සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ නීතියේ “හේමරතන හිල “….

by editor
මැයි 22, 2026
in පුවත්
Pallegama-Hemarathana
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි – 

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන  ඇප මත මුදා හැරියේය. එම නියෝගය නිකුත් කරන්නේ  අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

හේමරතන මුදා හරින්නේ   රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ය.  ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.

හේමරතනට   විදෙස් ගමන් තහනම්ය.

අද ඇප ලැබූ හේමරතන අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ විට    තක්කඩින් නීතිය මග හැරීමට ගන්නා තක්කඩි උපයා මාර්ගයම ඔහුගෙන් පල විය.  මුලින්ම පුද්ගලික රෝහලකට ද  එතැනින් කොළඹ ජාතික රෝහලට ද , ජාතික රෝහලෙන් ඊයේ බන්ධනාගාර රෝහලට ද මාරු කර යැවූ හේමරතන අද ඇප ලබා නිදහස්ව පන්සලට වැඩියේය.

මුන් නීතියේ හිල්වලින් රිංගන්නේ නැත. නීතිය හිල් කරගෙන දෝලාවලින් ගමන් කරන්නේය. හේමරතන  නම් ගමන් කළේ නැත.  නීතියේ හිලක් හදා ඒ හිලෙන් වැඩියේය. ඒ හැදු හිල හේමරතන හිලය.  සන්තෝසයි විලි ලජ්ජයි කියලා කියනවා හැරෙන්නට වෙනත් දෙයක් නැත.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

චෝදනාව උඹට ආවනම් වෙන දේ 

මේ කතාව අපි මේ විදිහට තේරුම් ගන්නට උත්හා කරමු.  මේ කියවන උඹ අතින් හේමරතන කළා වාගේ අපරාධයක් ලොවෙත් වෙන්නේ නැත. බැරිවෙලාවත් මේ වැඩේ උඹ කළත් නොකළත් උඹට එවැනි චෝදනාවක් ආවොත් වෙන දේ  මෙසේය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව වයස අවුරුදු 18ට අඩු බාල වයස්කාර දැරියක ඉලක්ක කරගනිමින් සිදුකරනු ලබන ලිංගික අපරාධ, සමාජයීය වශයෙන් මෙන්ම නෛතික වශයෙන් ද ඉතා ඉහළ බරපතළකමකින් සලකනු ලබන වැරදි ගණනට වැටේ.

විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ දැක්වෙන ස්ත්‍රී දූෂණය (Rape), 365බී (Section 365B) වගන්තිය ප්‍රකාරව ගැනෙන බරපතළ ලිංගික අපයෝජනය (Grave Sexual Abuse), සහ 360බී (Section 360B) වගන්තිය මඟින් විග්‍රහ කෙරෙන ළමුන් ලිංගික වශයෙන් සූරාකෑම (Sexual Exploitation of Children) යන චෝදනා නීතිය ඉදිරියේ කිසිසේත්ම ලිහිල් කොට සැලකිය නොහැකි සාපරාධී ක්‍රියාවන් වේ.

මෙවැනි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේදී පවත්නා ප්‍රතිපාදන සහ මූලික අධිකරණ ක්‍රියාවලිය ඉතා දැඩි මෙන්ම සුවිශේෂී ස්වභාවයක් ගනු ලබයි.

දඬුවම් නියම කිරීම සහ උග්‍ර කරන සාධක (Aggravating Factors)

  • මෙවැනි බරපතළ ගණයේ අපරාධයක් අධිකරණය ඉදිරියේ ඔප්පු වූ විට, වරදකරුට නියම විය හැකි දඬුවම් ද අතිශය දරුණුය. සාමාන්‍යයෙන් අවුරුදු 10 සිට 20 දක්වා වූ දීර්ඝ කාලීන බරපතළ වැඩ සහිත බන්ධනාගාර දඬුවම් මේ සඳහා නියම කෙරෙන අතර, වින්දිත දරුවාගේ වයස අවුරුදු 16ට වඩා අඩු මට්ටමක පවතින්නේ නම් එම දඬුවම් උපරිම සීමාවන් දක්වා දීර්ඝ කිරීමට අධිකරණය කටයුතු කරයි.
  • ඊටත් අමතරව, අපරාධයේ බරපතළකම සහ විනිසුරුවරයාගේ අධිකරණ තීන්දුව මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම පවා නියම කිරීමට නෛතික ප්‍රතිපාදන පවතී.
  • මෙහිදී දඬුවම් ලිහිල් කිරීමට ප්‍රතිපක්ෂව, දඬුවම තවදුරටත් දැඩි කිරීමට බලපාන “උග්‍ර කරන සාධක” (Aggravating Factors) කෙරෙහි අධිකරණයේ සුවිශේෂී අවධානය යොමු වේ.
  • සැකකරු හෝ විත්තිකරු සතු ආගමික, සමාජයීය හෝ වෘත්තීය තනතුරු බලය අවභාවිත කරමින් අපරාධය සිදුකර තිබීම, වින්දිත දරුවා තමන් කෙරෙහි තැබූ විශ්වාසය අමු අමුවේ බිඳදැමීම, සහ දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ අපයෝජනයක් වීම වැනි කරුණු මෙලෙස දඬුවම් උපරිම මට්ටම දක්වා ඉහළ නැංවීමට ඍජුවම හේතු වන නෛතික සාධක වේ.

