද්‍යාඥයින්ට තවම නිසි අවබෝධයක් නැත.
අඟහරු මත ඇති මෙම සිදුර විශාල භූගත ගුහාවකට මඟ පාදයිද?යන්න, දැන් පරීක්ෂා කරමින් සිටියි. මෙවැනි ලාවා ගුහා ගැන විද්‍යාඥයින් ගේ අවධානය ඉහළ ගොස් ඇත්තේ ඒ භුගත ගුහා අනාගත අඟහරුවාසි මිනිස් ජනපද සදහා සුදුසු බිම් ප්‍රදේශ ලෙස සැලකෙන නිසාය.
![](http://lankasara.com/wp-content/uploads/2024/05/The-mysterious-hole-in-Arsia-Mons.jpeg)
අඟහරු ග්‍රහයා වෙත පැමිණෙන මිනිසුන් නිතර පීඩාවට පත් කරන දැඩි විකිරණ, ක්ෂනික උෂ්ණත්ව වෙනස්වීම් සහ දූවිලි කුණාටු වලින් ආරක්ෂා වීමට මෙබඳු භුගත ලාවා ආගාර කදිමය.නව අබිරහස් සිදුර වැඩි අවධානයක් දිනා ඇත්තේ ඒ නිසාය.
අඟහරු ගිනිකඳු එකතුවක් වන Arsia Mons හි පවතින මෙම අද්භූත සිදුර, නාසා හි NASA’s Mars Reconnaissance Orbiter නමැති අඟහරු ඔත්තු බැලීමේ කක්ෂ ගත යානයේ HiRISE කැමරාවට හසු ව ඇත. සිදුරේ වළ හරහට මීටර කිහිපයක් දිග ය. නමුත් එය කොපමන ගැඹුරුද යන්න සොයාගන නැත.
Arsia Mons යනු අඟහරු ග්‍රහලෝකයේ සමකයට ආසන්නයේ ඇති ගිනිකඳු තුනකින් සෑදුනු තර්සිස් උස්බිමේ (සාමූහිකව තාර්සිස් මොන්ටෙස් ලෙස හැඳින්වේ) දකුණු කෙළවරයි. එහි උතුරින් Pavonis Mons ගිනිකන්ද වන අතර ඊට උතුරින් Ascraeus Mons වේ. සෞරග්‍රහ මණ්ඩලයේ උසම ගිනි කන්ද වන ඔලිම්පස් මොන්ස් එහි වයඹ දෙසින් පිහිටා ඇත.