ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග යම්කිසි එකඟතාවයකට පැමිණිය යුත්තේ, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, දූෂණ මැඬලීම සඳහා ශක්තිමත් පියවර ගැනීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම, යන කරුණු සම්පූර්ණ කරන්නේ නම් පමණක් බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව නිවේදනය කර තිබේ.
එම අත්‍යාවශ්‍ය පියවර නොගතහොත් සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් දුර්වල කළමනාකරණයට ලක්වීම සහ පාලනය කළ නොහැකි ණය ප්‍රමාණයකට ගොදුරු වීම පමණක් බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව වැඩපිළිවෙලෙහි අරමුණ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යළි ස්ථාවර කිරීම මෙන්ම දූෂණ අවදානම මැඬලීම සඳහා නව ප්‍රතිසංස්කරණ එක් කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර තිබූ Twitter සටහනක් ගැන අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.
Any @IMFNews agreement with #SriLanka must be contingent on @CBSL independence, strong anti-corruption measures & promotion of the rule of law. Without these critical reforms, Sri Lanka could suffer further economic mismanagement & uncontrollable debt. https://t.co/oMdT7QIwZP
— Senate Foreign Relations Committee (@SFRCdems) July 1, 2022