සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රණවිරු සැමරුම් උත්සවයට සියල්ල සූදානම්! ආරම්භය අද පස්වරු 2.45ට ජනපති ප්‍රධානත්වයෙන්…

by editor
මැයි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

තිස් වසරකට අධික කාලයක් පුරා මෙරට පැවැති කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කර වසර 17ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරු 2.45ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම රාජ්‍ය උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඊයේ සිට රණවිරු ස්මාරකය අවට ප්‍රදේශයේ ආරක්ෂක රැකවල් දැඩි කර තිබිණි. ආරක්ෂක හේතූන් මත කිසිවෙකුට රණවිරු ස්මාරකයට ගමන් කිරීම ද අත්හිටුවීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.  එම ජාතික උත්සවයේ ආරක්ෂක විධි නියමන් කැඩීමට  යම් පිරිස් උත්සාහ දැරූ අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවේය.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවයේ කැපී පෙනෙන විශේෂත්වයන් රැසක් පවතින බව ඊයේ (18) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම අධිකාරිය අවධාරණය කළේය. මෙරට සාමය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වැඩි පිරිසකට සෘජුවම දායක වීමට ඉඩකඩ වෙන් කිරීම මෙවර උත්සවයේ මූලිකම සුවිශේෂත්වයක් බව ඔවුහු පෙන්වා දුන්හ.

උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් ත්‍රිවිධ හමුදාවට එකතු වී රට වෙනුවෙන් ජීවිතය පූජා කළ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් 30 දෙනෙකු පමණ මෙවර රාජ්‍ය උත්සවය සඳහා විශේෂ ආරාධිතයන් ලෙස එක් කරගෙන තිබීම විශේෂත්වයකි. ජාතික සමගිය සහ සංහිඳියාව පෙරදැරි කරගනිමින් ගත් මෙම පියවර පිළිබඳව රණවිරු සේවා අධිකාරිය ඊයේ මාධ්‍ය වෙත විශේෂයෙන් කරුණු පැහැදිලි කළේය.

මෙවර සැමරුම් උත්සවය සඳහා යුද, නාවික, ගුවන් හමුදා, පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF) මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද නියෝජනය කරමින් 2,769 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත. මී

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ට අමතරව, රණවිරු මව්පියන් සහ ළඟම ඥාතීන් 160කට අධික පිරිසකට ප්‍රධාන උත්සව සභාව අභියසටම වී ඊට සෘජුව සම්බන්ධ වීමේ අවස්ථාව සලසා තිබේ. තවද, ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් මල් කලඹ තබා රණවිරු උපහාර දක්වන අවස්ථාවේදී, එම රණවිරු පවුල්වල සාමාජිකයන්ට ද ඔවුන් සමඟම ගොස් ස්මාරකය අභියස මල් කලඹ පූජා කිරීමට මෙවර   පහසුකම් සලසා ඇත. අද පස්වරුවේ ආරම්භ වන මෙම ජාතික උත්සවය පස්වරු 6.45ට නිමාවට පත්වීමට නියමිතය.

මෙරට ත්‍රස්තවාදී ඉතිහාසය දෙස හැරී බැලීමේදී, 1975 වසරේ ජූලි 27 වැනිදා එවකට යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරෙයිප්පා ඝාතනය කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය සන්නද්ධ ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැනි මෙරට ආර්ථිකයේ මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් දරුණු ප්‍රහාර එල්ල කළ ඔවුහු, රටේ ආර්ථිකය අඩපණ කිරීමට දරුණු උත්සාහයක නිරත වූහ.

එපමණක් නොව, බෞද්ධ ජනතාවගේ පරම පූජනීය මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට මෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැනි ආගමික සිද්ධස්ථානවලට ද ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමට ඔවුහු පෙළඹුණහ.

සාමාන්‍ය මහජනතාව ගමන් ගත් දුම්රිය, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හරිමින් අහිංසක සිවිල් වැසියන් දසදහස් ගණනකගේ ජීවිත අහිමි කිරීමට ක්‍රියා කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය, අවසානයේදී 2009 වසරේ මැයි මස 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ආරක්ෂක අංශ අතින් මරණයට පත්වීමත් සමඟ සම්පූර්ණයෙන්ම නිමාවට පත් විය.

තිස් වසරක එම දරුණු ශාපය නිමා කරමින් රටට උදා වූ නිදහස වෙනුවෙන් දිවිපිදූ වීරයන් සැමරීමේ ජාතික විජයග්‍රාහී රණවිරු උත්සවය මෙලෙස අද දින අභිමානයෙන් යුතුව පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරාන යුද්ධය නිසා ට්‍රම්ප් “සිය දිවි නසා ගත්තා” ද? ජනප්‍රියත්වය 37% දක්වා බිඳ වැටෙයි: බහුතර ඇමෙරිකානුවෝ ට්‍රම්ප්ගේ තීරණය හෙළා දකිති!

Next Post

රට රණවිරු සැමරුමට සැරසෙද්දී විජයිගේ ‘මුල්ලිවයික්කාල්’ මැදිහත් වීම  ඉඟි කරන්නේ කුමක් ද?

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.