සඳුදා, ජූනි 29, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා සලේ ලා මැරෙන තුරු උපවාස කිරීම රටේ මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවය!

by editor
ජූනි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

“ඔහු නිවැරදි පුද්ගලයෙකු නම්,  සලේ  මානසිකව වැටෙන්නේ නැතිව ශක්තිමත්ව සිටිමින් තමාගේ නඩුව වෙනුවෙන් නීතිමය වශයෙන් සටන් කළ යුතුය.”

“අතීතයේ දී අපිටත් ඔය වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණ වෙලාවේ අපි කටයුතු කළේ  අන්න ඒ විදිහටමයි. අපි  යාච්ඤා කළා , ශාරීරිකව ශක්තිමත්ව ඉන්න ව්‍යායාම කළා, පොත්පත් කියෙව්වා, අපේ නීතිඥවරුන් මුණගැසුණා, වගේම අපිට එරෙහිව තිබුණු නඩුවලට නීතිමය වශයෙන් ඉතාම ශක්තිමත්ව මුහුණ දුන්නා.”

“එදා අපව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට කටයුතු කළ සලේ  හොඳින්ම දන්නවා, එදා අපිට සිරගෙදර හෝ රැඳවුම් භාරයේ මුහුණ දෙන්න සිද්ධ වුණු කොන්දේසි සහ වටපිටාව, අද ඔහු පත්වෙලා ඉන්න තත්ත්වයට වඩා බෙහෙවින්ම දරුණු වගේම අතිශය දුෂ්කර මට්ටමක තිබුණ එකක් බව.”  – හිජාස් හිස්බුල්ලා

RelatedPosts

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් මෙසේ කියන්නේ හිජාස් හිස්බුල්ලාය. හිජාස් හිස්බුල්ලා මේ කතාව කියන්නේ සලේ ගේ උපවාසය ගැන තමන්ගේ අදහස් දක්වමින්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිජාස් හිස්බුල්ලා  අත්අඩංගුවට පත්වන්නේ 2020 වසරේ දී ය.  මාස 22කට ආසන්න කාලයක් ඇප නොලැබී සිරගතව සිටි හිස්බුල්ලා, තමන් සහ පිරිස එම දුෂ්කර කාලසීමාවට මුහුණ දුන් ආකාරය  ගැන කියන්නේ එසේය. .

දැනට මාස 03ක පමණ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා සිටින සුරේෂ් සලේ, තමන්ගේ වගවීම් පිළිබඳව ප්‍රශ්න කරනු ලබන අවස්ථාවේ දී සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනු වෙනුවට “මම මාරාන්තික උපවාසයක් කරනවා” යනුවෙන් ප්‍රකාශ කිරීම ගැටලුසහගත බව  හිජාස් හිස්බුල්ලා කියන්නේය.

හිජාස් හිස්බුල්ලාගේ මේ කතාව සුරේෂ් සලේ පිළිබඳව මේ වනවිට දේශපාලන කුණු කානුපල්ලේ ඇති වී තිබෙන මජර ඝෝෂාවට වෙනම හැඩයක් ලබා දී  තිබේ. එය විමසිය යුතු මතුකිරීමක් වන්නේ ඒ් නිසාය.

හිස්බුල්ලාගේ අත්දැකීම 

ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට පත්වීම සහ ඉන් අනතුරුව සිදු වූ නීතිමය ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද දැඩි අවධානයට ලක් වූ සිදුවීමකි.

2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල දීම සහ සහයෝගය දැක්වීම යන සැකය මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ 2020 අප්‍රේල් 14 වැනිදාය. ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එක් බෝම්බකරුවෙකු වූ මොහොමඩ් ඉල්හාම්  අහමඩ් නැමැත්තා සමඟ වෘත්තීය මට්ටමින් සබඳතා පැවැත්වූ බවට මූලිකව චෝදනා එල්ල විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවුම් නියෝග මත ඔහුව දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි.