ඇප ලබාදීමේ නෛතික සීමාවන් සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සාමාන්‍ය ක්‍රියාවලිය

  • මෙවැනි ස්වභාවයේ ළමා අපරාධ නීතිය ඉදිරියේ සැලකෙන්නේ “ඇප දිය නොහැකි” (Non-bailable) ගණයේ වැරදි ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස, සැකකරුවෙකු මුලින්ම ඉදිරිපත් කෙරෙන මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමේදී ඔහුට ඇප ලබාගැනීම නෛතිකව අතිශය දුෂ්කර හෝ නොහැකි තරම් වේ.
  • මෙවැනි බරපතළ වැරදි සම්බන්ධයෙන් ඇප නියෝගයක් සලකා බැලීමේ හෝ නිකුත් කිරීමේ සැබෑ නෛතික බලය පැවරෙන්නේ මහාධිකරණ (High Court) මට්ටමට පමණි.
  • එහිදී වුවද ඇප ලබාදීමට පෙර අධිකරණය කරුණු කිහිපයක් කෙරෙහි දැඩිව අවධානය යොමු කරයි. සැකකරු නිදහස් කිරීම තුළින් සමාජයේ සාමය කඩවීමේ අවදානම, වින්දිත පාර්ශවයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ, සහ එකී අපරාධයම නැවත නැවතත් සිදුකිරීමේ ප්‍රවණතාව (Recurrent Risk) යන කරුණු මත පදනම්ව බහුතරයක් අවස්ථාවලදී ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.
  • මේ හේතුව නිසාම, කිසිදු සමාජ හෝ දේශපාලන බලයක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකු වූ මේ ලිපිය කියවන උඹට කියන්නට ඇත්තේ මෙවැනි චෝදනාවක් උඹට ආවොත් බඩුම තමයි කියාය. මක්නිසාද යත්  චෝදනාවකට ලක්වූ විට, නඩු විභාගය ආරම්භ වීමටත් පෙර අවම වශයෙන් මාස කිහිපයක සිට වසරක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගතව පසුවීමට සිදුවීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නෛතික යථාර්ථය නිසාය. මෙවැනි චූදිතයෙකුට ඇප ලබා ගැනීමේ ඉඩ සම්පූර්ණයෙන්ම ඇහිරී ඇත්තේය.

අද ඇප ලබා ගත් පල්ලේගම හේමරතන ඇප ලබාගෙන ඇත්තේ නීතියේ හේමරතන හිලෙන් බව අප කියන්නේ ඒ නිසාය.  ඒ හිල වාහල්කඩක් තරම් ලොකු බව දැන් රටට පෙනෙන්නේය. අත් අඩංගුවට පත් වුන දා සිට රෝහල්වල ලැග බන්ධනාගාර රෝහලෙන් පැමිණ  රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත හේමරතන පන්සලට ගිය ආකාරය  නෛතිකව විග්‍රහ කරන්නට පුලුවන් කාටදැයි අපට ඒ තරම් දැනුමක් නැත. විදේශ ගමන් තහනම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීම පමණක් ඇප කොන්දේසිය.

රෙදි පල්ලෙන් බේරෙන  නීතිය සමානාත්මතාවය –

මෙම සුවිශේෂී සිදුවීම හුදෙක් තනි නඩු තීන්දුවක් හෝ තනි පුද්ගලයෙකුට ලැබුණු සහනයක් ඉක්මවා ගිය, ශ්‍රී ලාංකීය සමාජය තුළ නීතියේ සමානාත්මතාව (Equality before the law) බිඳවැටීම මැනවින් ප්‍රදර්ශනය කෙරෙන ගර්හිත සිදුවීමකි.

