අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බොරු කියන්නේ ඉරාන තානාපති ද? … ශ්‍රි ලංකා ජනාධිපති ද?… තානාපතිගේ හෙළිදරව්වෙන් ජනාධිපතිගේ ප්‍රකාශය අර්බුදයක!

by editor
මාර්තු 23, 2026
in දේශපාලන, පුවත්
ඡායාරූපය - අකිල ජයවර්ධන

ඡායාරූපය - අකිල ජයවර්ධන

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල – 

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආසන්නයේදී IRIS දේනා (IRIS Dena) නෞකාවට එල්ල වූ ප්‍රහාරය හුදෙක් නාවික ගැටුමක් පමණක් නොව, එය දැන් මෙරට රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ මහා දේශපාලන කුණාටුවක් බවට පත්ව ඇත. එක් පැත්තකින් අමෙරිකානු ප්‍රහාරයේ දරුණු බවත්, අනෙක් පැත්තෙන් මෙරට පාලකයින් සත්‍යය වසන් කරන්නේද යන සැකයත් මැද ඉරාන තානාපතිවරයා අද (23) සිදුකළ විශේෂ ප්‍රකාශය මුළුමනින්ම නව හැරවුම් ලක්ෂයකි.

මෙම විශේෂාංගය හරහා අප විමසා බලන්නේ නෞකාවේ පැමිණීම, එල්ල වූ ප්‍රහාරය සහ ඉන් අනතුරුව මතු වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුකාරී තත්ත්වය පිළිබඳවය.

  • ජනාධිපතිවරයා කී කතාව

ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධව මුලින්ම සඳහන් කරමින් මෙම ලියැවිල්ල ආරම්භ කිරීම වටී.  ඔහු මෙසේ කීවේය.

“ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නයේදී විශේෂයෙන් 2026-02-26 වන දින අපෙන් ඉල්ලීමක් කළා මාර්තු 09 සහ 13 දිනවලදී සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සංචාරයකට නාවික යාත්‍රා 03ක්  ලංකාවට පැමිණීමට අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබා දීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියා. ඒ වගේම එදිනම සවස එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටියා ප්‍රහාරක ගුවන් යානා දෙකකට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. “

“අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා අපේ රටේ මධ්‍යස්ථභාවය පිළිබඳ. ඒ වන විටත් යුදමය ගැටුම් පිළිබඳ සංඥා මතු වී තිබුණා. ඒ නිසා අපි මේ ඉල්ලීම් දෙකටම අවසර ලබා දුන්නේ නැහැ. ඇතැම් අය ප්‍රශ්න කළා ඇයි ඉරාන නෞකා දෙකට අවසර දුන්නේ නැත්තේ කියලා. එහෙම කළා නම් අපේ සමස්ත මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. ඒ වගේම අපේ කලාපයෙන් ඈත පැවති යුදමය ගැටුමක් මත්තල සහ කොළඹ වරායට ළඟා වෙනවා. කුමන පීඩනයක් මධ්‍යයේ වුවද අපි රට ආරක්ෂා කළා. “

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

“ඉන්පසුව 27 වනදා මේ ‘අයිරිස් බුෂෙහර්’ කියන නෞකාවේ එක් නාවික සෙබළෙකු වැටිලා තුවාල ලබා තිබෙනවා, ඒ නිසා එම නාවික සෙබළාත් ඔහු සමග නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕන කියලා දැනුම් දුන්නා. අපේ මධ්‍යස්ථභාවය සහ ජාත්‍යන්තර බැඳීම තමයි එවැනි අවස්ථාවක සහාය ලබා දීම. අපි එම නාවික නිලධාරියාත්, නාවික සෙබළාත් ඩර්ඩන්ස් රෝහලට ගෙනවා. එලෙස ගෙන එනු ලැබුවේ එම නැව් සමාගමට අදාළ සැපයුම් කරන සමාගම විසින්. “

“ඉන්පසුව නැවත 04 වනදා වාර්තා වුණා අපේ ආර්ථික කලාපය සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව. අපේ මුහුදු සීමාවේ නොවෙයි. ඒ නිසා අපිට ඉවත බලාගෙන ඉන්න තිබුණා. එහෙත් ජාත්‍යන්තර බැඳීම් සහ මනුෂ්‍යත්වය කේන්ද්‍රකර ගනිමින් අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් සිදු කළා. ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා එවැනි පිපිරීමක් සිදු වූ විට දින කීයක් ආවේක්ෂණය කළ යුතුද? රළ හමන දිශාව අනුව කොපමණ දුරක් ආවේක්ෂණ කළයුතුද? යන්න පිළිබඳව. අපි ඒ සියල්ල නිසි ප්‍රමිතීන් අනුව සිදු කළා. ඒ අනුව අපි තුවාලකරුවන් 32ක් සහ මළ සිරුරු 84ක් අපේ ගොඩබිමට රැගෙන ආවා. ඒ අපේ මනුෂ්‍යත්වය සහ මධ්‍යස්ථභාවයයි. “

