සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නූතන ක්‍රිකට් යනු දත්ත විශ්ලේෂණය, ශාරීරික යෝග්‍යතා සහ දැඩි මානසික පීඩනය කළමනාකරණයේ කලාවකි…  කපිලලා වැඩේ ගොඩ දමයි ද?…

by editor
මැයි 22, 2026
in පුවත්
kapila-wijegunawadane
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලෝකයේ අන් කවර රටකටත් වඩා ශ්‍රී ලංකාවට ක්‍රිකට් යනු හුදෙක් ක්‍රීඩාවක්ම නොවේ; එය පොදු ජන හෘද ස්පන්දනයේ රිද්මයයි.

ජයග්‍රහණයේ දී ප්‍රහර්ෂයෙන් උදම් වන, පරාජයේ දී වේදනාවෙන් කම්පා වන මේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව, මෑතකාලීනව මුහුණ දුන් දැවැන්ත පරිවර්තනීය සහ ව්‍යුහාත්මක වෙනස්කම් මධ්‍යයේ තවත් තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබේ. ඒ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් පැරණි කමිටුව විසුරුවා හරිමින්, ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහිතව නව පස්දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවක් කරළියට පැමිණීමත් සමඟය.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ “සමබරතාව” වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගනී. එහි මෙහෙයවන්නා හෙවත් සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ මෙරට බිහි වූ සෘජු තීන්දු ගැනීමේ පෞරුෂයක් සහිත, අත්දැකීම් බහුල මෙන්ම ගෞරවනීය ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා   වේගපන්දු යවන්නෙකු වන කපිල විජේගුණවර්ධනය.

කපිල විජේගුණවර්ධන කවුද?

ක්‍රිකට් පරිපාලකයෙක් ලෙස – කපිල විජේගුණවර්ධන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයට පත්වන්නේ පළමු වතාවට නොවේ. මීට පෙර 2015 වසරේ සනත් ජයසූරිය ඇතුළු පිරිස ඉල්ලා අස්වීමෙන් පසු, එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අසීරු මෙන්ම කණ්ඩායම සංක්‍රාන්ති සමයක පසුවූ වකවානුවක දී ද මේ වගකීම ඔහු වෙත පවරන ලදී. ඔහු තේරීම් කමිටු සභාපතිවරයා වන්නේ එදා සනත් ජයසූරිය යුගයේ සිදුවූ ව්‍යුහාත්මක දෝෂ නිවැරදි කිරීමේ බරපතළ වගකීම ද කරපින්නාගෙනය. ජයසූරිය කමිටුව විසින් ගෙවීම් ලබන තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනෙකු පත් කිරීම වැනි සාධනීය පියවර ගත්ත ද, එම පාලන සමය හැඳින්වුණේ එක් පුද්ගලයෙකු වටා කැරකුණු “තනි පුද්ගල සංදර්ශනයක්” ලෙසය.

විශේෂයෙන්ම ජයසූරිය යුගයේ දී සිදුවූ නායකත්ව අවුල් ජාලාව සහ ‘ටැග් ටීම්’ (Tag team) නායකත්ව සංකල්පය නිසා ලාංකීය ක්‍රිකට් දැඩි ලෙස පසුබෑමකට ලක් විය. ඇන්ජලෝ මැතිව්ස් නාමික නායකයෙකු කරමින්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පිටිය හැසිරවීමත්, තිලකරත්න ඩිල්ෂාන් සිය මතයන් පැටවීමත් නිසා එදා කණ්ඩායම තුළ දැඩි නොසන්සුන්තාවයක් පැවතුණි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් ස්ථාවර වීමටත් පෙර නායකත්ව වගකීම් පටවා ඔවුන්ගේ ක්‍රීඩා දිවිය අවුල් කළ ආකාරයත්, ලෝක කුසලානයක දී ක්‍රීඩා කරන එකොළොස් දෙනාගෙන් හත්දෙනෙකුම නායකයන් වූ  ඉතිහාසයත් අපට මතකය.

කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ, තෙරීම්ක මිටුව එදා ක්‍රිකට්වල සිදුවි තිබුනු අලකලංචිය තාක්ෂණිකව නිවැරදි කළේය.  2021 වසරේ ද තේරීම් කමිටු කාර්යභාරයන්හි නිරත වූ ඔහු, දශක දෙකකට අධික කාලයක් පුරා මෙරට ක්‍රිකට් පරිපාලනයේ සහ දේශීය තරග රටාවේ අභ්‍යන්තරය මැනවින් හඳුනන්නෙකි.‍

ක්‍රීඩකයෙක් ලෙස – වත්මන් ක්‍රිකට් පරපුර කපිල විජේගුණවර්ධන යන නාමය හුදෙක් පරිපාලකයෙකු හෝ හිටපු සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස හැඳින්නුව ද, ඔහු මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ලියැවුණු “නොගැයුණු වීරයෙකි” (Unsung Hero).

