බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල ගල් අඟුරු නිසා විදුලි බිලෙන් 57%ක් වැඩි වෙන්නේ කොහොමද? – ආචාර්ය හර්ෂ ද සිල්වා ගණන් හිලව් සහිතව හෙළි කරයි!

by editor
අප්‍රේල් 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් ඇති වන විදුලි උත්පාදනයේ අඩුව ජනතාවගෙන් අය කර ගැනීමට සූදානම් නැති බව බලධාරීන් පැවසුව ද, එය සූක්ෂ්ම ලෙස ජනතාව මතම පැටවෙන ආකාරය අද (10) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“එවන් පපර්ජෝජියෝ, අයි.එම්.එෆ් ප්‍රධානියා ඊයේ පුවත්පත් සාකච්ඡාවේදී කියනවා බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වෙනවාද කියලා. වැදගත්ම ප්‍රශ්නය මේක තමයි. දැන් මේ කියන්නේ බාල ගල් අඟුරු නිසා විදුලි බල මණ්ඩලයේ පාඩුව වැඩි වුණාද කියන එකයි ප්‍රශ්නය. එතකොට අයි.එම්.එෆ් ප්‍රධානියා කියනවා ‘ඔව්… එහෙම වෙලා තියෙනවා. විදුලි බිල වැඩි වීමට මෙන්න මේ කරුණ බලපානවා’ කියලා.

ඒකට අදාළ අයි.එම්.එෆ් ලියවිල්ලත්, මේ ඇනෙක්ස් එකත් මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. අයි.එම්.එෆ් එකත් එක්ක ඔබලා එකඟ වෙච්ච පළමු ඡේදයේම තියෙන ‘ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට්’ එක එන්නේ එක කොන්දේසියක් මතයි. ඒ කොන්දේසිය තමයි ‘කොස්ට් රිකවරි ටැරිෆ්’ (Cost Recovery Tariff). ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ පාඩුවක් වුණා නම් එය පියවා ගත යුතුයි. ‘රිෆ්ලෙක්ට්’ නෙවෙයි ‘රිකවර්’ විය යුතුයි. ඒ කොන්දේසිය මත පමණයි ඩොලර් මිලියන 700 නිදහස් කරන්නේ කියලා එහි සඳහන් වෙනවා. මම එයත් සභාගත කරන්නම්.

සියයට 57 ක් වැඩි වෙන හැටි

සාමාන්‍යයෙන් ගල් අඟුරුවලින් ගිගාවොට් පැය 1381ක් උත්පාදනය කර ගැනීමටයි මේ අය බලාපොරොත්තු වුණේ. දැන් ඒ අය එය සංශෝධනය කරලා පෙරේදා (08 වැනිදා) ප්‍රකාශයට පත් කළා. දැන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ ගිගාවොට් පැය 1131.59ක් පමණයි. ඒ කියන්නේ එතැන ගිගාවොට් පැය 250ක වෙනසක් තියෙනවා. ගිගාවොට් පැයක් කියන්නේ යුනිට් මිලියන 250ක්.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

දැන් බලන්න, ඔබලා ඩීසල් යුනිට් එකක් විකුණන්නේ රුපියල් 95කට. ගල් අඟුරුවලින් ගන්නේ රුපියල් 20කට. එතකොට දළ වශයෙන් රුපියල් 75ක වෙනසක් තියෙනවා. ඒ රුපියල් 75ක අගය, අර අඩු වූ යුනිට් ප්‍රමාණයෙන් වැඩි කළාම රුපියල් බිලියන 19ක මුදලක් එනවා.

විදුලි බිල වැඩි කිරීම සඳහා ඉල්ලන්නේ රුපියල් බිලියන 33ක්. ඒ කියන්නේ නැප්තා භාවිතා කරන්නේ නම් සියයට 25කින්ද, නැප්තා නැතිව ඩීසල් පාවිච්චි කරන්නේ නම් සියයට 30කින්ද විදුලි බිල වැඩි කරන්න කියලා ඉල්ලනවා. එතකොට බාල ගල් අඟුරු නිසා සිදු වූ මේ බිලියන 33ක පාඩුවෙන් බිලියන 19ක්ම බාල ගල් අඟුරු ප්‍රශ්නය නිසයි. ඒ කියන්නේ සමස්ත විදුලි බිල වැඩිවීමෙන් සියයට 57ක්ම සිදු වෙන්නේ බාල ගල් අඟුරු නිසයි. මේක කියන්නේ අපි නෙවෙයි, ලංකා විදුලි බල මණ්ඩලයේ එන්.එස්.ඕ (NSO) එකයි.

මම කියන්නේ මේකයි. අයි.එම්.එෆ් එක ඩොලර් මිලියන 700 ලබා දීමට එකඟ වුණේ එක් කොන්දේසියක් මතයි. මා එය සභාගත කරනවා. ඒ තමයි විදුලි බිල පිරිවැය පියවා ගත හැකි (Cost Reflective) ආකාරයට වැඩි කළ යුතුයි කියන එක. එය අවම වශයෙන් සියයට 25ක් හෝ සියයට 30ක් විය යුතුයි කියලා පී.යූ.සී.එස්.එල් (PUCSL) එකට දීලා තියෙනවා. ඒ අය ඒක තීරණය කරාවි.

නමුත් ඒ වැඩිවීමෙන් සියයට 57ක්ම බාල ගල් අඟුරු නිසා ඇති වූ රුපියල් බිලියන 19ක පාඩුව බව මම කියනවා. ඒක මම සභාගත කරනවා. ඉතින් ඕක තමයි ඇත්ත.” යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ විවාදය නියමයි… මෙතෙක් රටට ගෙනා ගල් අඟුරු නැව් 426ක් ගැනම විමර්ශනයක් කරනවා – නඩු පවරන්නත් පියවර: ඇමති නලින්ද ජයතිස්ස!

Next Post

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගයෙන් පසු ගල් අඟුරු ගනුදෙනු සොයන්න ජනපති කොමිසමක්!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.