“පූජනීය  භික්ෂුව” – සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, මෙරට සංස්කෘතික ව්‍යුහය තුළ බෞද්ධ භික්ෂුව  සතු “පූජනීය තත්ත්වය” සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය හේතුවෙන්, සංඝ සමාජය දේශපාලනික හා සමාජයීය වශයෙන් අතිශය බලගතු කණ්ඩායමක් බවට පත්ව ඇති අයුරු තේරුම් ගත හැකිය. මෙම තත්ත්වය සමාජය තුළ එක්තරා ආකාරයක ද්විත්ව නීති පද්ධතියක් (Legal Pluralism) නිර්මාණය කිරීමට මඟ පාදා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, සාමාන්‍ය ගිහියෙකුට නීතියේ දැඩිම ප්‍රතිපාදන ඍජුවම ක්‍රියාත්මක වන විට, ඉහළ ආගමික හා සංස්කෘතික ව්‍යුහයන් නියෝජනය කරන පුද්ගලයන්ට නීති පද්ධතිය සලකන්නේ වෙනස්ම මුහුණුවරකින් සහ ලිහිල් මට්ටමකිනි.

සමාජ විද්‍යාඥයන් මෙය ආගමික බලය සහ සංස්කෘතික ප්‍රාග්ධනය අවභාවිත කරමින් දණ්ඩනයෙන් නිදහස් වීමේ සංස්කෘතියක් (Cultural Capital & Impunity) නිර්මාණය කරගැනීමක් ලෙස හඳුන්වයි. මේ හේතුව නිසාම,  බලවත් තලයක හිඳිනා  භික්ෂුවකට එරෙහිව සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිසිය, විමර්ශන නිලධාරීන් මෙන්ම අධිකරණ ව්‍යුහය පවා යම් ආකාරයක සමාජයීය පීඩනයකට හෝ පසුබෑමකට ලක්වීම ප්‍රායෝගිකව නිරීක්ෂණය කළ හැකිය.

සමාජ තත්ත්වයේ බලපෑම – අනෙක් අතට, සමාජ ධුරාවලියේ ඉහළ ස්ථරයන් නියෝජනය කරන පූජක පක්ෂය, දේශපාලනඥයන් සහ ප්‍රභූ පැළැන්තිය (Clergy, Politicians, Elites) වැනි කණ්ඩායම් සාපරාධී වැරදි සිදුකළ ද, ඔවුන්ට නීති පද්ධතියේ පවතින “දීර්ඝකාලීන සිදුරු” සහ ප්‍රතිපාදන තමන්ගේ වාසියට හරවා ගැනීමට ඇති හැකියාව ඉහළය. සමාජ විද්‍යාවේදී මෙය “ප්‍රභූන්ගේ අපගමනය” (Elite Deviance) ලෙස විග්‍රහ කෙරෙන අතර, මෙවැනි තත්ත්වයන් පවත්නා සමාජයක ද්‍රව්‍යමය සමානාත්මතාව (Substantive Equality) මුළුමනින්ම ගිලිහී යයි.

කිසිදු සමාජයීය, ආර්ථික හෝ ආගමික බලපුළුවන්කාරකමක් නොමැති සාමාන්‍ය පුරවැසියෙකු වරදක් කළ විට හෝ එවැනි චෝදනාවකට ලක්වූ විට ඔහු “නීතියේ පූර්ණ බලයට සහ දැඩිභාවයට” ලක්වෙද්දී, බලවතුන් ඉදිරියේ නීතිය නම්‍යශීලී වේ. චෝදනා ලබන භික්ෂුවකගේ පෞද්ගලික හෝ ආගමික තනතුර නිසා සමාජයෙන් එල්ල විය හැකි බහුතර බලපෑම් (Social Backlash) කෙරෙහි අධිකරණ ආයතන පවා සංවේදී වීම හෝ පසුබෑම මේ හරහා සිදුවේ. අද අනුරාධපුරයේ දි සිද්ධ වන්නේ එය ය.

