බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැමියාගේ මරණය සැක බව මා කිසිම තැනක කිසිම අවස්ථාවක පවසා නැහැ… මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ බිරිය මරණපරීක්ෂණයේ දී  සාක්ෂි දෙයි…

තුන්වරක් පොලිසියට ප්‍රකාශ දුන්නා... තුන්වැනි වර ගිහින් පොලිසියෙන් ඉල්ලා සිටියේ මාධ්‍යවලින් මගේ සැමියාගේ මරණය ගැන අහන එක නවත්වලා දෙන්න කියන්න... රංගගේ බිරිය කියයි!

by editor
මැයි 22, 2026
in පුවත්
ranga-rajapaksha

රංග රාජපක්ෂ

Share on FacebookShare on Twitter
  • “මා මේ මරණය පිළිබඳ සැක බව රංග රාජපක්ෂගේ බිරිය කී බව කීවේ නෑ… මා කීවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ වෛද්‍ය මණ්ඩලය පත් කිරීමට එවූ නිවේදනය… මේ සාක්ෂි විමසීමට ගෙන්විය යුත්තේ මා නොවෙයි… සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි…” සාක්ෂියට කැඳවූ උදය ගම්මන්පිල කියයි…

ආන්දෝලනයට ලක් වී සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විසංවාදයක් ඇති කරමින් දේශපාලන වේදිකාවේ කථිකාවක් නිර්මාණය කළ  රුපියල් කෝටි 80කට අධික මහා භාණ්ඩාගාරයේ මුදලක් විතැන්වීම සම්බන්ධ චෝදනා ලැබ වැඩ තහනම්ට ලක් වූ මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධව මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම බදාදා (20) කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවේය.

megistrate-court

මෙම මරණය දේශපාලන වේදිකාවේ බරපතල ලෙස මතුකරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වා මරණයේ සැක සහිත ස්වරූපය සම්බන්ධව මතයක් ජන ගත කළ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිලත් මේ අවස්තාවේ දී සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබිණි.  එහිදී මියගිය අයගේ බිරිය වූ නිශ්ශංක ආරච්චිගේ සීලවතී, දියණිය අබේසිංහ මුදියන්සේලාගේ සුනෙත්මි ඉමාෂා, මරණය සිදුවු දිනයේ දී වත්තේ බුලත් කොරටුවේ වැඩ කරමින් සිටි  රාජපක්ෂගේ කරුණාවතී, පතිරාජ මුදියන්සේලාගේ මධුෂානි යන අයද සාක්ෂි ලබා දුන්හ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයේ පැමිණිල්ල මෙහෙයවූයේ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණය.

සිද්දිය සම්බන්ධව මුලින්ම සිය සාක්ෂිය ඉදිරිපත් කරමින් රංගගේ බිරිය නිශ්ශංක ආරච්චිගේ සීලවතී  අධිකරණය ඉදිරියේ මෙසේ කියා සිටියාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සාක්ෂිකාරිය – “ස්වාමීනි, මේ සිද්ධිය වෙන්නේ අප්‍රේල් 30දා. මම එදා උදේ දුවටත් නි‍ෙවසේ සිටින මහත්තයටත් උදේට කෑම හදලා පාසල් යන්න පිටත් වුණා. මම වෙනදා වගේම පාසලේ ඉගැන්වීම් කටයුතුවලටයි ගියේ. අපි නුවර දළදා මාලිගාවට යන්න සූදානමින් සිටියා. ඒ නිසා පෙරවරු දහයට පමණ මම නිවෙසට ආවා. මම එද්දි දහයයි පනහට වගේ වෙලා තිබුණා. මම දුවගෙන් ඇහුවා කෑවද කියලා. දුව කිව්වා මම කෑවා. ඒත් තාත්තා නම් කෑවේ නෑ කියලා දුව කිව්වා. මහත්තයා පේන්න සිටියේ නැති නිසා මම දුවගෙන් ඇහුවා තාත්තා කෝ කියලා. අම්මේ තාත්තා කජු ඇහිදින්න යනවා කියලා පහළට ගියා කියලා.

