සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 “ලියෝ පාප්තුමා විදේශ ප්‍රතිපත්තිය ගැන දන්නේ නැහැ   ඔහු පාප් ධූරයට සුදුසුත් නෑ…” ට්‍රම්ප්ගෙන් පාප් වහන්සේටත් ධරුණු ප්‍රහාරයක්!

by editor
අප්‍රේල් 13, 2026
in පුවත්
trump-pope
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන – 

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ 14 වන ලියෝ පාප් වහන්සේ අනුගමනය කරන ස්ථාවරය දැඩි ලෙස විවේචනය කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇති ආකාරය CNN වාර්තා කරයි. සිය ‘ටෲත් සෝෂල්’ (Truth Social) ගිණුමේ සටහනක් තබමින් සහ මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාප් වහන්සේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉතා දුර්වල මට්ටමක පසුවන බවයි.

“න්‍යෂ්ටික අවි පවත්වාගෙන යාම සුදුසු යැයි පවසන පාප් වහන්සේ නමකට අප කැමති නැහැ. ලෝකය විනාශ කිරීමට බලාපොරොත්තුවෙන් න්‍යෂ්ටික අවි නිපදවන රටවල් සමඟ සෙල්ලම් නොකළ යුතු බව එතුමා වටහාගෙන නැහැ,” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළේය. එසේම තමන් ලියෝ පාප් වහන්සේගේ ක්‍රියාකලාපය පිළිබඳ කිසිසේත්ම පැහැදීමකින් නොසිටින බව ද ඔහු අවධාරණය කළේය.

පළමු ඇමරිකානු පාප් වහන්සේ ලෙස ඉතිහාසයට එක්වූ ලියෝ පාප් වහන්සේ, මෑතකාලීනව ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විවෘතව අදහස් දක්වමින් සිටිති. විශේෂයෙන්ම ඉරාන ජනතාවට එරෙහිව ට්‍රම්ප් සිදුකරන තර්ජනාත්මක ප්‍රකාශ “කිසිසේත්ම පිළිගත නොහැකි” බව පාප් වහන්සේ පසුගිය සතියේදී හෙළා දැක තිබුණි.

මෙයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ජොයින්ට් බේස් ඇන්ඩෲස්හිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ලියෝ පාප් වහන්සේ අපරාධ මර්දනය සම්බන්ධයෙන් මෙන්ම විදේශ ප්‍රතිපත්තිය අතින් ද අසාර්ථක බවයි. ඇමරිකාව වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීම විවේචනය කරන හෝ ඇමරිකානු ජනාධිපතිවරයාව ප්‍රසිද්ධියේ විවේචනය කරන පාප් වහන්සේ නමකගේ ස්ථාවරය තමන් අනුමත නොකරන බව ද ට්‍රම්ප් පවසා ඇත.

තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප්, ලියෝ පාප් වහන්සේ එම ධුරයට පත්වීම පිටුපස දේශපාලන අරමුණක් ඇති බවට ද චෝදනා කළේය. “එතුමා පාප් ධුරය සඳහා වන කිසිදු ලැයිස්තුවක සිටියේ නැහැ. එතුමා ඇමරිකානුවෙකු වූ නිසාම සභාව විසින් එම ධුරයට පත් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ගනුදෙනු කිරීමට ඇති හොඳම ක්‍රමය එය යැයි සිතූ නිසයි,” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්ධකාරය පිරුණු මරණිය නිහඬ විශ්වයේ   ජීවය පිරුණු තිතක බිඳෙනසුළු යථාව  දුටු ආටෙමිස් II ගගණගාමින්ගේ කතාව අසන්න…  

Next Post

 ෆර්නස් තෙල් නෞකාවක් අද දිවයිනට… අපේ බලශක්ති අවශ්‍යතාවය මොනතරම් දුරකට ශක්තිමත් ද?

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.