බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන නැවක් ඇමරිකානු අත් අඩංගුවට… සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් ඉරානයත් ගේමට… ලෝකය තිගැස්සි සිටින හැටි කියවන්න….

by editor
අප්‍රේල් 20, 2026
in පුවත්
M/V-Touska

ඉරාන ධජය සහිත එම්/වී M/V Touska භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඇමරිකානු නාවික හමුදා අත් අඩංගුවට ගැනිමට මොහොතකට පෙර...

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින තාවකාලික සටන් විරාමය බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ. මේ වනවිට ඉරානයට පනවා ඇති නාවික අවහිර කිරීම් නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්වන   ‘Touska’   ඇමරිකානු හමුදා භාරයට ගෙන ඇත.

ඉරානයේ හමුදා අණදෙන නිලධාරි කටම් අල්-අන්බියා අද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කීවේ ඇමරිකාව   සති දෙකක සටන් විරාමය කඩ කළ බවය.   මෙම සිදුවීමත් සමඟ ඉරානය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති අතර, කලාපය තුළ ස්ථිර සාමය උදාවීම පිළිබඳ බලාපොරොත්තුව යළිත් බිහිසුණු ලෙස බිඳ වැටී ඇති අයුරු දකිමු.

ලබන අඟහරුවාදා සටන් විරාමය අවසන් වීමට පෙර දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීමට ඇමරිකාව බලාපොරොත්තුවෙන් සිටියද, ඉරානය එම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව දැන් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. ඇමරිකාව දිගින් දිගටම ඉරාන වරායන් අවහිර කරමින් සිටින අතර, ඉරානය ද ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය වරින් වර වසා දැමීමට පියවර ගෙන තිබේ.

HORMUZ
2026 අප්‍රේල් 18 වන දින ඕමානයේ මුසන්දම් වෙරළට ඔබ්බෙන් වූ හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් සහ ටැංකි.

‘Touska’   නෞකාව අත්අඩංගුවට ගැනීම සහ ප්‍රතිචාර

පසුගිය අප්‍රේල් 13 වැනිදා ඇමරිකාව විසින් ඉරාන වරායන් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ඉලක්ක කර ගනිමින් ප්‍රකාශයට පත් කළ නාවික අවහිරයෙන් පසු සිදු වූ ප්‍රධානතම සිද්ධිය ලෙස ‘Touska’   නෞකාව අත් අඩංගුවට ගැනීම වාර්තා වේ. චීනයේ සිට ඉරානයේ බන්ඩර් අබ්බාස් වරාය බලා යාත්‍රා කරමින් තිබූ ‘Touska’ (ටවුස්කා) නමැති වාණිජ නෞකාව උතුරු අරාබි සාගරයේදී මෙලෙස ඇමරිකානු නාවික හමුදා විසින් තම අත් අඩංගුවට ගත්තේය.

ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) තහවුරු කරන පරිදි, මෙම මෙහෙයුම සඳහා ‘USS Spruance’ (DDG 111) නමැති යුද  නෞකාව යොදවා තිබේ. පැය හයකට අධික කාලයක් නෞකාවේ කාර්ය මණ්ඩලයට එන්ජින් කාමරයෙන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් ලබා දී ඇති අතර, ඒවා නොතකා හැරීම හේතුවෙන් ඇමරිකානු හමුදාව එන්ජින් කාමරය ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කර නෞකාව අක්‍රිය කර තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අනතුරුව ඇමරිකානු මැරීන් භටයින් නෞකාවට ඇතුළු වී එහි පාලනය සම්පූර්ණයෙන්ම තමන් සතු කරගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව නැවත සිය  Truth Social  ගිනුම හරහා කතා කර ඇත.  ඔහු කියන්නේ  නෞකාව සහ එහි ඇති භාණ්ඩ දැන් සිය භාරයේ පවතින බවය. නෞකාව නතර කිරීම සඳහා එහි එන්ජින් කාමරයට හානි කිරීමට සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ අතර ඉරානයේ ‘Khatam al-Anbiya’ ඒකාබද්ධ හමුදා විධානය මෙම සිදුවීම අන්තර්ජාතික නාවික නීති උල්ලංඝනය කිරීමක් සහ “සන්නද්ධ කොල්ලකෑමක්” ලෙස දැඩි ලෙස දුටුවේය. මෙම ක්‍රියාවට එරෙහිව ඉරානය ඉතා ඉක්මනින් යුධමය ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන හමුදා ප්‍රකාශකයා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කරනු ලැබුවේය.