“එම ප්‍රහාරයෙන් පසුව අපෙන් ඉල්ලිමක් කළා ඔවුන්ගේ අනෙක් නෞකාවේ එංජිමේ කඩා වැටීමක් සිදුවී තිබෙනවා. ඒ නිසා අපේ කොළඹ වරායට ළගා වෙන්න ඉඩ දෙන්න කියලා. මම දැක්කා මෙහි බොහෝ අය කිව්වා පැය 11කට කළින් යන්න තිබුණා කියලා. පැය 11ක් තිබුණේ නැහැ. පෙබරවාරි 26 වනදා ලිපිය ලැබුණේ මාර්තු 09 වනදා පැමිණීම සඳහායි. මම හිතන්නේ මොවුන්ට දින ගණන් සහ පැය ගණන් පැටලිලා. පළමු නෞකාවට ප්‍රහාර එල්ල කළාට පස්සේ තමයි අපෙන් ඉල්ලීම කළේ දෙවැනි නෞකාවේ එංජිමේ ආබාධයක් ඇති වී තිබෙනවා, ඒ නිසා කොළඹ වරායට ළඟාවෙන්න ඉඩ දෙන්න කියලා. “

“ඔවුන් යුද ගැටුමක එක් පාර්ශ්වකරුවෙක්. ඔවුන් අපේ මුහුදු සීමාවට ඇතුල් වෙනවා නම් ජාත්‍යන්තර නීති අනුව  රැඳි සිටීමට ඉඩ ලබා දිය හැක්කේ පැය 24ක් පමණයි. පැය 24කින් ඔවුන් නැවත යා යුතුයි. එසේ නොමැති නම් ඔවුන් අපේ භාරයට ආ යුතුයි. එවිට තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වන්නේ. ඔවුන් අපේ භාරයට පැමිණීමෙන් පසු ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා සම්පුර්ණ කණ්ඩායමට රැඳී සිටින්න අවශ්‍යයි කියලා. ඒ අනුව අපි ඒ අතර සිටි නාවිකයින් 206ක් අපේ නාවික හමුදා කඳවුරට ගෙනාවා. අපි මේ 206ම එකට මුහු වෙන්න තබා නැහැ. අපි දන්නවා ඔවුන් සොල්දාදුවන්, ඔවුන් ආතතියකට මුහුණ දී සිටිනවා, කවර ආකාරයේ තත්ත්වයක් වර්ධනය විය හැකිද? ඒ නිසා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන, ප්‍රතිකාර ලබා දුන්නා. අපි ඉතාමත් මනුෂ්‍යත්වයෙන් යුතුව ඔවුන් රැක බලා ගන්නවා.”

අද ඉරාණ තානාපති මාධ්‍ය හමුවක් කැඳවා කළ ප්‍රකාශය

අද ඉරාන තානාපතිවරයා ඉදිරිපත් කළේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. තානාපතිවරයාට අනුව දේනා නෞකාව මෙරටට පැමිණියේ ‘ඉල්ලීමක්’ මත නොව, ‘ආරාධනයක්’ මතය.

ඔහු කීවේ  ඉන්දියාවේ පැවති සාමකාමී අභ්‍යාසයක් අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා විසින් ඉරාන නාවික හමුදාපතිවරයාට කළ විශේෂ ආරාධනයකට අනුව මෙම මිත්‍ර සංචාරය සැලසුම් කර තිබුණු බවය.

තානාපතිවරයා මෙසේ පැවසුවේය.

“දේනා නෞකාව යුද්ධයට සූදානම්ව සිටියේ නෑ… එය යුද්ධය සඳහා මෙහි පැමිණියේ නෑ. එය ගැටුමක් සඳහා මෙහි පැමිණියේ නැහැ. එම නෞකාව  ඉන්දියාවේ සාමකාමී අභ්‍යාසයකට සහභාගී වූ නෞකාවක්.”

“ඉන්දියාවේ සිටියදී මෙම නෞකාවට  අනෙකුත් නෞකා දෙකක් සමඟ ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ආරාධනා ලැබුවා…  “

“මම නැවත කියනවා ආරාධනා ලැබුවා මෙහි පැමිණීමට. “

“ ඔවුන් ආරාධනය මතයි ලංකාවට පැමිණියේ.  ඒ පැමිණෙන  අතර ඔවුන් මෙහි සිටියදී එක්සත් ජනපදයෙන් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාරයක් එල්ල කළා.   ඔබ දන්නවා මෙම ජීවිතක්ෂයට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් සන්නද්ධ හමුදා සාමාජිකයන් නොවේ. ඔවුන් සංගීත කණ්ඩායමක් .. . ඔවුන්ගේ ආයුධ වූයේ සෙලෝනා සහ වයලීන… කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව මිනිසුන් 104 දෙනෙක් ඔවුන් ඝාතනය කළා”

“මාධ්‍යය –  ඔබ ප්‍රකාශ කළා ශ්‍රී ලංකා රජය ආරාධනා කළ බව. මම වැරදි නම් නිවැරදි කරන්න.”

 තානාපතිවරයා : “ඔව්.”

