ඉරිදා, ජූලි 12, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙදාහරින ජාලයට පාසල් දරුවන් යොදාගෙන දකුණේ මත්කුඩු ජාවරමුන් කරන තිරිසන් වැඩේ මාට්ටු!

by editor
ජූනි 17, 2026
in පුවත්
SOUTH-DRUGES
Share on FacebookShare on Twitter

බළපිටිය – ජයකාන්ත ලියනගේ

දකුණේ පාතාල කල්ලි නායක සමන් කොල්ලාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවා 2026 ජුනි 30 වන දින දක්වා පරිවාස බාරයට පත් කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඊයේ (16) නියෝග කළාය.

සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද මත්දව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටත්, රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් සැකකරු උසාවියට නොකැඳවා ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුව විභාගයට ගැනීමටත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

සැකකරු හා මත්දව්‍ය අයත් බව කියන පාතාල නායකයා සම්බන්ධයෙන් සහ සැකකරුට මත්දව්‍ය ලැබෙන ක්‍රමය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගති වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නාය. මෙසේ පරිවාස බාරයට පත්කරන ලද්දේ අම්බලන්ගොඩ, මාදම්පේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙකි. සැකකාර පාසල් සිසුවා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අයෙකු බව ද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකාර සිසුවා  පෙරේදා (15) රාත්‍රියේ මාදම්පේ, සුදුවැල්ල ප්‍රදේශයේදී අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහක (05) පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකාර පාසල් සිසුවා දකුණේ පාතාල නායක අම්බලන්ගොඩ, මාදම්පාගම පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (30) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අපරාධකරුගේ මත්දව්‍ය ජාවාරම්කරුවෙකු බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මෙම සිසුවා සමන් කොල්ලා නමැති අපරාධකරුගෙන් මත්දව්‍ය පැකට් ලබාගෙන, ඔහු ලබාදෙන තොරතුරු ඔස්සේ විවිධ මාර්ග අසල සඟවා අලෙවි කර තිබෙන බව ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ඇය තවත් නැත…

සිසුවාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සමන් කොල්ලා සමඟ කළ සංවාද සහ මත්දව්‍ය පැකට් සැඟවූ ස්ථාන රැසක ගමන් මාර්ග (Locations) නිරීක්ෂණය වූ බව අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. දුරකථනයට ලැබෙන උපදෙස් සහ ගමන් මාර්ග ඔස්සේ සිසුවා මෙම ජාවාරම මෙහෙයවා ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් සැරයන් අමරසිරි (3164) සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Share69Tweet43
Previous Post

නිලක්ෂිකා සහ කෞෂිණී නවසීලන්තය හඬවයි: ශ්‍රී ලංකා කාන්තා පිලට අති උද්වේගකර ජයක්!

Next Post

තමිල්නාඩුවේ ධීවර තහනම ඉවරයි; ඉන්දීය ටෝලර් යාත්‍රා 2000ක් උතුරු මුහුද සීමාව… ඇතැම් යාත්‍රා උතුරු මුහුද ආක්‍රමණය කරයි….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ඇය තවත් නැත…

ජූලි 10, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්
  • ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!
  • ඇය තවත් නැත…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.