බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර්මුස් සමුද්‍ර සන්ධියට නැව් එවන්නැයි ට්‍රම්ප් කළ ඉල්ලීම මිත්‍ර රටවල් ප්‍රතික්ෂේප කරයි: අමෙරිකානු ජනාධිපතිවරයා ජාත්‍යන්තරව හුදකලා වෙයිද?

by editor
මාර්තු 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රොයිටර්  – 

ලොව ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා ඉවත් කිරීම සඳහා යුද නැව් සහාය ලබා දෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම අමෙරිකාවේ ප්‍රධාන මිත්‍ර රටවල් කිහිපයක්ම සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම තත්ත්වය හමුවේ ජනාධිපති ට්‍රම්ප් සිය යුධෝපායී සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ යම් හුදකලා වීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත.

අමෙරිකාව සහ ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන, මිසයිල   ප්‍රහාර හේතුවෙන් හොර්මුස් සමුද්‍ර සන්ධිය මේ වන විට නැව් ගමනාගමනය සඳහා අවහිර වී ඇත. ලෝකයේ සමස්ත තෙල් සහ ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය යළි විවෘත කිරීම සඳහා ආරක්ෂක දායකත්වය ලබා දෙන ලෙස ට්‍රම්ප්  අද (16)  ලෝකයේ  රටවලින් ඉල්ලා සිටියේය.

යුරෝපීය මිත්‍රයන්ගේ දැඩි ස්ථාවරය

ජර්මනිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ගල්ෆ් කලාපයේ කිසිදු යුද මෙහෙයුමකට තමන් සහභාගී නොවන බවය. ජර්මන් ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් බර්ලින් නුවරදී අදහස් දක්වමින් ට්‍රම්ප්ගේ ඉල්ලීම දැඩි ලෙස ප්‍රශ්න කළේය.

“බලසම්පන්න අමෙරිකානු නාවික හමුදාවට කළ නොහැකි කුමක්ද?… හොර්මුස් සමුද්‍ර සන්ධියේදී යුරෝපීය යුද නැව් අතළොස්සක් මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂා කරන්නේ මොනවා ද?” යනුවෙන් ඔහු විමසා සිටියේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

වොෂින්ටනයට සහාය නොදීම නේටෝ (NATO) සංවිධානය කෙරෙහි බලපෑම් ඇති කරනු ඇතැයි ට්‍රම්ප් කළ තර්ජන  ඔහු  නොසලකා හැරියේය. “මෙය අපේ යුද්ධයක් නොවෙයි, මෙය අප ආරම්භ කළ දෙයකුත් නොවෙයි,” යැයි පිස්ටෝරියස් අවධාරණය කළේය.

ජර්මන් රජයේ ප්‍රකාශක ස්ටෙෆාන් කොර්නේලියස් පවසා සිටියේ මෙම ගැටුම සහ නේටෝ සංවිධානය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය. යුද්ධය ආරම්භ කිරීමට පෙර අමෙරිකාව හෝ ඉශ්‍රායලය තමන්ගෙන් උපදෙස් ලබා නොගත් බවත්, යුරෝපීය සහාය අවශ්‍ය නොවන බව වොෂින්ටනය මුලදීම ප්‍රකාශ කර තිබූ බවත් ඔහු සිහිපත් කළේය.

යුද්ධයට මැදිවීමේ බිය

ඉතාලි නියෝජ්‍ය අගමැති මැටියෝ සල්විනි පවසා ඇත්තේ යුද කලාපයකට නැව් යැවීම යනු යුද්ධයට සෘජුවම ඇතුළු වීමක් ලෙස අර්ථකථනය වන බවයි. “ඉතාලිය කිසිවෙකු සමග යුද වැදී නැහැ. යුද කලාපයකට නැව් යැවීම යනු යුද්ධයට ඇතුළු වීමයි,” යනුවෙන් ඔහු මිලාන් නුවරදී මාධ්‍ය වෙත පැවසීය. ස්පාඤ්ඤය ද පවසා ඇත්තේ ගැටුම් උත්සන්න වන කිසිදු පියවරක් තමන් නොගන්නා බවයි.

බ්‍රිතාන්‍යය සහ ඩෙන්මාර්කය වැනි රටවල් යම් සහායක් දීම කෙරෙහි සලකා බලන බව පැවසුවද, ඔවුන් ද අවධාරණය කර ඇත්තේ කලාපීය මහා පරිමාණ යුද්ධයකට මැදි නොවී ගැටුම් සමනය කිරීමට කටයුතු කළ යුතු බවයි.

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් පවසන්නේ නිදහස් නාවික ගමනාගමනය වෙනුවෙන් පෙනී සිටින නමුත් පුළුල් යුද්ධයකට බ්‍රිතාන්‍යය මැදි නොවන බවය.

විකල්ප විසඳුම් සහ ඇස්පයිඩ්ස් මෙහෙයුම

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් පවසන්නේ රතු මුහුදේ ක්‍රියාත්මක වන ‘ඇස්පයිඩ්ස්’ (Aspides) නාවික මෙහෙයුම හොර්මුස් සමුද්‍ර සන්ධිය දක්වා ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් එම මෙහෙයුමට නායකත්වය දෙන ග්‍රීසිය පවසා ඇත්තේ තමන් රතු මුහුදේ මෙහෙයුම්වලට පමණක් සීමා වන බවය.

යුක්රේන යුද සමයේදී ධාන්‍ය අපනයනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇති කරගත් එකඟතාව වැනි රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් හොර්මුස් සමුද්‍ර සන්ධිය සඳහා ද ලබාගත හැකිදැයි යුරෝපා සංගමය මේ වන විට සාකච්ඡා කරමින් පවතී.

මේ අනුව පෙනී යන්නේ ට්‍රම්ප්ගේ බලපෑම් හමුවේ වුවද, යුරෝපීය මිත්‍ර රටවල් තමන්ට සෘජුව අදාළ නොවන යුද්ධයකට මැදිවීමට දක්වන දැඩි අකමැත්තය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝකයම එක මිටට ගිනිගන්නා විට හුණුඩුවක් තරම් රටක සිට….

Next Post

කෝපායි පොලිසිය ගිනි ගනි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.