මම පහළට ගියා මහත්තයා හොයන්න. පිටිපස්සට ගියා, ඒත් මහත්තයා හිටියේ නෑ. ඊට පස්සේ මහත්තයාගෙත් මගෙත් පවුලේ හිතවතෙක් වුණු උදය අයියට කෝල් එකක් ගත්තා. උදය අයියා ටිකකින් ආවා. අපි දෙදෙනාම මහත්තයා හොයන්න ගියා. ඊට පස්සේ බුලත් කොටුවේ වැඩ කරමින් හිටපු රණවීර අයියත් අපේ උදව්වට ආවා. අපි මහත්තයා වැඩ කරන කුඹුර දිහාවට ගියත් මහත්තයා එතැනත් හිටියේ නෑ.

ඊට පස්සේ බුලත් කොටුවේ වැඩ කරමින් හිටපු කරුණා අක්කා ‘මහත්තයා වත්ත මැද වැටිලා ඉන්නවා කියලා’ අපට පණිවිඩයක් දුන්නා. අපි ඉක්මනට එතැනට ගියා. යනවිට වත්ත මැද මහත්තයා උඩ බැලි අතට වැටිලා ඉන්නවා දැක්කා.

මට ගොඩක් බය හිතුණා. එතැන හිටපු අයගේ උදව්වෙන් මම මහත්තයා උස්සගෙන කුස්සිය පිටිපස්සේ මඩුවට ආවා. ඊට පස්සේ 1990 ගිලන් රථ සේවයට කතා කළා. ඒ අය තමයි පරීක්ෂා කර බලා මහත්තයා මියගිහින් කියලා කිව්වේ.”

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – සාක්ෂිකාරියගේ සැමියා එසේ වැටී සිටියේ මොන ඇඳුම් ඇඳගෙන ද?

සාක්ෂිකාරිය – “තද පාට සරමක් සහ කහ පාටට හුරු ටී ෂර්ට් එකක් තමයි මහත්තයා ඇදගෙන හිටියේ. බාටා වර්ගයේ පොල් ගස සලකුණ සහිත පාවහන් යුගළක් දාගෙන හිටියා.”

පොලීසිය – (සාක්ෂිකාරියට නඩු භාණ්ඩ පෙන්වා දෙමින්)” මේවා සාක්ෂිකාරියගේ සැමියාගේ ඇඳුම් පැලදුම් ද?

සාක්ෂිකාරිය – ඔව්. ස්වාමීනි, මේවා මගේ මහත්තයාගේ ඇඳුම් සහ සෙරෙප්පු

පොලීසිය – (නඩු භාණ්ඩයක් වූ පිහියක් පෙන්වා)” සාක්ෂිකාරිය මේ පිහිය අඳුනනවා ද?

සාක්ෂිකාරිය – “ඔව්. ස්වාමීනි, මම විවාහ වෙලා මේ නිවෙසට පැමිණෙන විටත් නි‍ෙවසේ එළවළු ආදිය කපා ගැනීමට භාවිත කළේ මේ පිහිය.”

පොලීසිය – “ඔබ පොලීසියට මේ සිද්ධිය ගැන ප්‍රකාශ ලබා දුන්නා ද?”

සාක්ෂිකාරිය – “ඔව්. ස්වාමීනි, මම ප්‍රකාශ දෙකක් දුන්නා. ඊට පස්සේ ආයෙත් පොලීසියට ගිහින් තවත් ප්‍රකාශයක් දුන්නා. විවිධ මාධ්‍යවලින් මේ මරණය ගැන මගෙන් එක එක දේවල් ඇහුවා. ඒකෙන් සිත්තැවුලට පත්වුණා. මමත් මගේ පවුලේ හැමෝමත්. ඒ නිසා එය වළක්වා දෙන ලෙස තමයි තුන්වැනි සැරේට පොලීසියට ගිහින් ඉල්ලීමක් කළේ.

පොලීසිය – සාක්ෂිකාරිය පොලීසියට ලබාදුන් ප්‍රකාශ තුනේදීම කුමන අවස්ථාවකදී හෝ කිව්වා ද ඔබට මේ මරණය පිළිබඳ සැකයක් තියෙනවා කියලා?”

සාක්ෂිකාරිය – “මම කිසිම අවස්ථාවක මගේ මහත්තයාගේ මරණය ගැන සැකයක් තියෙනවා කියලා කිසිම ස්ථානයක කිව්වේ නැහැ.”

පොලීසිය – “ඔබට මේ සම්බන්ධයෙන් යළිත් ප්‍රකාශයක් කළ හැකියි. ඒ සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් අලුතින් කියන්න තියෙනවා ද කියලා මේ අධිකරණයේදී කියන්න?”

