සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන අද සිට ඇරඹේ!

by editor
මාර්තු 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන අද (29) දින නිල වශයෙන් එළිදැක්වේ.

බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් බිහි කිරීම මෙහි මූලික අරමුණයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම, ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නීනෝ” කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්‍යතාව රජය පෙන්වා දෙන අතර, ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව සෘජුව දායක කරවා ගැනීම මෙහි ප්‍රධාන අපේක්ෂාව වේ. ඒ අනුව මෙම වැඩසටහන අද සිට ඉදිරි මාස පහක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ “සුරකිමු ලංකා – එකතු වෙමු – එළිය දෙමු” යන තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ සමස්ත මහජනතාවගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ උපරිම පාරිභෝජන කාලසීමාව (Peak Hours) තුළ විදුලිය භාවිතය සීමා කිරීමට හෝ අධික විදුලිය වැයවන කාර්යයන් හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම “සුරකිමු ලංකා” වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇත.

මෙම වැඩසටහන මගින් විදුලි පරිභෝජනය සඳහා කිසිදු තහංචියක් පැනවීමට අදහස් නොකෙරේ. එහෙත් විදුලි උත්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ජලාශ්‍රිතව සිදුවන බැවින් ඉදිරියේදී ජල පරිභෝජනය ද ඉතා අරපිරිමැස්මෙන් සිදුකළ යුතු බව මෙහිදී අවධාරණය කෙරේ.

ඒ සඳහා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් ඔවුන්ව ස්වේච්ඡාවෙන්ම දිරිගැන්වීම රජයේ අපේක්ෂාවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හසරංග සහ නුවන් තුෂාර ඇතුළු ජාතික සංචිතයේ අඩක්ම  ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ෆේල්… මේ ක්‍රිකට් ගැන අවහල් කතා ද?

Next Post

බ්‍රික්ස් සමුලුවට ගියා නම් රුසියාවෙන් මීට කලින් තෙල් ගන්න තිබුණා – නාමල් රාජපක්ෂ!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.