බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ට වරෙන්තු… අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග…

by editor
මැයි 22, 2026
in පුවත්
basil

බැසිල් රාජපක්ෂ

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (2026 මැයි 22) වරෙන්තු නිකුත් කළේය. ඒ, ඔහුට එරෙහිව පවතින නඩුවකට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මාතර, බ්‍රවුන්ස් හිල් (බ්‍රවුන්ස්විල්) එලියකන්ද පාරේ පිහිටි පර්චස් 160 ක (අක්කරයක) ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මෙම නඩුව පවරා තිබේ.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ වන විට විදේශගතව සිටින බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. ඒ බව සනාථ කිරීම සඳහා වෛද්‍ය වාර්තා ද ඔවුහු අධිකරණයට ඉදිරිපත් කළහ.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක නියෝග කළේ හිටපු අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසයි. මෙම සැකකරු මීට පෙර ද සෞඛ්‍ය හේතූන් මත අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ පෙනී සිටීම මඟහැර ඇති බවත්, දිගින් දිගටම අධිකරණය මඟහැරීම සලකා බලා මෙම දැඩි පියවර ගන්නා බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළේය. මෙය දීර්ඝ කාලයක සිට විභාග වන ඉඩම් ආරවුලක් සහ වත්කම් උපයාගැනීමක් සම්බන්ධ නඩුවකි.

නඩුවේ පසුබිම –  මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් අයථා ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 500ක මුදල් භාවිතයෙන් මිලදී ගත්තේ යැයි කියන චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මෙම නඩුව පවරා තිබේ. බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව 2016 වසරේ පමණ සිට මෙම දිගුකාලීන නඩු විභාගය මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී පවත්වාගෙන යනු ලබයි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

අධිකරණය මඟහැරීමේ පසුබිම (2025 – 2026) – වාර්තා වන අන්දමට බැසිල් රාජපක්ෂ අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2024 සැප්තැම්බර් 18 වැනිදාය. ඉන් අනතුරුව ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති අතර, එතැන් පටන් අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ පෙනී සිටීම මඟහැර තිබේ.

  • විශේෂයෙන්ම 2025 මැයි 23 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරියක වන අයෝමා ගලප්පත්ති අධිකරණයට පැමිණ නොසිටියහ. එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ බැසිල් රාජපක්ෂ ඇමරිකාවේදී පුටුවකින් වැටීමෙන් හිසට සහ බෙල්ලට තුවාල සිදුවී රෝහල්ගත කර සිටින බවය.
  • එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියද, එවකට මාතර මහේස්ත්‍රාත්වරයාව සිටි අරුණ බුද්ධදාස වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් නඩුව 2025 නොවැම්බර් 21 දක්වා කල් තැබීය.
  • අනතුරුව 2025 නොවැම්බර් 21 වැනිදා නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ද බැසිල් රාජපක්ෂ අධිකරණයට පැමිණ සිටියේ නැත. ඔහු ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් වෙන්කර තිබූ නමුත්, වම් පාදයේ හටගත් දැඩි සයටිකා (Left Side Sciatica) ස්නායු වේදනාව හේතුවෙන් ගුවන් ගමන්වල යෙදීමට වෛද්‍ය අනුමැතිය හිමි නොවූ බව නීතිඥවරු ප්‍රකාශ කළහ. ඒ සඳහා වෛද්‍ය වාර්තා ද ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත්, සැකකරු ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් වෙන්කර පසුව ඒවා අවලංගු කර ඇති බවට අධිකරණය වෙත තොරතුරු අනාවරණය විය. එදින ද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව නඩු විභාගය 2026 මැයි 22 (අද) දින දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.
  • නඩුව අද දින නැවත කැඳවූ අවස්ථාවේදී ද සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන බව පවසමින් නීතිඥවරුන් නැවත වරක් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය. එහෙත් 2025 වසරේ සිට අවස්ථා කිහිපයකදීම විවිධ සෞඛ්‍ය හේතූන් ඉදිරිපත් කරමින් සැකකරු දිගින් දිගටම අධිකරණය මඟහැර ඇති ආකාරය සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක, වෛද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට නියෝග කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නූතන ක්‍රිකට් යනු දත්ත විශ්ලේෂණය, ශාරීරික යෝග්‍යතා සහ දැඩි මානසික පීඩනය කළමනාකරණයේ කලාවකි…  කපිලලා වැඩේ ගොඩ දමයි ද?…

Next Post

මැදපෙරදිග අර්බුදය කළමනාකරණයට රජය සතු ශක්තිය ප්‍රමාණවත්… 2022 වැනි ආර්ථික අර්බුදයකට රට පත් වන්නේ නෑ…   – නින්දවූර්හිදී ජනපති අවධාරණය කරයි

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.