මාධ්‍ය – : “එය කවදා ද?”

තානාපතිවරයා:  “ඉන්දියාවේ අභ්‍යාසය අතරතුර ඔබේ නාවික හමුදා අණදෙන නිලධාරී ඉරාන නාවික හමුදා අණදෙන නිලධාරීට මෙම නෞකා ශ්‍රී ලංකා ජලයන්ට මිත්‍ර සංචාර සඳහා එවන ලෙසට ආරාධනා කළා. නැවු තුනෙන් එකක් ඉන්දියානු වෙරළට ගියා. දෙකක් මෙහි පැමිණියා.  දේනා නෞකාවට ප්‍රහාර එල්ල  කළා.   බුෂෙහ්ර් නෞකාව මෙහි තිබෙනවා….”

අප වික්ෂිප්තවය.  මෙහිදී පැන නගින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, නාවික හමුදාපතිවරයා කළ ආරාධනයක් ගැන ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටියේද? නැතහොත් ජාත්‍යන්තර බලපෑම් හමුවේ ජනාධිපතිවරයා සත්‍යය වසන් කළේද යන්නයි.

 පැය 11ක රහස සහ අමෙරිකානු භූමිකාව

මෙම පුවතේ තවත් තීරණාත්මක සාධකයක් වන්නේ නෞකාව වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියදී පැය 11ක කාලයක් ප්‍රමාද කළ බවට  විපක්ෂය මතු කරන  තොරතුරුය. එම කාලය තුළ ප්‍රහාරය එල්ල කිරීමට අමෙරිකානු හමුදාවට ඉඩප්‍රස්ථා සැලසුණේද යන්න සැක සහිතය. තානාපතිවරයා පවසන්නේ තමන් මේ පිළිබඳව තවමත් විමර්ශනය කරන බවය. එක්සත් ජනපදයෙන් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් නොලැබුණු බව පවසන ඔහු, ප්‍රහාරය එල්ල වූයේ ඉතාමත් අමානුෂික ලෙස බව අවධාරණය කරයි.

මියගිය නාවිකයන් බොහෝ දෙනෙක් දියේ ගිලී මියගිය බවට වූ  වාර්තාද තානාපතිවරයා විසින් ස්ථිර කළේ නැත. මෙයින් පැහැදිලි වන්නේ මරණ පරීක්ෂණ වාර්තා සහ සැබෑ සිදුවීම අතර තවමත් යම් කිසි රහසිගත භාවයක් පවතින බවය.

 රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය

ප්‍රහාරයෙන් පසු මෙරටට රැගෙන ආ ඉරාන නාවිකයන්ට සහ කැඩෙට්වරුන්ට ශ්‍රී ලංකා රජය දක්වන ආගන්තුක සත්කාරය පිළිබඳව තානාපතිවරයා කෘතඥතාව පළ කළද, මුලින් සිදු වූ ‘ආරාධනා පටලැවිල්ල’ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අසරණ වී ඇත. ශ්‍රී ලංකා රජය එක් පැත්තකින් ඉරානය සමඟ මිත්‍රත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන අතර, අනෙක් පැත්තෙන් අමෙරිකාව අමනාප කර නොගැනීමට වෙහෙසෙන අයුරු පෙනේ.

නමුත් නාවික හමුදාපතිගේ ආරාධනයක් මත පැමිණි බවට  කියන මේ ඉරාන නාවික  පිරිස  පිළිබඳව ජනාධිපතිවරයා විසින් කරන ලද පරස්පර ප්‍රකාශත් නිසා ලංකාව ‘ද්විත්ව පිළිවෙතක්’ අනුගමනය කරන්නේද යන ප්‍රශ්නය ඉරානය විසින් මතු කරනු පෙනේ.

IRIS දේනා නෞකාවේ ඛේදවාචකය හුදෙක් ඉරානයට සහ අමෙරිකාවට පමණක් සීමා වූවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ බරපතල ප්‍රශ්නාවලියක් ඉතිරි කර ඇත.

  • ඉරාන රජය ඉල්ලීමක් කළාද? නැතහොත් ලංකා නාවික හමුදාපති ආරාධනා කළාද?
  • පැය 11ක ප්‍රමාදයක් සිදු වූවා නම් ඊට වගකිව යුත්තේ කවුද?

තානාපතිවරයාගේ මෙම හෙළිදරව්වෙන් පසු රජය නිල ප්‍රකාශයක් නිකුත් කළ යුතුව ඇත. නැතහොත් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව ‘විශ්වාස කළ නොහැකි මිතුරෙකු’ ලෙස හංවඩු ගැසීමේ අවදානමක් පවතී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අර්ජුණ රණතුංගට සහ ධම්මික රණතුංගට අධිචෝදනා භාර දුන් නඩුවේ කතාව…

Next Post

කමේනි ඝාතනයට පැය 48කට පෙර ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර සිදුවූ රහසිගත දුරකථන සංවාදය: “එපික් ෆියුරි” මෙහෙයුමේ මෙතෙක් හෙළි නොවූ අභ්‍යන්තර කතාව!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.