ශ්‍රියානි විජේසිංහ –
රුධිරය රෝගියාට ලබා දීමට ප්‍රථම අදාල රුධිර නියැදියේ එච්අයිවී ඒ්ඩ්ස් රෝගය , හෙපටයිටිස් බී සහ සී රෝගයන් , සිපිලිස් හා මැලේරියා වැනි බෝවන රෝගයන් පරික්ෂා කිරීම සඳහා රාසායනාගාර පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රතික්‍රීයක නොමැති වීම හේතුවෙන් එම පරීක්ෂණ නැවතී යෑම නිසා ඉදිරි සති දෙක තුන තුළ රුධිරය බෙදා හැරීම මුළුමනින්ම නතර වීමේ බරපතල අවදානමක් මතු වනු ඇතැයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතාශකයෙක් පැවසීය .
ප්‍රතික්‍රීයක සැපයුම්කරුට මාස 8ක් පුරා රුපියල් මිලියන 300ක මුදලක් ගෙවීමට ඇති බැවින් එම මුදලින් මිලියන 100ක් හෝ ගෙවන්නේ නම් නැවත ප්‍රතික්‍රීයක ලබා දිය හැකි බව සැපයුම්කරු සදහන් කර ඇතත් මේ වන තෙක් එය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන නොමැති බවද පැවසේ.
රුධිර පයින්ට් 1400ක් පමණ දෛනිකව රෝහල්වෙත සපයන නමුත් රුධිරය පරික්ෂා කිරීම් නතර වුවහොත් රෝහල්වෙත රුධිරය සැපයීම මුළුමනින්ම නතර වන බව හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මෙම අවදානම් තත්තවය පිලිබඳව අප රුධිරපාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය බරපතල අවදානමක තිබෙන නමුත් හැකි ඉක්මනින් සැපයුම්කරුට ගෙවිය යුතු මුදල් පියවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවකි.
කෙසේ නමුත් රුධිරයේ බෝවන රෝගයන් සම්බන්ධයෙන් කරනු ලබන පරික්ෂණ ඇනහිටියහොත් රුධිර බෙදාහැරිය නොහැකි බව අධ්‍යක්ෂවරයා අනතුරු අඟවා සිටියේය.