මෙම පුවතත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. දැන් බ්‍රෙන්ට්  බොරතෙල් බැරලයක මිල    ඩොලර් 96.85 දක්වා ඉහළ ගොස්ය. ගෝලීය බලශක්ති වෙළඳපොළේ අස්ථාවරත්වය තවත් ඉහළ යාමේ අවදානමක් නිර්මාණය වී ඇත.  කොටස් වෙළඳපොළවල් ද යම් අස්ථාවර භාවයක් ගොඩනැගී තිබේ.  ලෝක ආර්ථිකය දෙදරුම් කමින් ඇත.

ඉරානය සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම

මේ අතර  ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව ඉරානය ඊයේ (අප්‍රේල් 19) නිල වශයෙන් තහවුරු කළේය. ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA හරහා නිකුත් කළ නිල ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර් වාර්තා  කළේ  ඇමරිකාවේ “අධික ඉල්ලීම්, ස්ථාවරත්වයක් නොමැති ප්‍රතිපත්ති සහ දැනට පනවා ඇති නාවික අවහිරතා” හමුවේ එවැනි සාකච්ඡාවකට වාඩි වීම පලක් නොමැති ක්‍රියාවක් බවය.

විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පාකිස්තානය වෙත තම නියෝජිත පිරිස එවීමට සූදානම් බව ප්‍රකාශ කිරීමට පැය කිහිපයකට පෙර ඉරානය මෙම දැඩි තීරණය නිවේදනය කිරීම විශේෂත්වයකි.

මෙම තීරණය ජනාධිපති ට්‍රම්ප් විසින් ක්‍රියාවට නංවන ලද “උපරිම බලපෑම්” (Maximum Pressure) උපායමාර්ගයට එල්ල වූ දරුණුම ප්‍රහාරය ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ හඳුන්වති. පසුගිය සති කිහිපය පුරාම නාවික අවහිර කිරීම්, ඉරාන නෞකා අත්අඩංගුවට ගැනීම් සහ බලශක්ති සැපයුම් මාර්ග අවහිර කිරීම් හරහා ඉරානය සාකච්ඡා මේසයට ගෙන ඒමට ඇමරිකාව දැඩි උත්සාහයක නිරත විය.

එහෙත් එම සියලු බලපෑම් නොතකා ඉරානය සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම හරහා පෙන්වා දී ඇත්තේ ට්‍රම්ප්ගේ යුධමය හා ආර්ථික තර්ජන ඉදිරියේ සිය පෞරුෂය විනාශ කරගැනීමට ඉරානය සූදානම් නොවන බවය.

රාජ්‍ය තාන්ත්‍රික සීමා ඉක්මවා ගිය ට්‍රම්ප්ගේ තර්ජන මාලාව

ඉරානය සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ රාජ්‍ය තාන්ත්‍රික භාවයමත පැහැරූ අතශය  ප්‍රචණ්ඩකාරී තර්ජන මාලාවක් නිකුත් කිරීමට පියවර ගත්තේය.

ඉරානය සිය ඉල්ලීම්වලට එකඟ වන්නේ නම් පමණක් “සාධාරණ ගිවිසුමක්” ලබා දෙන බව පවසන ඔහු, එසේ නොවන්නේ නම් ඉරානයේ සෑම විදුලි බලාගාරයක්ම සහ සෑම පාලමක්ම ඉලක්ක කර විනාශ කරන බවට තර්ජනය කළේය. මේ ට්‍රම්ප් විසින් මේ දක්වා ඉරානය විෂයෙහි සිදුකළ සම්ප්‍රදායික මැර තර්ජනවල තවත් එක් ප්‍රකාශයකි.  අප්‍රේල් මුලදී ඔහු   මුළු මහත් ඉරාන ශිෂ්ටාචාරයටම (Whole Civilization) අතුගා දමන බවට තර්ජනය කළේය. එම ප්‍රකාශය ලෝකයේම ගර්හාවට ලක් වූයේය. ප්‍රංශ විදේශ ඇමති ජේන්-නොයෙල් බාරෝ ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්ට කීවේ  “ඔබට බෝම්බ දමා ශිෂ්ඨාචාරයක් අතු ගා දැමිය නොහැකියි” කියාය. බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් මෙම තර්ජනය හෙළා දුටුවේය.