Hejaaz-Hizbullah
හිජාස් හිස්බුල්ලා

අධිචෝදනා ගොනු කිරීම සහ නීතිමය සටන

මාස 10කට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් අනතුරුව, 2021 මාර්තු මාසයේ දී නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව නිල වශයෙන් අධිචෝදනා ගොනු කළේය.  එහිදී ප්‍රධාන වශයෙන්ම චෝදනා එල්ල වූයේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි ‘අල් සුහයිරියා’ නැමැති මද්‍රසා පාසලක සිසුන්ට අන්තගාමී දේශන පැවැත්වීම සහ ආගමික ප්‍රජාවන් අතර අසමගිය ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධව  සාක්ෂි දීමට එම මද්‍රසා පාසලේ දරුවන් සාක්ෂියට කැඳවා තිබිණි.   මෙම චෝදනා එල්ල කරමින්  හිජාස් හිස්බුල්ලා බිහිසුණු පීඩාවට පත් කර තිබුණු ආකාර කීපයකි.

  1. නීතිඥ සහය සහ නිසි උපදේශන අයිතිවාසිකම් අහිමි කිරීම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා මුහුණ දුන් බරපතළම සහ මූලිකම පීඩාව වූයේ තමන්ට එරෙහි චෝදනාවලින් ආරක්ෂා වීම සඳහා නීතිඥ සහය ලබා ගැනීමට තිබූ අයිතිය ක්‍රමානුකූලව අහුරා දැමීමය.

රඳවා තබා ගැනීමේ මුල් මාස කිහිපය තුළ ඔහුට තම නීතිඥවරුන් පෞද්ගලිකව හමුවීමට හෝ නිදහසේ උපදෙස් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කිසිදු ඉඩකඩක් ලබා නොදුන් බව සත්‍යාපිත නිල වාර්තා මගින් සනාථ කෙරිනි.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) බලධාරීන්ගේ මෙම පිළිවෙත දැඩි ලෙස හෙළා දුටුවේය. ඕනෑම සැකකරුවෙකුට තමන් කැමති නීතිඥවරයෙකු හමුවීමට ඇති මූලික මානව අයිතිවාසිකම මුළුමනින්ම උල්ලංඡනය කරමින්, විමර්ශන නිලධාරීන් ඉදිරිපිට සහ ඔවුන්ට පැහැදිලිවම ඇසෙන මායිමක පමණක් සීමිත විනාඩි කිහිපයකට හිස්බුල්ලා දැකීමට නීතිඥවරුන්ට අවසර දී තිබුණි.

මෙම අනිසි බලපෑම හේතුවෙන් තමන්ට එරෙහිව ගොනු වෙමින් පැවති චෝදනාවලට නිසි නීතිමය ආරක්ෂාවක් සහ ප්‍රතිචාරයක් සකස් කර ගැනීමට ඔහුට නොහැකි වූ අතර, එය බරපතළ වෘත්තීය මෙන්ම මානසික පීඩනයක් බවට පත්විය.

  1. පවුලේ අයගෙන් හුදෙකලා කිරීම සහ සන්නිවේදන සීමාවන්

රැඳවුම් භාරයේ පසු වූ වකවානුවේ දී හිස්බුල්ලා වටා ක්‍රියාත්මක වූ පරිසරය දැඩි පීඩාකාරී එකක් වූයේ, ඔහුව බාහිර ලෝකයෙන් සහ තමන්ගේ සමීපතමයන්ගෙන් සම්පූර්ණයෙන්ම පාහේ වෙන් කර තැබීමට බලධාරීන් කටයුතු කිරීම නිසාය. රැඳවුම් භාරයේ පසු වූ මුල් මාස කිහිපය පුරාම ඔහුව දැඩි ලෙස හුදෙකලා කර තැබීම විමර්ශන උපායමාර්ගයක් ලෙස භාවිත කරන බවක් පෙනෙන්නට තිබුණි.

ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටින ‘ෆ්‍රන්ට් ලයින් ඩිෆෙන්ඩර්ස්’ (Front Line Defenders) සංවිධානය නිකුත් කළ වාර්තා මගින් ද මෙම තත්ත්වය මැනවින් තහවුරු කෙරේ. ඒ අනුව ඔහුගේ බිරිඳට සහ පවුලේ ළඟම ඥාතීන්ට ඔහුව මුණගැසීමට අවසර ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. එමෙන්ම ඔහුට බාහිර පුද්ගලයන් සමඟ දුරකථන ඇමතුම් ලබා ගැනීම පවා දැඩි නීති රීති මගින් පාලනය කෙරුණු අතර, දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු මානුෂීය සන්නිවේදනයක් නොමැතිව හුදෙකලා කුටීරයක රඳවා තැබීම හේතුවෙන් ඔහු අතිශය දැඩි මානසික ආතතියකට සහ පීඩාවකට ලක්විය.

