සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය කළමනාකරණයට රජය සතු ශක්තිය ප්‍රමාණවත්… 2022 වැනි ආර්ථික අර්බුදයකට රට පත් වන්නේ නෑ…   – නින්දවූර්හිදී ජනපති අවධාරණය කරයි

by editor
මැයි 22, 2026
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

 2022 වසරේ පැවති ආකාරයේ ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ නිර්මාණය වී ඇත්තේ බාහිර අර්බුදයක් වුවද එය මැනවින් කළමනාකරණය කරගැනීමේ ශක්තිය වත්මන් රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වසර 24කට පසුව නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ නිල උත්සවයට අද (22) පෙරවරුවේ එක්වෙමිනි.

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම, ජාතිවාදයට ඉඩ නොතැබීම, දූෂිතයන්ට දඬුවම් දීම, සැමට නීතිය සමානව ක්‍රියාත්මක කිරීම සහ දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීම වත්මන් රජය බලයට පත් කරමින් ජනතාව ලබාදුන් ජනවරමේ ප්‍රධාන අපේක්ෂාවන් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් මේ වන විටත් සැලකිය යුතු වැඩ කොටසක් රජය විසින් ඉටු කර ඇති බව ප්‍රකාශ කළේය.

බලය, ධනය හෝ තරාතිරම නොබලා සැමට නීතිය සමානව ක්‍රියාත්මක කිරීමේ වගකීම තම පාලනය යටතේ අනිවාර්යයෙන්ම ඉටු කරන බවත්, විශ්‍රාම වැටුප් ඇතුළු දේශපාලකයන්ගේ වරප්‍රසාද අහෝසි කරමින් ඔවුන් මහජනතාව වෙනුවෙන් සේවය කරන පිරිසක් බවට පත් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

“අපි ජනතාව අසීරුතාවට පත් වූ සෑම අවස්ථාවකදීම ඔවුන් රැකබලා ගන්නා ආණ්ඩුවක්. දිට්වා සුළි කුණාටුව මෙන්ම මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ වුවත් සහන සැලසීම වෙනුවෙන් අපි විශාල මුදලක් වෙන් කළා. මැදපෙරදිග කලාපීය යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන ආනයනයේදී ඩොලරයේ අගය සහ ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම නිසා වැඩි ඩොලර් ප්‍රමාණයක් පිටතට ගලා යනවා. සංචාරක කර්මාන්තයට සහ අපනයන ආදායමටත් මෙයින් බලපෑම් එල්ල වී තිබෙනවා.”

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

“ඇතැමුන් මේ තත්ත්වය 2022 වසරට සමාන කිරීමට උත්සාහ කළත් එය සම්පූර්ණයෙන්ම වැරදියි. 2022 වසරේදී මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 50ක් පමණයි. නමුත් අද වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 7,000කට ආසන්න සංචිතයක් පවතිනවා. ඉදිරි දින කිහිපයේදී තවත් ඩොලර් මිලියන 700ක් ලැබීමට නියමිතයි. වෙළෙඳපොළේ පවතින ඩොලර් හිඟය තාවකාලික පීඩනයක් වුවත්, රට තුළ ඉන්ධන, ගෑස්, කිරිපිටි හෝ පොහොර හිඟයක් ඇති වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බවට මම සහතික වෙනවා.”

රටේ පාලනයෙන් බාහිරව පවතින මෙම මැදපෙරදිග යුද අර්බුදයට සාර්ථකව මුහුණ දීමට රජය සූදානම් බවත්, රජය සතු ශක්තිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සලකා බලා නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට හැකි වූ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමකට අනුව, එහි පොහොසත් සංස්කෘතික උරුමයන් මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් 1999 වසරේදී මෙම සංස්කෘතික මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. කෙසේ වුවද 2014 වසරේ සිට මෙහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර වී තිබූ අතර, වසර 24කට පසුව මෙලෙස එහි වැඩකටයුතු යළි ආරම්භ කෙරේ.

මේ සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් මිලියන 945.04ක් වන අතර, 2026 අයවැය මඟින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇත. ඉතිරි ප්‍රතිපාදනද අවශ්‍යතාව පරිදි ඉදිරියේදී වෙන් කිරීමට නියමිත අතර, ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් කටයුතු 2027 දෙසැම්බර් 31 වැනිදාට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ට වරෙන්තු… අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග…

Next Post

ශ්‍රී ලංකාවේ නීතියේ “හේමරතන හිල “….

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.