අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 IMF ණය වාරිකය ගැන  IMF කියන කතාව අහන්න!

ඉදිරි ඡන්දය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවිනිශ්චිත තත්ත්වයක් ඇති කළ හැකි බවට  IMF සැක කරයි!

by editor
ජූනි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ   විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ 2024 වසරේ හතරවන වගන්තිය යටතේ වන (Article IV) උපදේශනය නිමා කළ බවත්, විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව වන දෙවන සමාලෝචනය සම්පූර්ණ  කළ බවත්  ඊයේ නිවේදනය කළේය.

ජාත්‍යාන්තර  අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ මෙම දෙවන සමාලෝචනය සිදුක කෙරිනි.  සම්පූර්ණ කරන ලද එම කඩඉමෙන්   ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට  ඇමරිකානු ඩොලර් මිලියන 336ක් පමණ  මූල්‍යන පහසුකමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක්  හිමි වූයේය.

කෙසේ වෙතත්, දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථා තුළ  ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර, ණය තිරසාරභාවය ළඟාකර ගැනීම අභියෝගාත්මක වී ඇති අයුරු ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.

ඉදිරි මැතිවරණයන්ද ඇතුළුව ප්‍රධාන දුර්වලතා සහ අවිනිශ්චිතතා පවතින බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ  විධායක මණ්ඩලය ද අවධාරණය කර තිබිණි.

ජාත‍්‍යාන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වූ බවය. එම අරමුදල විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්ක හැර අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක 2023 වසරේ දෙසැම්බර් මස අවසානයේදී ශ්‍රී ලංකාව විසින් සපුරාගන්නා ලදී.

2024 වසරේ අප්‍රේල් මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද, ආර්ථික අවදානම් තවමත් පවතින අතර, ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වන ගමන් මග අභියෝගාත්මකය. ප්‍රතිසංස්කරණ පවත්වාගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ආර්ථිකයේ කල් පවත්නා යථා තත්ත්වයකට පත්වීමට සහ ණය තිරසාරභාවය සඳහා ඉතා වැදගත් වේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මිල ස්ථායීතාව පවත්වාගැනීම, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම, බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැගීම, සහ පාලනය ශක්තිමත් කිරීම ඇතුළු වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැනි පුළුල් පරාසයක පැතිරී පවතින ප්‍රතිසංස්කරණ පිළිබඳව හතරවන වගන්තිය යටතේ වන උපදේශනය අවධානය යොමු කළේය.

කෙසේ වෙතත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමේ සලකුණු මතුවෙමින් තිබෙන බවය. 2023 වසරේ දෙවන භාගයේ දී මූර්ත දළ දේශීය නිශ්පාදිතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3කින් වර්ධනය විය. 2024 වසරේ මැයි මස උද්ධමනය සියයට 0.9ක් වූ අතර, 2024 වසරේ අප්‍රේල් මස අග වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය විය. 2023 වසරේ දී බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 දක්වා වැඩි වීමත් සමඟ ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් දක්වා වැඩි දියුණු විය. අක්‍රීය ණයවල කාර්යසාධනය වැඩි දියුණු වුවද, බැංකු අංශයේ යම් අවදානම් ඉතිරිව පවතී.

යථා තත්ත්වයට පත්වීම ක්‍රමානුකූලව සිදු වෙමින් පවතින අතර, මැදි කාලීන වර්ධන විභවය සුදුසු ප්‍රතිපත්ති සම්පාදනයන් මත රඳා පවතී. මැතිවරණ ක්‍රියාවලියත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිපත්තිමය දිශානතිය පිළිබඳ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන අතරම, අඩු මට්ටමක පවතින බැංකු ණය ලබා දීම් සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය හේතුවෙන් 2024-25 කාලපරිච්ඡේදයේ දී වර්ධනය මධ්‍යස්ථව යථා තත්ත්වයට පත් වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

කෙටි කාලීන සාධක හේතුවෙන් උද්ධමනය තාවකාලිකව වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය වීම හේතුවෙන් 2024 වසරේදී විදේශ අංශයේ ජංගම ගිණුම ධනාත්මකව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණයන්හි ගම්‍යතාවය අඩු වීම තුළින් දේශීය අවදානම් මතුවිය හැකිය.