සාක්ෂිකාරිය – “අපට කිසිම සැකයක් නෑ. ඒ වගේම කීමට ද කිසිවක් නෑ.”

මෙහිදී සාක්ෂි දුන් මරණකරුගේ දියණිය මෙසේ ප්‍රකාශ කළාය.

සාක්ෂිකාරිය – “ස්වාමීනි, මේ මියගොස් සිටින්නේ මගේ පියා. අපි එදා දළදා මාලිගාවට යන්නයි සූදානමින් සිටියේ. අම්මා ඉස්කෝලේට ගියා උදේ හතට විතර. අම්මා යන්න කලින් මට කතා කර කිව්වා තාත්තටත් දීලා කන්න කියලා. මම හතහමාරට විතර නැඟිටලා ගිහින් තාත්තව බැලුවා. තාත්තා හිටියේ නෑ. අම්මා දහයයි හතළිස් පහට විතර ගෙදර ආවා.

ඇවිත් අම්මා නාන්න ගියා . නාලා ඇවිත් තාත්තා කෝ කියලා මගෙන් ඇහුවා. කජු කඩන්න වත්ත පහළට යන බව කියලා තාත්තා ගියා කියලා මම අම්මට කිව්වා. අම්මා තාත්තව හොයන්න ගියා. පස්සේ උදය අන්කල් ගෙදර ආවා.උදය අන්කල් එක්ක අම්මා තාත්තව හොයන්න වෙල පැත්තට ගියා. ඊට ටික වෙලාවකට පස්සේ හයියෙන් කෑගහන සද්දයක් ඇහුණා. මම පිටිපස්සෙන් එළියට ගිහිල්ලා බලනවිට අම්මලා උදය අංකල්ලා කෑගහනවා ඇහුණා.

මම එතැනට ගියාම දැක්කා තාත්තා වැටිලා ඉන්නවා. අම්මා එතැන හිටපු මාමලා නැන්දලා ඔක්කොම එක්ක තාත්තව උස්සගෙන ගෙදරට ආවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකට කතා කළා. එයාලා තමයි ඇවිත් බලලා කිව්වේ තාත්තා නැති වෙලා කියලා.”

පොලීසිය – “ඔබ නිවෙසේ තනිව සිටින වෙලාවේ මොකක් හරි ශබ්දයක් ඇහුණා ද?”

සාක්ෂිකාරිය – “නෑ. මට කිසිම ශබ්දයක් ඇහුණේ නැහැ. මම‍ මේ ගැන පොලීසියට ප්‍රකාශයක් ලබා දී අත්සන් කළා.”

මරණකරු වැටී සිටින අයුරු මුලින්ම දුටු කරුණාවතී නමැත්තිය ඉන් අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නාය.

සාක්ෂිකාරිය – “ස්වාමීනි, මම රංග මල්ලි පදිංචි ස්ථානයේ සිට කිලෝ මීටර් 15ක් පමණ දුරින් පදිංචි වෙලා ඉන්නේ. මමත් මහත්තයාත් මේ කොරටුවට නිතර බුලත් කඩන්න ආවේ නැති වුණත් පහුගිය වකවානුවේ දිනක් හැර දිනක් බුලත් කොටුවට ආවා. එදා රංග මල්ලිගේ නෝනා ඇවිත් කිව්වා. මහත්තයා ගෙදර නැහැ කියලා. ඊට පස්සේ මගේ මහත්තයයි, ඒ නංගියි උදය මල්ලියි ගියා රංග මල්ලිව හොයන්න.

මම වැඩ කළේ මදුෂානි කියන මගේ ඥාති දුවත් එක්ක. ඊට පස්සේ එක දිගට වැඩ කළ නිසා තේ බොන්න ලෑස්ති වුණා. එතකොට නංගිගෙන් මම ඇහුවා මල්ලි හම්බ වුණා ද කියලා. එතකොට නංගි කිව්වා තාම හම්බවුණේ නෑ අක්කේ කියලා. ඒ නිසාම මමත් මදුෂානිත් බුලත් කොටුවේ අනිත් පැත්තේ වත්තේ පිටුපස්සට ඇවිදගෙන ගියා. ඒ යද්දි අපි දැක්කා රංග මල්ලි වත්ත මැද්දේ වැටිලා ඉන්නවා. මම නංගිට කෑගහලා කිව්වා මෙන්න මල්ලි වැටිලා කියලා.”

