රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුවේ බලය අහෝසි කරමින් එම සංගමය සඳහා නව විධායක කමිටුවක් පත්කිරිම සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කර අවශ්‍ය කටයුතු සිදුකරන්න යැයි මොරටුව දිසා විනිසුරු ධමින්ද රාමනායක අද (8) නියෝග කළේය.
විනිසුරුවරයා මෙම නියෝගය කරන ලද්දේ වෛද්‍ය චමල් සංජීව විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
වෛද්‍ය චමල් සංජීව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වත්මන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල කාලය පසුගිය ජූනි 26 වෙනිදා අවසන් වුවද විවිධ හේතු දක්වමින් නිලවරණය කල් දැමිමට විරෝධය පළ කරමිනි.
එම පෙත්සම විභාගයට ගත් දිසා විනිසුරුවරයා නිලවරණය සඳහා නැවත නාමයෝජනා කැඳවන ලෙසත් නිලවරණයට අදාල කටයුතු සඳහා හැර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශිර්ෂ හා නිල නාම භාවිත නොකරන ලෙස ජුලි 16 වෙනිදා වාරණය නියෝගයක් නිකුත් කර තිබූණි
එලෙස නියෝගයක් ලබා දීතිබියදී ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලවරණයට අදාල කටයුතු සිදුකිරීම පැහැර හැර ඇතැයි ද වාරණයට පටහැනිව කටයුතු කර ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.
මේ අතර කොළඹ දිසා අධිකරණයෙන් ලැබුණ අතුරු තහනම් නියෝගයක් අනුව තව දුරටත් බලයේ රැදී සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබුණි.
පෙත්සම අද( 8) දිනයේදී සලකා බැලූ දිසා විනිසුරුවරයා පෙත්සම් කරු වූ වෛද්‍ය චමල් සංජීවට නියෝග යක් ලබාදෙමින් කියා සිටියේ පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධ කරමින් සාමාජිකයින්ව දැනුවත් කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව ඝණපූර්ණය වූ සාමාජිකයින් 100 වැඩි පිරිසක් රැස්කර යෝජනා ස්ථිරත්වයෙන් සංගමය සඳහා අතුරු පාලක මණඩලයක් පත් කර ඒ මගින් තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලෙසය.
ඉන් අනතුරුව නාමයෝජනා කැදවා විනිවිද භාවයකින් යුතුව නිලවරණය පත්වන ලෙස ද අධිකරණය විසින් උපදෙස් ලබා දී තිබේ.
ජූලි මස 16 වෙනිදා මොරටුව දිසා අධිකරණයෙන් ලබාදුන් වාරණ නියෝගය නොතකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හටපු නිලධාරීන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරිම සෞඛ්‍ය අමාත්‍යංශයේදි සාකච්ඡා පවත්වමින් අදහස් දැකිවීම යන දෑ සිදුකර අධිකරණයට අපහාස කර ඇතැයිද වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මොරටුව දිසා අධිකරණයට දන්වා ඇත
ඒහි තීන්දුව ඔක්තෝම්බර් 16 වෙනිදා ලබා දීමට නියමිතය.