තීව්‍ර වූ කලාපීය ගැටුම්, වෙළඳ භාණ්ඩ මිල විචලනයන් සහ ගෝලීය මන්දගාමිත්වය ආශ්‍රිතව විදේශීය අවදානම් ඇති වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මන්දගාමී ප්‍රගතිය හේතුවෙන් මූල්‍යන පරතරය වැඩි විය හැකිය.

ශ්‍රී ලංකාව පිළිබඳ විධායක මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සමස්ථය සාරාංශ කර  පහත ප්‍රකාශය නිකුත් කළේය.

“අරමුදල් මඟින් සහාය ලැබෙන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතී. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ සුළු හිඟය හැර, සියලු ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගන්නා ලදී. බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ගැලපීම් සාර්ථක වෙමින් පවති. “

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන් ගනී, උද්ධමනය අඩු මට්ටමක පවතී, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතී, සහ සංචිත අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙම ධනාත්මක වර්ධනයන් හමුවේ වුවද, ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර, ණය තිරසාරභාවය ළඟාකර ගැනීම අභියෝගාත්මක වී ඇත.”

දැනට සිදුකර ගෙන යන ප්‍රතිව්‍යුහගත කිරීම, ආදායම් රැස් කිරීම, සංචිත ඉහළ නැංවීම සහ යථා තත්ත්වයට පත්වීමට සහය දැක්වීම සඳහා බැංකුවලට ඇති හැකියාව හා සම්බන්ධ අවදානම් සහගත තත්ත්වයන් විසින් ඉදිරි දැක්ම සඳහා අඛණ්ඩව බාධා පමුණුවයි. ශක්තිමත් ප්‍රතිසංස්කරණ ප්‍රයත්න, ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ හදිසි අවස්ථා සඳහා වන සැලසුම් මෙම අවදානම් අවම කිරීමට උපකාරී වේ.

“මූල්‍ය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා, තිරසාර ලෙස ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන්, වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දියුණු කිරීම මූල්‍ය විනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ණය කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ද අවශ්‍ය වේ.”

“මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායීතාවයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර, රජයේ අයවැය පරතරය මහ බැංකුව මගින් මූල්‍යනය කිරීමෙන් වැළකී සිටීමට සහ මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තිරසාර කැපවීමකින් සහාය විය යුතුය. විනිමය අනුපාතිකයේ නම්‍යශීලීත්වය අඛණ්ඩව පවත්වාගැනීම සහ ගෙවුම් තුලන ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව ඉවත් කිරීම, බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැංවීමට සහ විදේශීය අංශය නැවත තුලනය කිරීමට පහසුකම් සැළසීම සඳහා වැදගත් වේ.

“බැංකු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය නැවත ස්ථාපිත කිරීම සහ රාජ්‍ය බැංකුවල පාලනය සහ අධීක්‍ෂණය ශක්තිමත් කිරීම, ණය වර්ධනය සහ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට ඉහළ ප්‍රමුඛතා වේ.

“දිගු කාලීන විභවයන් අත්කර ගැනීම සඳහා පවතින ව්‍යුහාත්මක අභියෝගවලට මුහුණ දීම සඳහා බලධාරීන් තම උත්සාහයන් සමඟ ඉදිරියට යා යුතුය. ප්‍රධාන ප්‍රමුඛතා අතරට අයත් වන්නේ, පාලන ප්‍රතිසංස්කරණ ස්ථිර වශයෙන් සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීම; අපනයන සහ විදේශීය සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ වෙළඳාම තවදුරටත් ලිහිල්කරණය කිරීම; කුසලතා වැඩි දියුණු කිරීම සහ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා ශ්‍රම වෙළඳපොල ප්‍රතිසංස්කරණ; සහ කාර්යක්‍ෂමතාව සහ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා රජය සතු ව්‍යවසායයන්ගේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම, රාජ්‍ය මූල්‍ය අවදානම් අඩු කිරීම සහ පෞද්ගලික අංශය සඳහා සම අවස්ථාවන් ලබා දීම ප්‍රවර්ධනය කිරීම යනාදියයි.

