කැළණිය, ඊරියවැටිය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී රුපියල් ලක්‍ෂ 25 කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට තීරු බදු මුදල් නොගෙවා ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33 හා 47 හැවිරිදි අයෙකි.
විශේෂ කාර්ය බලකාය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව බුද්ධි කොට්ඨාශයෙහි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙම වැටලීම කර ඇත.
සැකකරු පසුගිය මාසයේ 11 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නියැලෙන පුද්ගලයින් සමග සම්බන්ධ වී ඔහුට අයත් ශ්‍රී ලංකාවට එවීමට ඇති භාණ්ඩ තුල කොකේන් මත්ද්‍රව්‍ය ඉතා සුක්‍ෂම ආකාරයෙන් සගවා නැව් ගතකර ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පෑලියගොඩ නුගේපාරේ පිහිටි සැපයුම් ආයතනය තුල නිශ්කාෂනය කිරිමෙන් පසු කුලී පදනම මත ලබා ගන්නා ලද ලොරි රථයකින් සැකකරු පදිංචි ඊරියවැටිය, කැළණිය පිහිටි නිවස වෙත රැගෙන එමින් තිබිය දී විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයෙහි නිලධාරීන් සෝදිසි කිරීමක් සිදුකර මේවා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම භාණ්ඩ ගෙන ආ ලොරි රථයේ රියදුරුද අත්අඩංගුවට ගෙන ඇත.