1987 සිට 1992 දක්වා මෙරට ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් කිසිදු විදේශීය කණ්ඩායමක් ලංකාවට නොපැමිණි  අඳුරු ක්‍රිකට් නියං සමයක් නිර්මාණය විය. එවැනි  ජාත්‍යන්තර දොරටු වැසී තිබියදීත් කපිල  සිය දක්ෂතාවයෙන් ලෝක අවධානය දිනාගත් ක්‍රීඩකයෙකි.

kapila-wijegunawardane
කපිල විජේගුණවර්ධනගේ ඉන් ස්වින්ග් පන්දුව විවියන් රිචඩ් ගේ කඩුල්ල කුඩු කළ ආකාරය….

ඔහුගේ ක්‍රීඩා දිවියේ නොමැකෙන ස්වර්ණමය සන්ධිස්ථානය සනිටුහන් වන්නේ 1989 ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ රාජ්කොට්හි පැවැති නේරු කුසලාන තරගාවලියේදීය. ඒ, ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ප්‍රථම එක්දින තරග ජයග්‍රහණයේ ප්‍රධානතම කොටස්කරුවා වෙමිනි.

එදා ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ දරුණුතම සහ විශිෂ්ටතම පිතිකරුවා වූ විව් රිචඩ්ස් (Viv Richards), ගේ කඩුල්ල කපිල විසින් කුඩු කර දැම්මේය. ඒ   තමන්ටම ආවේණික වූ දක්ෂ ඉන්ස්විංගර් (In-swinger) පන්දුවකිනි.  එදා ලකුණු 30කට කඩුලු 2ක් බිඳ හෙළමින් ඔහු දැක්වූ දක්ෂතාව නිසාම, ප්‍රබල කොදෙව්වන් ලකුණු 176කට සීමා කිරීමට අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් තරුණ  කණ්ඩායමට  හැකි විය.

1991-92 වකවානුවේ ලෝඩ්ස් පිටියේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ ඔහු ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 2ක් වුව ද, පාකිස්ථානයට එරෙහිව සිය අභිමානය සනිටුහන් කරමින් එක් තරගයක දී කඩුලු 7ක් (හොඳම පන්දු යැවීම 4/51) දවා ගැනීමට සමත් විය.  එක්දින තරග 26ක  අත්දැකීම් සමඟ 1992 ලෝක කුසලානය ද නියෝජනය කළ කපිල,   රුමේෂ් රත්නායක, ප්‍රමෝද්‍ය  වික්‍රමසිංහ වැනි ප්‍රබලයන් සිටි යුගයක,  ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවේශ වී සිය අනන්‍යතාවය තහවුරු කළ ක්‍රීඩකයෙකි.

1992 ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාව දඟපන්දු යැවීමට මුල්තැන දෙමින් 20 හැවිරිදි මුත්තයියා මුරලිදරන්ව කැඳවීමත් සමඟ කපිල සිය ක්‍රීඩා දිවියෙන් සමුගෙන ‘මහාරාජා’ සමාගමේ ව්‍යාපාරික විධායක නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය හැඩගස්වා ගත්තේය.

වත්මන්  තේරීම් කමිටුවේ අභියෝගය –

ශ්‍රි ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්නය. එරාන් කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායම නියෝජන කළ විශිෂ්ඨයෙකි.  කපිල විජේගුණවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශ වන්නේ ගල්කිස් ශාන්ත  තෝමස් විද්‍යාලයෙනි.  මේ දෙපළම තමන් ක්‍රීඩා කළ වසරවල දී රාජකීය ශාන්ත තෝමස් ඉතිහාසගත මහා ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨතා සලකුණු කළ ක්‍රීඩකයන්ය.

කපිල විජේගුණවර්ධන එදා නියෝජනය කරනු ලැබුවේ  කොළඹ ක්‍රිකට් සමාජය (CCC) ය. ක්‍රිකට් පරිපාලකයෙක් ලෙස ක්‍රීඩකයෙක් ලෙස පමණක් නොව පුද්ගලයෙක් ලෙස ද  කපිල සෘජු සහ විනයගරුක වෘත්තීයවේදී ස්වරූපය, වර්තමාන තේරීම් කමිටුවේ විනිවිදභාවය උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් වනු නිසැකය.

අත්දැකීම් සහ විවිධත්වයේ සුසංයෝගයමෙම කමිටුව හුදෙක් එක් අයෙකුගේ මතිමතාන්තර මත දිවෙන එකක් නොවන බව පැහැදිලි වන්නේ එහි සෙසු සාමාජිකයන්ගේ පැතිකඩ දෙස බලන විටය.