විධායක මණ්ඩල තක්සේරුව

ප්‍රතිසංස්කරණ ඵලදායි වන බව සැළකිල්ලට ගනිමින් අරමුදල්-ආධාරක වැඩසටහන යටතේ බලධාරීන්ගේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය විධායක මණ්ඩලය පැසසුමට ලක් කළහ. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇති අතර, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, රජයේ ආදායම වැඩිදියුණු වීම, සහ සංචිත අඛණ්ඩව වර්ධනය වීම සිදුව ඇත. කෙසේ වෙතත්, දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉදිරි මැතිවරණයන්ද ඇතුළුව ප්‍රධාන දුර්වලතා සහ අවිනිශ්චිතතා පවතින බව විධායක මණ්ඩලය අවධාරණය කළහ. මෙම පසුබිමට එරෙහිව, ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සහ දිගුකාලීන වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වා ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා 2025 වසරට අදාළ අයවැයට අනුගත වන අතිරේක ආදායම් ක්‍රියාමාර්ග සහ තවදුරටත් බදු පරිපාලන ප්‍රතිසංස්කරණ මෙන්ම බදු නිදහස් කිරීම් සීමා කිරීම සහ ඒවා වඩාත් විනිවිදභාවයක් ඇති කිරීම අවශ්‍ය බව විධායක මණ්ඩලය අවධාරණය කළහ. වර්ධනය වැඩිදියුණු කිරීම, සමාජ වියදම් ආරක්ෂා කිරීම සහ සමාජ ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම සඳහා ඔවුහු ඉල්ලා සිටියහ.

රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විධායක මණ්ඩලය අගය කළ අතර, එමඟින් රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කෙරෙන අතර ශක්තිමත් මූල්‍ය රාමුවක් ද ස්ථාපිත කෙරේ. ණය කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් උත්සාහයන්  අවශ්‍ය බවද ඔවුහු සඳහන් කළහ. බලශක්ති මිලකරණයේ පිරිවැය-ප්‍රතිසාධනය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය විධායක මණ්ඩලය විසින් පිළිගත් අතර, රාජ්‍ය සතු ව්‍යවසායයන්ගෙන් (SOEs) අවදානම් අඩංගු කිරීමේදී එහි තීරණාත්මක බව එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය නැවත ස්ථාපිත කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අධ්‍යක්ෂවරුන් විසින් පිළිගනු ලැබීය. නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම සහ චීන අපනයන-ආනයන බැංකුව සමඟ ගිවිසුම් අවසන් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. වැඩසටහන් ඉලක්කවලට අනුකූලව විදේශීය පුද්ගලික ණය හිමියන් සමඟ, සංසන්දනාත්මක, විනිවිදභාවයෙන් යුත් සහ කාලානුරූපී ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකිරීමේ වැදගත්කම අධ්‍යක්ෂවරු අවධාරණය කළහ.

සම්පූර්ණ සිංහල නිවේදනය මෙම දිගුවෙන් ලබා ගත හැකිය. https://www.imf.org/si/News/Articles/2024/06/12/pr-24214-sri-lanka-imf-concludes-2024-article-iv-consultation-completes-2nd-review-under-eff

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරණම සහතිකයි… ඊයේ බංගලි ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලා තරගාවලියේ මුල් වටයෙන්ම විසිවී යයි!

Next Post

බඹර ප්‍රහාරයකින් සිසුන් 21ක් රෝහල්ගත කරයි… 04කට අසාධ්‍යයයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.