පොලීසිය – “ඔබ උදෑසන සේවයට පැමිණි‍ අවස්ථාවේදී ඉඳලා ඒ වෙනතුරු කිසියම් සැක කටයුතු ශබ්දයක් ඇසුණා ද?”

සාක්ෂිකාරිය – “නෑ ස්වාමීනි, එසේ ශබ්දයක් මට ඇසුණේ නෑ. අපි වෙනදා බුලත් කඩන පැත්තේ බුලත් කැඩුවා නම් රංග මල්ලි එතැනට යන හැටි අපි දකිනවා. එදා සිද්ධිය වූ දිනයේ බුලත් කඩමින් සිටියේ වත්තේ අනිත් පැත්තේ නිසා අපි කිසිවක් දැක්කේ නැහැ.”

අනතුරුව සාක්ෂි විමසීම සිදු කරනු ලැබුවේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගෙනි.

පොලීසිය – සාක්ෂිකරු, ඔබ මේ සිද්ධියෙන් දින කිහිපයකට පසු එනම් හතරවැනිදා මාධ්‍ය හමුවක් පවත්වා මේ මරණය සැක සහිත බවට කිව්වා ද?

සාක්ෂිකරු – “ස්වාමීනි, මම කිසිදු විටක එවැනි ප්‍රකාශයක් ජනගත කළේ නැහැ. මම කළේ රටේ ඉතාම වගකීමක් සහිත රාජ්‍ය නිලධාරියෙක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව් දෙනකු පත් කිරීම වෙනුවෙන් නිකුත් කර තිබූ පත්කිරීමේ ලිපියක කොටසක් උපුටා දැක්වීම පමණයි.”

පොලීසිය – “පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු අධිකරණ ක්‍රියාවලියක් නොවෙයි. ඔබ නීතිඥවරයකු ලෙසින් ඒ පිළිබඳව දන්නවා ද?

සාක්ෂිකරු – “මා අපරාධ අධිකරණයේ නොවෙයි සිවිල් අධිකරණයේ කටයුතු කරන්නේ.”

මෙහිදී සාක්ෂිකාර උදය ගම්මන්පිල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

නීතිඥවරයා – “ස්වාමීනි, මේ මරණය සම්බන්ධව සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ගණනාවක යම් යම් අදහස් පළ වී තිබුණා. තම සේවාදායකයා මේ මරණ පරීක්ෂණයේ සාක්ෂියක් සඳහා කැඳවීම පිළිබඳව අප නීතිඥ මඩුල්ලට ඇත්තේ පුදුමයක්.”

පොලීසිය – මේ සාක්ෂිකරු කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාව ඉකුත් 4 වැනිදාත් ඊට පසුදිනත් රූපවාහිනී නාළිකා දෙකක ප්‍රවෘත්ති විකාශවල ප්‍රචාරය වුණා. එහිදී මරණකරු ගැන මතයක් ඉදිරිපත් කර තිබුණා. ඒ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 වැනි වගන්තියට අනුව සාක්ෂියක් ලබාගැනීමට අධිකරණයට කැ‍ඳවනු ලැබුවා.”

පොලීසිය – “මෙහි මරණකරු මහා භාණ්ඩාගාරයේ රුපියල් කෝටි අසූවක මුදලක් අස්ථානගතවීම සම්බන්ධව මුල් පැමිණිල්ල කළ අය බව කියන දේ නිවැරදි ද?”

සාක්ෂිකරු – “මුල් අවස්ථාවේ විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් පැමිණි තොරතුරු අනුව මුල් පැමිණිල්ල සිදුකරන ලද්දේ මේ මරණකරු විසින් බව මම දැනගත්තා. මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදී එය තහවුරු වුණා. ඒ නිසා මම ඒ ප්‍රකාශ කළා. පස්සේ මුල් පැමිණිල්ල කළේ මරණකරු නොවන බවට තහවුරු කර ගත්තාට පස්සේ ඒ පිළිබඳවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා.”

පොලීසිය – ලේ තැවරුණු පිහිය රජයේ රස පරීක්ෂකට යවා වාර්තාව ලබාගන්නටත් පෙර මෙය සිය දිවි හානි කර ගැනීමක් ලෙස හුවා දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීමට කටයුතු කිරීම පිළිබඳව ඒ කතාවේ පදනම කුමක්ද?”