බලය මත දණ්ඩනයෙන් නිදහස් වීමේ සංස්කෘතිය – රාජ්‍යයක් විසින් තම පුරවැසියන්ට පොරොන්දු වන්නා වූ “නීතිය සැමට සමානය” යන මූලධර්මය, ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ විට බැඳී පවතින්නේ බහුතරවාදී (Majoritarian) දේශපාලන ව්‍යුහය සමඟය. මෙරට දේශපාලන බලය තීරණය කිරීමේදී සහ පවත්වා ගැනීමේදී බෞද්ධ භික්ෂුව සතු    දේශපාලනික සබඳතා ජාලය අතිශය තීරණාත්මකය.  ඔවුන්ට එරෙහිව දැඩිව සහ අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කිරීමට යාම දේශපාලන නායකත්වයට මෙන්ම ආයතන පද්ධතියට ද විශාල පිරිවැයක් දැරීමට සිදුවන කරුණකි. මෙම ආයතනික දුර්වලතාව සහ බලයේ ව්‍යුහය නිසා සමාජය තුළ දරුණු “Impunity Culture” එකක් හෙවත් වැරදි කරලත් දණ්ඩනයෙන් නිදහස් වීමේ සංස්කෘතියක් මුල් බැස ගනී.

දේශපාලනික හෝ ආගමික අනුග්‍රහය (Patronage Networks) ඇති අයට නීතිය ඉදිරියේ ඇති වන මෙම ලිහිල්භාවය, සමාජ විද්‍යාත්මකව බලයේ පවත්නා අසමාන ව්‍යාප්තිය මැනවින් කියාපාන්නකි.

මෙවැනි සිදුවීම නිසා  දිගුකාලීන සමාජ බලපෑම  

චීවරය පොරවාගත් පමණින් පාදඩයෙක් බෞද්ධ භික්ෂුවක වන්නේ නැත. චීවරය යට ඇති අවයව පූජනීය වන්නේත් නැත.  එහෙත් අපට හැඟෙන්නේ  හේමරතන වැනි එකෙක් අතින් දැරියක  දූෂණය වීමත් පූජනීය ශෛලියකට විග්‍රහවන බවය.

මෙවැනි අසාධාරණ සහ පක්ෂපාතී සිදුවීම් අඛණ්ඩව සිදුවීම තුළින් සමාජය තුළ ඇතිවන බරපතලම  විනාශය වන්නේ, සාමාන්‍ය පුරවැසියන් රාජ්‍ය ආයතන සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය කෙරෙහි තබා ඇති විශ්වාසය මුළුමනින්ම බිඳවැටීමය (Erosion of trust in institutions). අප වැනි සාමාන්‍ය මිනිසුන් විෂයෙහි නීතිය ක්‍රියාත්මක වන ආකාරය දැන් හොඳටම පැහැදිලිය. යුක්තිය ඉටුනොවන බවට සමාජය තුළ තදින්ම කාවදින මෙම අපේක්ෂා භංගත්වය, අවසානයේ ඇති කරන්නේ  දැවැන්ත සමාජ  අස්ථාවරත්වයන්ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක අදත් නින්දවූර්හි සිට නීතයේ සමානත්වය ගැන කීවේය. අපත් ඒ කතාව වාර්තා කළේය. ඒත් කියන්නට ඇත්තේ ඒ සමානත්වයේ ආතල් එක අද අනුරාධපුරයේ දී රෙදි පල්ලෙන් බේරුන බවය.  මේ ගැන පක්ෂ විපක්ෂ එකෙක් කට අරින්නේ නැත බව සහතිකය. එහෙත් කිව යුත්තේ    සියයට 3 අගුවේ සිටි  උන්ට   ආණ්ඩු බලය ලබා දීම සඳහා අපේක්ෂා සහිත   අප වැනි  මිනිසුන් කැපවුනේ   දේශපාලන හා සමාජයීය බලපෑම්වලින් මුළුමනින්ම නිදහස් වූ ස්වාධීන අධිකරණ පද්ධතියක්, වෘත්තීය මට්ටමේ පොලිස් විමර්ශන කලාවක් සහ විනිශ්චයකාරී ස්වාධීනත්වයක් (Judicial Independence) මෙරට තුළ ප්‍රායෝගිකව ස්ථාපිත වනු ඇතැයි එකම එක අපේක්ෂාවෙන් පමණය.  එක මිටට තබා එම අපේක්ෂා කන්දට කෙළිය හැමෝටම කියන්නට ඇත්තේ සන්තෝසයි බුදු සරණයි කියයා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදපෙරදිග අර්බුදය කළමනාකරණයට රජය සතු ශක්තිය ප්‍රමාණවත්… 2022 වැනි ආර්ථික අර්බුදයකට රට පත් වන්නේ නෑ…   – නින්දවූර්හිදී ජනපති අවධාරණය කරයි

Next Post

අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවේ එල්ලූ සිද්ධියේ සිවුවන සැකකරු දැලේ!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.