  • අමල් සිල්වා: 1985 වසරේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ප්‍රථම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයේ දී කඩුලු රකින්නෙකු ලෙස උඩපන්දු සහ දවාගැනීම් 22ක වාර්තාවක් ඔහු විසින් තැබුවේය.    ලෝඩ්ස් පිටියේ ශතකයක් ද රැස් කළ අමල් සිල්වා, පිතිකරණය සහ කඩුලු රැකීමේ ශිල්පීය ඥානය කමිටුවට එක් කරයි.
  • බ්‍රෙන්ඩන් කුරුප්පු: සිය ප්‍රථම  ටෙස්ට් තරගයේදීම ශතකයක් ලැබූ, එක්දින තරග 54ක අත්දැකීම් සහිත බ්‍රෙන්ඩන් කුරුප්පු, මීට පෙර 2015, 2018-19 වැනි වකවානුවල ද තේරීම් කමිටු නියෝජනය කළ, ක්‍රීඩා පරිපාලනය, පුහුණුකාරිත්වය මෙන්ම තරග තීරකවරයෙකු ලෙස ද අතිශය පරිණත චරිතයකි.
  • වරුණ වරගොඩ: ජාත්‍යන්තර වරම් නොලැබුව ද, දේශීය පළමු පෙළ තරග 100කට අධික ප්‍රමාණයකට ක්‍රීඩා කරමින් දේශීය ක්‍රිකට් පිටියේ අස්සක් මුල්ලක් නෑර දන්නා, තරුණ දක්ෂතා බිම් මට්ටමෙන්ම හඳුනාගත හැකි සැබෑ දේශීය ක්‍රිකට් පිටියේ වැඩ්ඩෙකි.
  • වැනීසා ද සිල්වා: කමිටුවට ඇතුළත් කර ඇති එකම කාන්තා නියෝජනයයි. ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘතයකි.  වැනීසා ද සිල්වා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායිකාවය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කළ  එකම සහ පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේ දීම අර්ධ ශතක වාර්තා කළ ක්‍රීඩිකාවකි.  විශිෂ්ඨ ක්‍රීඩා ඉතිහාසයක් සහිත වැනීසා අනතුරුව එළඹෙන වකවානුවේ  ජාත්‍යාන්තර තරග තීරක වරියකි.  අත්දැකීම් බහුල විෂය ප්‍රමාණිකයෙකි. ඇයගේ පැමිණීම, මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහ සමස්ත ක්‍රීඩාවේ නව දක්ෂතා හඳුනාගැනීමේ ක්‍රියාවලියට නවමු සහ විවිධත්වයකින් යුත් ආලෝකයක් ගෙන එනු ඇත.

ශක්තීන් සහ හෙට දවසේ අභියෝගය

වේගපන්දු යැවීම, පිතිකරණය, කඩුලු රැකීම සහ බිම් මට්ටමේ දේශීය ක්‍රිකට් අත්දැකීම් යන සියල්ල එකම තැනකට කැටි කළ මේ පුවරුව සම්ප්‍රදායික ක්‍රිකට් ඥානය අතින් පොහොසත් ය. එහෙත්, ඔවුන් ඉදිරියේ ඇති නූතන ක්‍රිකට් පිටිය සරල නැත. අද ක්‍රිකට් ක්‍රීඩාව දිවෙන්නේ 80 හෝ 90 දශකයේ රිද්මයට නොවේ. 2026 වසරේ වත්මන් ක්‍රිකට් කලාව යනු දත්ත විශ්ලේෂණය (Data Analytics), දැඩි ශාරීරික යෝග්‍යතා මට්ටම් (Fitness Standards) සහ 20-20 (T20) තරග රටාවන්ගේ දැවැන්ත මානසික පීඩනය කළමනාකරණය කිරීමේ කලාවයි.

කමිටුවේ බහුතරයකගේ ක්‍රීඩා දිවිය අතීතයට දිව යන බැවින්, ඔවුන් කෙතරම් දුරට නූතන තාක්ෂණය සහ දත්ත මත පදනම් වූ තේරීම් ක්‍රියාවලියකට හැඩගැසෙන්නේ ද යන්න මතම ඔවුන්ගේ සාර්ථකත්වය තීරණය වනු ඇත.

දේශපාලන බලපෑම්, ක්‍රීඩක කළමනාකරණ ගැටලු සහ අස්ථාවර දේශීය ක්‍රිකට් ව්‍යුහය හමුවේ අතීතයේ පත් වූ මෙවැනිම කමිටු ද පසුබෑමට ලක් වූ අවස්ථා අප දැක ඇත. එබැවින්, කපිල විජේගුණවර්ධන ඇතුළු මේ නව කමිටු සාමාජිකයින්ට  පැවරී ඇත්තේ හුදෙක් කණ්ඩායමක් තේරීම පමණක් නොවේ; විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව මත පදනම්ව ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසය නැවත ගොඩනැඟීමේ අභියෝගාත්මක මෙහෙයුමය. සම්ප්‍රදායේ අත්දැකීම් නූතනත්වයේ කුණාටුවට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි සමස්ත ක්‍රීඩා ලෝලීන්ගේම එකම ප්‍රාර්ථනයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැමියාගේ මරණය සැක බව මා කිසිම තැනක කිසිම අවස්ථාවක පවසා නැහැ… මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ බිරිය මරණපරීක්ෂණයේ දී  සාක්ෂි දෙයි…

Next Post

බැසිල්ට වරෙන්තු… අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.