සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර වාහන ගනුදෙනුවට හොයමින් සිටි රෝහිතගේ දුව රොෂෙල් වලානට භාර වෙයි!

by editor
ජූලි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හොර වාහන ගනුදෙනුවකට චෝදනා ලැබ සිටිය දී මේ දක්වා පොලිසිය මග හරිමින් සැඟවී සිටි හිටපු වරාය ඇමතිවරයෙක් වූ වත්මන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වූ මෙලිනි රොෂෙල් අබේගුණවර්ධන අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ.

පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ව්‍යාජ දත්ත සහිතව ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී ජිප් රථයක් කළුතර නගර මධ්‍යයේ දී පසුගිය ජූලි 19 වැනිදා අත් අඩංගුවට ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන සන්තකයේ තිබිය දී ය.

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වූයේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.

අත් අඩංගුවට ගත් රසික විතාන මතුගම පොලිසියට භාර දුන් පසු ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ පියාගේ සමාගමක් නමින් ලබා ගත් මෙම රථය මිලදී ගන්නේ රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන මෙලනි රොෂෙල් අබේගුණවර්ධනගෙන් බවය.

ඒ අනුව විමර්ශන නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පදිංචිව සිටි නාගොඩ ප්‍රදේශයේ නිවසට යන විට ඇයත් ඇයගේ සැමියාත් අතුරුදහන්ව සිටියේය. ඒ අතර උසාවියට ඉදිරිපත් කළ රසික විතාන රක්ෂිත බන්ධනාගාරගත කළේය. සිද්ධිය සම්බන්ධව දීර්ඝ විස්තරයක් ජගත් විතාන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළේය. ඔහුගේ පුත් රසික විතාන දැන් ඇප මත නිදහස් වී සිටී.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

පසුගිය 24 වැනිදා මේ ගනුදෙනුව සම්බන්ධව අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මතුගම අධිකරණය වෙත පසුගිය 24 වැනිදා භාර විය.

අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක වීරක්කොඩි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියාවට දැවැන්ත සුනාමි ප්‍රහාරයක්… ජපානයටත් මුල් සුනාමි රළ පහර පැමිණෙයි… පිලිපීනය සුනාමි රළ අපේක්ෂාවෙන්….

Next Post

ටික් -ටොක් පෙම්වතාට යතුරුපැදියක් තෑගි දෙන්න හොරකමේ ගිය පෙම්වතිය අත් අඩංගුවට… උදවු දුන් 06ක් පොලිස් අත් අඩංගුවේ…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.