බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටහිර සමාගම්වලට හිමි නෞකා දෙකකට ඊයේ ඉරාන ප්‍රහාර එල්ල වූ ඉරාන එල්ල වූ හැටි…

by editor
මාර්තු 12, 2026
in පුවත්
Burning-oil-tanker-in-Iraqi-waters-after Iranian-attack.
Share on FacebookShare on Twitter
  • ඉරාන ආර්ථිකය තවමත් ශක්තිමත්… බටහිර කම්පනයට පත්වූ  යුද්ධය අතරත් ඉරානය අඛණ්ඩ ඉන්ධන අපනයනයක…

මේ වනවිට ඇවිලී ඇති යුද්ධයේ  තීරණාත්මක වර්ධනයක් සනිටුහන් කරමින්, පුපුරණ ද්‍රව්‍ය රැගත් ඉරාන බෝට්ටු ඉරාක මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නැව් දෙකකට ප්‍රහාර එල්ල කළේය. ප්‍රහාරය එල්ල වන්නේ ඊයේ (11) රාත්‍රියේය. ප්‍රහාරයත් සමගම ඉන්ධන නැව් ගිනිගෙන දැවෙන බියකරු  ආකාරය ජාත්‍යාන්තර මාධ්‍ය අවකාශයේ සංසරණය වුන වීඩියෝ දර්ශන පැහැදිලිව පෙන්වා දුන්නේය.

ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝ දර්ශනවලට අනුව  හමුවේ නැව් ගිනිගන්නා අයුරුත්  කාර්ය මණ්ඩලය ඉවත් කරන අයුරුත්  තහවුරු වන්නේය. ඉරාකයේ ‘ඛෝර් අල් සුබෙයිර්’ වරාය ආසන්නයේ මෙම ප්‍රහාර සිදුව ඇති අතර, කුවේට් වෙරළට ඔබ්බෙන් නවතා තිබූ තවත් නෞකාවකටද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කීවේය.

දැනට වාර්තාවන ආකාරයට මෙම ප්‍රහාරයෙන් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් මිය ගොස් ඇත.     බදාදා රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරය, ගල්ෆ් කලාපයේ නාවික ගමනාගමනයට එල්ල වූ මෑතකාලීන ප්‍රහාර මාලාවේ නවතම සිදුවීම විය.

වරාය නිලධාරීන් සහ සමුද්‍රීය ආරක්ෂක අංශවලට අනුව, ප්‍රහාරයට ලක්වූයේ මාෂල් දූපත් රාජ්‍යයේ ලියාපදිංචි ‘සෆ්සියා විෂ්ණු’ (Safzia Vishnu) නෞකාව සහ ඉරාක ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ මෝල්ටා රාජ්‍යයට අයත් ‘සෙෆිරොස්’ (Zephyros) නෞකාවය.

මෙම ගැටුම් උත්සන්න වීමෙන් පසුව කලාපය තුළ ප්‍රහාරයට ලක්වූ   නැවු ප්‍රමාණය 16ක් දක්වා මේ සමගම ඉහළ ගියේය. පහත දැක්වෙන්නේ නෞකා දෙක ප්‍රහාරයෙන් පසු ගිනි ගෙන විනාශ වන අන්දමය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

තර්ජන සහ බලපෑම්

ඉරානයට එල්ල වන ප්‍රහාර නතර නොකළහොත්, මැදපෙරදිග සිට ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඔවුන්ගේ මිත්‍ර රටවල් වෙත එක ඉන්ධන ලීටරයක් හෝ නොලැබෙන තැනට වැඩ සලස්වන  බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබුණි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ  ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය  ඉරානය විසින්  සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැම්මේය.

ඊට අමරව ඇමරිකානු  සහචරයන් සේ  සිටින  ඕමානය සහ බහරේනය වැනි රටවල තෙල් ගබඩා සංකීර්ණ වෙතද    ඩ්‍රෝන යානා, මිසයිල ප්‍රහාර එල්ල කරමින් බරපතල ලෙස ඇමරිකාවට පිළිතුරු දෙමින් සිටින්නේය.

ආර්ථික සහ ගෝලීය බලපෑම

මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල 2022 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටම දක්වා ඉහළ ගොස් ඇත්තේය. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය 90% කින් පහත වැටී ඇති අතර, අනතුරුදායක තත්ත්වය හේතුවෙන් නැව් 200කට අධික සංඛ්‍යාවක් අවට මුහුදේ නැංගුරම් ලා තිබේ. මෙහි බලපෑම චීනය, ඉන්දියාව සහ ජපානය වැනි ආසියානු රටවලට දැඩි ලෙස දැනෙමින් ඇත.

ඉරාන ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව

දැඩි ජාත්‍යන්තර සම්බාධක සහ යුදමය තත්ත්වය මධ්‍යයේ වුවද, ඉරානය දිනකට තෙල් බැරල් මිලියන 1.5 – 1.6ත් අතර ප්‍රමාණයක් අපනයනය කිරීමට මේ මොහොතෙදීත් සමත්ව සිටින ආකාරය රොයිටර් ඇතුළු විදේශ පුවත් ඒජන්සි වාර්තා කර  තිබේ.  ඉරාන තෙල්වලින්   90%ක්ම මිලදී ගන්නේ චීනය විසිනි. සම්බාධක මගහැරීම සඳහා ඔවුහු  රහසිගත නැව් ජාලයක් (Shadow tankers) සහ විවිධ උපක්‍රම භාවිතා කරති. 2025 වසරේ ඉරානයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 1.7% කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළද, තෙල් ආදායම තවමත් ඔවුන්ගේ ආර්ථිකයට විශාල ශක්තියක් සපයයි.

ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යාම ඉරානයට වාසිදායක වී ඇත. 43% ක උද්ධමනයක් සහ මුදල් ඒකකයේ අගය පහත වැටීම වැනි අභියෝග තිබුණද, ඉරානයේ රහසිගත තෙල් වෙළඳාම ඔවුන්ගේ ආර්ථිකය බිඳවැටීම වළක්වා ගැනීමට සමත්ව ඇති බව විශ්ලේෂකයෝ පවසති.

ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම:

මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යාම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය 90%කින් ඇනහිටීම ශ්‍රී ලංකාව වැනි ආනයනික ඉන්ධන මත යැපෙන රටකට දැඩි බලපෑමක් එල්ල කරයි.

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයෙන් සිදුවන ඉන්ධන සැපයුම් පමාවීම නිසා මෙරට ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉදිරි මාසවලදී මිල ඉහළ යාමේ අවදානමක් ගැන පුරෝකථනය කළ හැකි බව කිව යුතුය.  එම පුරෝකථනයන්ට අනුව  නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කෙරෙහිද මෙහි වක්‍ර බලපෑමක් ඇති විය හැකිය.  යුද්ධය සමනය නොවුනහොත්   මෙරට ආර්ථික ස්ථාවරත්වයට සහ විදේශ විනිමය සංචිතවලට මෙය දැඩි අභියෝගයක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගුවන් ඉන්ධන මිල 86%කින් ඉහළට: ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එල්ල වන අභියෝගය සහ විසඳුම්!

Next Post

පාසල් මිදුලේ පාසලේ අධ්‍යක්ෂවරයෙකුගේ රියට යටවී කුඩුපට්ටම්ව මිය ගිය හත් හැවිරිදි පොඩි එකාගේ අවසන් හුස්ම ගිලිහුණ පසු!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.