  1. අමානුෂික සහ සෞඛ්‍යයට අහිතකර සිර මැදිරි පරිසරය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව්වැනි මහලේ රඳවා සිටි සමයේ මෙන්ම පසුව බන්ධනාගාරගත කර සිටි කාලසීමාව පුරාම හිස්බුල්ලාට මුහුණ දීමට සිදු වූ කායික පීඩාවන් රැඳී තිබුණේ සිර මැදිරිවල පැවති අමානුෂික සහ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් මතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත ඉදිරිපත් වූ නිල පැමිණිලි සහ පසුව අධිකරණ ක්‍රියාවලියේදී නීතිඥවරුන් මාර්ගයෙන් අනාවරණය වූ කරුණු අනුව, ඔහු රඳවා සිටි කුටිවල අවම ඉඩකඩ, ප්‍රමාණවත් නොවන ආලෝකය සහ වාතාශ්‍රය රහිත පීඩාකාරී වටපිටාවක් පැවතුණි. වි

ශේෂයෙන්ම මෙම රැඳවුම් කාලය කොවිඩ්-19 වසංගතය රට පුරා දැඩිව පැතිර ගිය 2020 සහ 2021 වර්ෂවලට යෙදී තිබීම නිසා තත්ත්වය තවත් දරුණු විය. ලාංකීය සිරගෙවල් තුළ පැවති අධික තදබදය, සනීපාරක්ෂක පහසුකම් අවම වීම සහ අසෞඛ්‍යාරක්ෂිත වටපිටාව හේතුවෙන් ඔහුගේ ජීවිතයට එල්ල වී තිබූ සෞඛ්‍ය අවදානම පිළිබඳව පවුලේ අය සහ නීතිඥ ප්‍රජාව දිගින් දිගටම සිය දැඩි කනස්සල්ල සහ බිය පළ කළහ.

  1. වෘත්තීය ප්‍රතිරූපයට එල්ල වූ හානිය සහ මාධ්‍ය දඩයම

දේශපාලන මෙන්ම සිවිල් නඩු රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින්, කෙටි කලකින් සමාජයීය වශයෙන් විශාල ඇගයීමකට ලක්ව සිටි දක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ හිස්බුල්ලාගේ සමස්ත වෘත්තීය ජීවිතය සහ ප්‍රතිරූපය මෙම අත්අඩංගුවට ගැනීම හරහා බරපතළ කඩාවැටීමකට ලක් කෙරුණි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි අතිශය සංවේදී සහ රටම කැලඹූ ත්‍රස්තවාදී සිදුවීමකට ඔහුගේ නම ඈඳා තිබීම මෙයට ප්‍රධානතම හේතුව විය.

ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (International Commission of Jurists – ICJ) පෙන්වා දුන් පරිදි, හිස්බුල්ලා යනු මුස්ලිම් සුළුතර ප්‍රජාවේ අයිතිවාසිකම්, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි සක්‍රීය නීතිඥවරයෙකි. එවැනි පසුබිමක ඔහුව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම, ලංකාවේ සමස්ත නීතිඥ ප්‍රජාවම බිය ගැන්වීම සඳහා බලධාරීන් භාවිත කළ මෙවලමක් බඳු විය.

මාස 22ක අඛණ්ඩ රැඳවුම් කාලය හේතුවෙන් ඔහුට තම නීතිඥ වෘත්තියේ නිරත වීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි වූ අතර, රජයට හිතවත් ඇතැම් මාධ්‍ය ආයතන නිසි නඩු විභාගයකින් තීරණයක් ඒමටත් පෙරම ඔහුව සමාජය ඉදිරියේ වරදකරුවෙකු කිරීමට ද්වේශසහගත ලෙස උත්සාහ කිරීම නිසා ඔහු සහ ඔහුගේ පවුල දැඩි සමාජයීය කොන්කිරීමකට සහ මානසික වධයකට ලක්විය.

