සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිලි මීටර 200 ඉක්ම වූ ධාරණිපාත වැස්ස- රතු නිවේදන සමග අද දවස ගෙවෙන හැටි…

by editor
මැයි 13, 2026
in පුවත්
rain
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

මේ වනවිටත් ධාරාණිපාත වර්ෂාවකි.  අහස අඳුරු වි ඇත.  ඇද හැලෙන වැස්ස තැතිගන්වන සුළුය.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි කරන පරිදි  ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථායීව ඇත.    මේ තත්ත්වය තුළ  දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අඛණ්ඩව පවතිනු ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව  මෙම වායුගෝලීය පද්ධතිය ඉදිරි දිනවලදී උතුරු දෙසට ගමන් කරනු ඇත., එහි සෘජු බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වලට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අද (13) උදෑසන යළිත් නිවේදනයක් නිකුත් කරමින්  එම දෙපාර්තමේන්තුව ජනතාව දැනුම්වත් කළේය.

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ අවවාදාත්මක නිවේදනය

මේ නිවේදනය ඉතා වැදගත්ය. එය නිකුත් කර ඇත්තේ  අද උදෑසන 6.30ට ය.  ඒ අද  සවස 3.30 දක්වා වලංගු වන පරිදිය. එම නිවේදනය  ඉතා තද වැසි පිළිබඳ රතු නිවේදනයකි.  මෙම අනතුරු ඇඟවීම විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, උතුර සහ උතුරු මැද පළාත් සඳහාත්, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහාත් බලපැවැත්වේ.

එම රතු  නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.

මීට අමතරව උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ක පමණ තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

උපරිම වර්ෂාපතනයන් සහ ප්‍රාදේශීය තත්ත්වය

ගත වූ පැය 22ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයෙනි. එම අගය මිලි මීටර 204ක් ලෙස සටහන් වේ.

අනෙකුත් ප්‍රදේශවල වාර්තා වූ ඉහළ වර්ෂාපතනයන් පහත පරිදි වේ:

  • ගම්පහ දිස්ත්‍රික්කය: වේයන්ගොඩ මි.මී 145.5 සහ වතුපිටිවල මි.මී 105.5.
  • රත්නපුර දිස්ත්‍රික්කය: ගිලිමලේ ප්‍රදේශයට මි.මී 121.
  • කළුතර දිස්ත්‍රික්කය: බණ්ඩාරගම මි.මී 102.5 සහ හොරණ මි.මී 101.5.

ජලාශවල ජල මට්ටම සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම

අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා වාරිමාර්ග පද්ධතියේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කරන පරිදි, අද (13) පෙරවරු 6.00 වන විට එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දැමීම ආරම්භ කර තිබේ.

ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ වර්තමාන තත්ත්වය:

  • රාජාංගනය ජලාශය: වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරේ.
  • ලුණුගම්වෙහෙර ජලාශය: වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරේ.
  • වෙහෙරගල ජලාශය: වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟට මුදා හැරේ.
  • දැදුරුඔය ජලාශය: වාන් දොරටු 4ක් අඩි 1 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2,800ක් දැදුරුඔයට එක් වේ.

මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, බදුල්ලේ අඹෙවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, තිස්ස වැව, වීරවිල යෝධ වැව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව සහ මාගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල, මොනරාගල අලිකොටආර සහ මන්නාරම යෝධ වැව යන ජලාශ ද මේ වන විට වාන් දමමින් පවතී.

ජනතාවට කෙරෙන දැනුම්දීම

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

එමෙන්ම, ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගංගා නිම්න ආශ්‍රිතව සහ පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

සොදහමේ ස්වරූපය ආපදාවක් බවට පත්කර නොගැනීමේ වගකීම එම නියමන්ට යටත් අංශුමාත්‍ර පිරිසක් වූ මිනිසුන්ට තිබෙන බව අධිමානයෙන් තොරව තේරුම් ගැනීමට මොහොතක් යළිත් එළඹ ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

Next Post

අනතුරු ඇඟවීම යාවත්කාලීන කෙරේ…. දිස්ත්‍රික්ක රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.