සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පාසල් මිදුලේ පාසලේ අධ්‍යක්ෂවරයෙකුගේ රියට යටවී කුඩුපට්ටම්ව මිය ගිය හත් හැවිරිදි පොඩි එකාගේ අවසන් හුස්ම ගිලිහුණ පසු!

by editor
මාර්තු 12, 2026
in ජීවිතය
මහනුවර ජාත්‍යන්තර පාසල්-පරිශ්‍රයේ-අනතුරට-පත්-මෝටර්-රථය-සහ-පොලිස්ප-රීක්ෂණ

පොඩි එකා කුඩුපට්ටම් කළ අධ්‍යක්ෂවරයාගේ මෝටර් රථය නැවති ඇති අයුරු...

Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

පාසල  යනු දරුවන් වඩාත්ම සුරක්ෂිත තැන බව අපි විශ්වාස කරමු. තමන්ගේ ඇස් දෙක මෙන් නිවසේ රක්ෂා කරගන්නා දරු පැටවා පාසලට ගෙන ගොස් ඇරලවන සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සිටින්නේ ඒ පූර්ව විශ්වාසයෙනි. මහනුවර දී අද (12) ඒ ගැඹුරු විශ්වාසය කුඩු වී ගියේය. සත් හැවිරිදි දරුපැටවෙක් පාසලේ අධ්‍යක්ෂවරයෙකුගේ වගකීම් රහිත හැසිරීම නිසා එම අධ්‍යක්ෂවරයාගේම  වාහනයට යට වී පාසල තුළදී බරපතල තුවාල ලබා මිය ගියේය.   

මේ වනවිට රටම හඬවන එම සිද්ධිය වාර්තා වන්නේ මහනුවර ප්‍රසිද්ධ  ජාත්‍යාන්තර පාසල් පරිශ්‍රයකිනි.  මේ අවසානාවන්ත ඉරණමට ලක් වී අවසන් ගමන් ගිය හත් හැවිරිදි පොඩි එකා රවිඳු කුමාරගේ ය.

 අනතුර සිදුවූයේ කෙසේද?

දහවල් 11 ට පමණ පාසල් විවේක කාලය ආසන්නයේදී, පොඩි එකා පාසලේ  ජල කරාමයකින් දෑත් සෝදමින් සිට තිබේ. දිවා ආහාර ගැනීමේ අභිලාෂයෙන් අත් සෝදමින් සිටි මේ නොදරුවා අධ්‍යක්ෂවරයාගේ වාහනයට යට වී කුඩු පට්ටම් වී යන ආකාරය ඇසින් දුටුවෝ අප සමග කීහ. ඒ සමගම පාසලේ තවත් නොදරුවෙක් එම වාහනයට යට වී තිබිණි.

අනතුරින් තුවාල ලද කවිඳු කුමාරගේ දරු කැකුළු අවසන් ගමන් ගියේය. අනෙක් දරුවා  තුවාල ලබා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේය. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග අපට කීවේය.

මතභේදයට තුඩුදුන් “රියදුරු අසුන”

තම පාසල තුළ තමන් විසින්ම යටකර නොදරුවෙක් මරණයට පත් කළ පසු පාසලක අධ්‍යක්ෂවරයෙකුට සිදුවූ ව්‍යසනය ගැන පිළිගැනීමට හෘද සාක්ෂියක් තිබිය යුතුය. එහෙත් අප දකින්නේ තමන් අතින් සිදුවූ වරද අපරාධයක් සේ අපට හැඟෙන පරිදි මේ අධ්‍යක්ෂවරයා මිනිසෙක් ලෙස නොකළ යුතු ලෙස මුසාවාද ඇදහැරීමය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

අධ්‍යක්ෂවරයා පොලිසියට පවසා  පවසන්නේ රියදුරු සමග වාහනයෙන් පැමිණ කාර්යාලය අසලින් වාහනයෙන් බැස කාර්යාලය වෙත යමින් සිටි අවස්ථාවේ රියදුරා බෑවුම් මාර්ගයක වාහනය නවතා වෙනත් ස්ථානයකට ගොස් තිබුණු බවය. ඒ අතර  වාහනය ඉදිරියට ධාවනය වන බව දැක තමන් රියදුරු ආසනයට නැග වාහනය නතර කර ගැනීමට උත්සහා කළද එය අසාර්ථක වූ බව හෙතෙම කියන්නේය.

එහෙත් ඇසින් දුටු සාක්ෂි මේ නිරුවත් බොරුව හෙළිදරවු කරයි. වාහනය පදවාගෙන පැමිණ ඇත්තේ අධ්‍යක්ෂවරයා විසිනි. අනතුර සිදුකර ඇත්තේ අධ්‍යක්ෂවරයා වාහනයේ රියදුරු අසුන මත සිටියදී ය. එම අවස්ථාවේ රියදුරෙක් වාහනයේ සිට නැත.  එමෙන්ම මෙම අධ්‍යක්ෂවරයාට රියදුරෙක් නැති බව ද ඔහු ගැන දන්නා අය අපට කීවේය.

නීතියේ ක්‍රියාමාර්ග සහ සමාජ වගකීම

මේ සියලු කරුණු සලකා බලා මෙම අධ්‍යක්ෂවරයා පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. ඔහු කියන අප්‍රභංශය තහවුරු කරගැනීමට පොලිසිය අවට සීසීටීවී දර්ශන ලබා ගනිමින් සිටී. පාසල් පරිශ්‍රයක් තුළ හෝ සංයමයකින් වාහනයක්   හැසිරවීමේ විනයක් රහිත මිනිසුන් මහ පාරේ කුමක් කරනු ඇතිදැයි ඔබ සිතා ගත යුතුය.    දැන් අහිංසක මල් කැකුළ ජීවත්නු අතර නැත. නොසැලකිලිමත්  මිනිසෙකුගේ පමාවකින් ඒ පොඩි එකා කුඩුපට්ටම් වී ජීවිතයෙන් සමුගෙනය.ඒ ජීවිතයට යළි හුස්ම දෙන්නට නොහැකිය.

මෙවැනි වගකීම් රහිත මිනිසුන් ජීවත්වන ලෝකයක  කිසිම තැනක් ආරක්ෂිත නැති බව පමණක් ලියා තබමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බටහිර සමාගම්වලට හිමි නෞකා දෙකකට ඊයේ ඉරාන ප්‍රහාර එල්ල වූ ඉරාන එල්ල වූ හැටි…

Next Post

මේ පෙනෙන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර “නාර්කෝ” ජාලයක ගොදුරු බිමක් වන ලකුණු ද?

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.