  1. සාක්ෂි නිර්මාණය කිරීම සහ ව්‍යාජ ප්‍රකාශ ලබා ගැනීමේ කුමන්ත්‍රණ

හිස්බුල්ලා සිරගතව සිටි සමයේ ඔහුට විඳින්නට සිදු වූ තවත් අතිශය දුෂ්කර මානසික වධයක් වූයේ, තමන් වැරදි නොමැතිව තමන්ව කොටු කිරීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් ක්‍රමානුකූලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරමින් සිටින බව පසක් වීමය.

මෙම තත්ත්වය පසුව පුත්තලම මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් (FR) මගින් නිල වශයෙන්ම සනාථ විය. එහිදී අනාවරණය වූයේ හිස්බුල්ලාට එරෙහිව ව්‍යාජ සාක්ෂි ගොනු කිරීමේ අරමුණින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඇතැම් නිලධාරීන් විසින් පුත්තලම අල් සුහයිරියා මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ කුඩා දරුවන්ව බලහත්කාරයෙන් පොළඹවා ගෙන ඇති බවය. එම දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විවිධ අයුරින් තර්ජනය කර, බිය ගන්වා හිස්බුල්ලාට එරෙහිව ප්‍රකාශ ලබාගෙන ඇති බව අධිකරණයේ දී තහවුරු විය.

රාජ්‍ය යාන්ත්‍රණය සහ විමර්ශන අංශ තමන්ව සිර කිරීමට මෙවැනි දූෂිත ක්‍රියාවලියක නිරත වන බව දැනීම, සිරකුටියක් තුළ හුදෙකලාව සිටි ඔහුට දරාගත නොහැකි මානසික වධයක් විය.

 හිජාස් හිස්බුල්ලාගේ සමස්ත සිදුවීම සහ ඔහු මුහුණ දුන් අත්දැකීම් පෙළගැස්ම  ජාත්‍යාන්තරය  ද තිගැස්වූයේය.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) සිය නිල වාර්තාවල ද මේ පිළිබඳව විශේෂ සටහනක් තබමින් අවධාරණය කර තිබුණි. හිස්බුල්ලාගේ සිදුවීම යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) කිසිදු සාධාරණ නඩු විභාගයකින් තොරව, පුද්ගලයන් දීර්ඝ කාලයක් පුරා අභිමතය පරිදි රඳවා තබා ගැනීමටත්, ඔවුන්ව මානසිකව හා කායිකව අඩපණ කරමින් පීඩාවට පත් කිරීමටත්    බලධාරීන් විසින් කෙතරම් දුරට අවභාවිත කරනු ලබන්නේද යන්න පෙන්වා දීමට තිබූ නිරුවත් සාධකය විය.

ඇත්තම කතාව නම් සුරේෂ් සලේ යනු  මේ නින්දිත පනත වින්දය කළ ප්‍රමුඛයෙකි.   උද්ඝෝෂණ පැවැත්වූ    වරදට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් අත් අඩංගුවට ගත්  වසන්ත මුදලිගේ පසුගිය දා  තමන් විඳි කෲරත්වයේ  අත්දැකීම් ගැන කීවේය. එදා  එම කෲරත්වය නිර්මාණය කළ ප්‍රධානියෙක්  වූ සලේ අද තමන් අත් විඳමින් ඇති  කෲරකම් යැයි කියා හඬා වැටෙන්නේ මොන තරම් සිල්ලර සිදුවීම් සම්බන්ධව  දැයි ප්‍රශ්න කළේය.

අවසානයේ දී   අපට මේ සමස්ථය හරහා   ඉතාම දෛවෝපගත සිදුවීමක් පෙනේ. එනම්  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හසුරුවමින් එය  වින්දනය කළ රසිකයෙක් එම පනතේ ගර්හිත තුච්ඡකම අත් දකිමින් එම පනතට එරෙහිව මැරෙන තුරු උපවාස කිරීමට තීරණය කිරීමය.  ඇත්තම කතාව නම් මේ පනතට එරෙහිව සලේලා මැරෙන තුරු උපවාස කළ යුතු බවය. එය මේ රටේ සාධාරණ පුරවැසි අයිතිය අපේක්ෂා කළ සිවිල් මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 නැවතී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළි අද සිට ඇරඹෙයි!

Next Post

සංඝ කතිකාවතක් ගෙන ඒමට 2006 සිට ගත් උත්සාහයට කිසිදු රජයකින් සහය ලැබුණේ නැහැ – මල්වතු මහානායක හිමි පවසති!

Related Posts

පුවත්

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026
පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.