මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව අරලගංවිල විශේෂ කාර්ය බලකායේ සෙබලුන් තිදෙනෙක් අද (08) දහවල් මැදගම ප්‍රදේශයේ දී මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට ලිස්සා වැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු දිවිබේරාගෙන එක් අයකු, දියේ ගිලි මියගොස් ඇති බව අරලගංවිල පොලීසිය කියයි.
ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි ඔවුන් තිදෙනා ට්‍රැක්ටරය නවතා ඇළට බැස ඇති අතර පයලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, අනතුරෙන් මියගොස් ඇත්තේ අරලගංවිල විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් රියැදුරකු වන එස්.එම් ධම්මික බණ්ඩාර (40) නැමැති අයකු බවත් පරීක්ෂණ පවත්වන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
මියගිය විශේෂ කාර්ය බලකා සෙබලා, කෑගල්ල, රඹුක්කන යටියන්වැල්ල ගම්මානයේ පදිංචි දෙදරු පියකු බවද පොලිසිය පවසයි.මැදගම සිට බෝගස්වැව ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පාතිබේ.
ඉසෙඩ් ඩී ඇලට ඔවුන් වැටී සිටියදි ඒ අසලින් ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු ඇලට පැන විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනාගේ ජීවිතය බේරාගැනීමට සමත් වී ඇත,
ඇළට වැටී මියගිය විශේෂ කාර්ය බලකා සෙබලාගෙ සිරුර සොයාගැනීම සඳහා මාදුරුඔය විශේෂ කාර්ය බළකායේ කිමිදුම් අංශයේ නිලධාරීන් පැමිණ පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව සිරුර සොයා ගැනිණි,