සාක්ෂිකරු – “මේ සිද්ධියට පාදක වී ඇත්තේ රටේ දැවැන්ත කරුණක්. මා ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමෙන් අනතුරුවත් ඊට පෙරත් මේ පුද්ගලයා මැරුව ද මැරුණ ද යන්න ගැන සමාජයේ විවිධ කතා පැතිරුණා. පරීක්ෂණය අවසන් වූවාට පසු එය සියදිවි හානි කර ගැනීමක් කියලා ප්‍රකාශ කළා නම් ගැටලුවක් පැනනඟින්නේ නැහැ. මම මරණ පරීක්ෂණය සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළේ නෑ.”

පොලීසිය – “ඔබ පිහියේ ඇඟිලි සලකුණු රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා නැති බවටත් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා ද?”

සක්ෂිකරු – “මා ප්‍රවෘත්ති සාකච්ඡාවේ එසේ පැවසූ බව පිළිගන්නවා.”

පොලීසිය – “දේහය කපා සිදු කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයකදී ඇඟිලි සලකුණු වාර්තාවක් එතරම් වැදගත් නොවන බව වෛද්‍යවරුන් සඳහන් කරන බව ඔබ දන්නවා ද?”

සාක්ෂිකරු – “මා පැවසූයේ මගේ මතයයි. නියෝජ්‍ය පොලිස්පතිතුමා එම මතය පිළිනොගන්නේනම් ඊට මා ගරු කරනවා.

පොලීසිය – ඇඳුම්වල ඇති ලේ පැල්ලම් පිළිබඳව ඔබ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ප්‍රකාශයක් කළා ද? ඔබ එම ලේ පැල්ලම් දුටුවා ද?”

සාක්ෂිකරු – “මරණකරුගේ ඇඳුම් පැලඳුම්වල ලේ පැල්ලම් තිබුණා නම් එය පරීක්ෂා කළ යුතු බව පමණයි මා කිව්වේ. මා නීතිඥයෙක්. එමෙන්ම දේශපාලනඥයෙක්. පක්ෂ නායකයෙක්. මේ වනවිට විපක්ෂය නියෝජනය කරන අයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්. රාජ්‍ය නිලධාරීන් සතු බොහෝ කාරණා ඔවුන්ට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ නොහැකියි. ඒ නිසා ඔවුන් ඉතා සංවේදී රහස්‍ය තොරතුරු විපක්ෂයේ දේශපාලනඥයන් ලවා ජනගත කරනවා. මා හටත් මේ සිදුවීම පිළිබඳව විශ්වසනීය රාජ්‍ය නිලධාරීන් බොහෝ තොරතුරු පැවසුවා. එම තොරතුරු ද පාදක කරගනිමින් තමයි අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බේ.”

පොලීසිය – “මරණකරුගේ මරණය සැක සහිත බව බිරිය පැවසූ බවට එම මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කළේ ඇයි?”

සාක්ෂිකරු – “මා කිසිසේත් එම මරණය සැක සහිත බව බිරිය පැවසූ බවට කිසිදු අවස්ථාවක කිව්වේ නෑ. එම මරණය පශ්චාත් මරණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා පත්කළ වෛද්‍ය මණ්ඩලය පත්කිරීමේ ලිපියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇත්තේ බිරිය එම මරණය පිළිබඳව සැක බවට පළ කරන නිසා මෙසේ පත්කිරීමක් කළ බවටයි. (සාක්ෂිකරු එම ලිපිය අධිකරණය අවධානයට යොමු කළා) ස්වාමීනි, පොලීසිය කළ යුතුව තිබුණේ මාව සාක්ෂියට කැඳවනවා වෙනුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ පැවසූවේ ඇයිදැයි යන්න විමසා සිටීම නේද?”

මේ මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන ජූනි 6 වැනිදා දක්වා කල් තැබූ අධිකරණය, එදිනට සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය. ( දිනමිණ )

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරිතදිග මෝසම සක්‍රීය වෙයි: දිස්ත්‍රික්ක රැසකට මි.මී. 200 ඉක්මවූ තද වැසි සමඟ ගංවතුර සහ නායයාම් අවදානම්!

Next Post

නූතන ක්‍රිකට් යනු දත්ත විශ්ලේෂණය, ශාරීරික යෝග්‍යතා සහ දැඩි මානසික පීඩනය කළමනාකරණයේ කලාවකි…  කපිලලා වැඩේ ගොඩ දමයි ද?…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.