ඉන් පසු ට්‍රම්ප් ඉරානයේ සෑම විදුලි බලාගාරයක්ම  සෑම පාලමක්ම විනාශ කරමින් ඉරානය ගල් යුගයට රැගෙන ගොස් තබන බවට තර්ජනය කළේය. මේ තර්ජනයත්  එංගලන්තය මෙන්ම ප්‍රංශය ද හෙළා දුටුවේය.  ප්‍රංශ විදේශ ඇමති ප්‍රකාශ කළේ සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම යුධ නීතිය උල්ලංඝනය කිරීමේ අපරාධයක් බවය. ඊයේ ඉරානය ඇමරිකාවේ බලහත්කාර සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමත් සමග ට්‍රම්ප් යලිත් සිය ටෲත් ෂෝෂල් සමාජ මාධ්‍ය වේදිකාවේ කිව්වේ  “ඉරානයේ සෑම පාලමක්ම  සහ සෑම විදුලි  බලාගාරයක්ම  විනාශ කර දමන බවය. .

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකෝපකාරී ප්‍රවේශය ඉරානය විසින් හඳුන්වනු ලබන්නේ ජාත්‍යන්තර සම්මුතීන් සහ සදාචාරයන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වශයෙනි. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ හමුවේ පසුබට නොවන බව පවසන ඉරාන බලධාරීන්, ඇමරිකානු නාවික හමුදාව උතුරු අරාබි සාගරයේ සිදු කරන මෙහෙයුම්වලට එරෙහිව නිසි කලට නිසි ප්‍රතිප්‍රහාර දෙන බව නැවතත් තහවුරු කර ඇත.

පාකිස්තානයේ සූදානම සහ වත්මන් තත්ත්වය

සති දෙකක සටන් විරාමය අවසන් වීමට පෙර ඇමරිකානු නියෝජිත පිරිසක් සඳුදා සවස ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට නියමිතව තිබුණි. මෙම පිරිසට ජේ.ඩී. වෑන්ස්, ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ඇතුළත් වන බව මුලින් වාර්තා වුවද, ජනාධිපති ට්‍රම්ප් පසුව පවසා තිබුණේ වෑන්ස් එම සංචාරයට එක් නොවන බවය. ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය සාකච්ඡා සඳහා ඉහළ ආරක්ෂක විධිවිධාන යොදා ඇති අතර, ඉස්ලාමාබාද් නුවර ප්‍රවාහන සේවා ද සීමා කර ඇත.

ඉස්ලාමාබාද් හි දැඩි ආරක්ෂක රැකවරණ සහිත වටපිටාවක්…

පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද්ධය මේ වන විට අටවන සතියට එළඹ ඇති අතර, එය ලෝක බලශක්ති සැපයුමට ඉතිහාසයේ එල්ල වූ දරුණුතම බලපෑම ලෙස සැලකේ.

ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් දහස් ගණනක් මිය ගොස් ඇති අතර, ඉරානය ද ඊශ්‍රායලයට සහ ඇමරිකානු කඳවුරු පවතින අරාබි රටවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. මේ වන විට දෙපාර්ශවය අතර යම් ප්‍රගතියක් පැවතියද, න්‍යෂ්ටික ගැටලු සහ සමුද්‍ර සන්ධියේ පාලනය පිළිබඳව තවමත් පවතින්නේ එකඟ විය නොහැකි මට්ටමකය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බෙල්ලට පිහිය තබා සාමය ගැන කතා කිරීම… දෙවන වටයේ සාම සාකච්ඡාවලට පකිස්ථානයට දූතයන් යැවූ ට්‍රම්ප් සාකච්ඡාවේදී තම කොන්දේසිවලට එකඟ නොවුනහොත් ඉරානය වනසන බව කියයි!

Next Post

ජාත්‍යාන්තර සංවිධානයක්වන කොළඹ ආරක්ෂක සමුළුවේ නම කොළඹින්… තීරණ ඉන්දියාවෙන්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.