ඉන්දියාව G-20 සංසදයේ සභාපතිත්වය ඉන්දුනීසියාවෙන් සියතට ගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 01 වන දිනදීය. මෙය ඉන්දියාවට නැගී එන බලවතකු ලෙස සහ ගෝලීය බලශක්ති සංක්‍රාන්තියේ ප්‍රමුඛයා ලෙස තම තත්ත්වය ප්‍රදර්ශනය කිරීමට මහඟු අවස්ථාවක් ලබාදී තිබේ. ඉදිරි දශකය තුළ ඩොලර් ට්‍රිලියන 8.3 ක දළ දේශීය නිෂ්පාදිතයක් අපේක්ෂා කරන ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත් වීමට නියමිතයි. ඉන්දියාව දැනටමත් පසුවන්නේ ලොව 05වන විශාලතම ආර්ථිකය බවට පත්වීය. එම ස්ථානයට පත්වීම සඳහා ඉන්දියාව පසුකර යන ලද්දේ විශාල කාල පරාසයක් තම රට පාලනය කරන ලද බ්‍රිතාන්‍යය වීම විශේෂත්වයකි.
G20 ප්‍රධානියා ලෙස මෙන්ම ලොව 05වන විශාලතම ආර්ථික බලවතා ලෙස වැඩි වශයෙන්ම ෆොසිල ඉන්ධන ආනයනය සහ එහි වැඩෙන බලශක්ති ඉල්ලුම මත ඉන්දියාවට දැවැන්ත පීඩනයක් එල්ල වීම නිරායාසයෙන් සිදුවන්නකි. කෙසේ වෙතත්, පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීමට ඉන්දියාව හොඳින් ස්ථානගත වී ඇති බැවින් මෙම ආඛ්‍යානය අනාගතයේදී වෙනස් වීමට නියමිත බව ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ අදහසයි. G20 සංසදය විසින් ඉන්දියාවට එහි සභාපති ධූර කාලය තුළ ලෝකයේ ගෝලීය බලශක්ති පද්ධතිය, අඩු කාබන් ඉන්ධන වෙත යොමු කිරීමේ කේන්ද්‍රස්ථානය ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.
ගෝලීය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉන්දියාව සතුය. එය 2030 වන විට ගිගාවොට් 500 ක ඉලක්කයක් සහිතව, 2021 අවසන් වන විට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ගිගාවොට් 100ක් වශයෙන් සටහන්ව පැවැතිණි. 2022 අවසන් වන විට ගිගාවොට් 175ක්ද සමගින් ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ති වැඩසටහන සහිත සමස්ත ස්ථාපිත පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සම්බන්ධයෙන් ඉන්දියාව දැන් ලෝකයේ සිව්වන ස්ථානයට පත්ව ඇත. එසේම ඉදිරි වසර කිහිපය තුළ කැනඩාවට සහ චීනයට පසුව ඉන්දියාව ලොව තුන්වන විශාලතම එතනෝල්(බලශක්තියක් ලෙස) වෙළඳපොළ බවට පත් වනු ඇතැයිද අපේක්ෂා කෙරේ. =
G20 ආවරණය යටතේ, හරිත සංවර්ධනය සහ දේශගුණ මූල්‍ය, ඔරොත්තු දෙන වර්ධනය හා තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයේ ප්‍රගතිය සහ තාක්ෂණික පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම මගින් ඉන්දියාවට සිය බලශක්ති සංක්‍රාන්ති ඉලක්කවලට ප්‍රමුඛත්වය ලබාදීමේ හැකියාව ලැබී ඇත. ඒ අනුව දැනටමත් ආර්ථික සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය ප්‍රදර්ශනය කෙරෙන ආකාරයෙන් ඉන්දියාව වැඩි වැඩියෙන් ලොව පුරා රටවල් සඳහා ආදර්ශයක් ලෙස සේවය කරමින් සිටින බව දැකගත හැකිය.
2023 දී ඉන්දියාවේ සභාපතිධුරය සඳහා වන G20 තේමාව වන්නේ “වසුධෛව කුටුම්බකම්” හෙවත් “එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්” යන්නයි. එය තනි පුද්ගල ජීවන රටාවන් සහ ජාතික සංවර්ධනය යන දෙඅංශයෙන්ම පාරිසරික වශයෙන් වගකිවයුතු සහ කල්පනාකාරී තෝරාගැනීම් පිලිබඳ වැදගත්කම ඉස්මතු කරනු ලබයි. මේ හරහා ඉන්දියාව වඩාත් තිරසර, පිරිසිදු, හරිත හා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සඳහා මග පෑදීම අරමුණු කර තිබේ. ගෝලීය කාබන් විමෝචනය අවම කිරීම සහ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වේගවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින ඉන්දියාව, දේශගුණික විපර්යාසයන් ආමන්ත්‍රණය කිරීමේදී “පොදු නමුත් වෙනස් ලෙස වගකීමේ” වැදගත්කම අවධාරණය කර ඇත.
G20 සභාපතිත්වය යටතේ ඉන්දියාව ‘පරිසරය සඳහා ජීවන රටා (LiFE) ව්‍යාපාරයේ’ කොටසක් ලෙස, පාරිසරික සවිඥානික භාවිතයන් සහ තිරසාර ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම තුළින් හවුල් ගෝලීය අනාගතයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ‘අම්රිත් කාල්'(Amrit Kaal) වැඩසටහන දියත් කර ඇත. ඉන්දියාවේ G20 ප්‍රමුඛතා අතර හරිත සංවර්ධනය සහ දේශගුණික මූල්‍ය කටයුතු ඇතුළත් වන අතර, LiFE ව්‍යාපාරය හරහා තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එසේම කොවිඩ්-19 හි බලපෑම ආමන්ත්‍රණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයේ ප්‍රගතිය වේගවත් කිරීම ඉන්දියාව ද අරමුණු කරයි.
1998 දී ඉන්දියාව G20 කණ්ඩායමට සම්බන්ධ වූයේ එය මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ එකමුතුවක් පමණක් ලෙස පැවතියදීය. එතැන් සිට, ඉන්දියාව G20 හි න්‍යාය පත්‍රය හැඩගැස්වීමට සහ ලෝක වේදිකාවේ තම අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. එතැන් සිට තිරසාර සංවර්ධනය, දරිද්‍රතාවය පිටුදැකීම සහ දේශගුණික විපර්යාස ගැටළු සඳහා G20 තුළ ඉන්දියාව ප්‍රබල උපදේශකයෙක් ලෙස කටයුතු කර ඇත. පිරිසිදු බලශක්තිය සඳහා හුවමාරු වීමේ පියවරයන් සම්බන්ධයෙන් G20 රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාවට විශාල හැකියාවක් ඇත. G20 කණ්ඩායමේ සභාපතිවරයා ලෙස, අඩු ආදායම්ලාභී රටවලට බලශක්ති ප්‍රවේශය සහතික කරන අතරම, පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා ඉන්දියාවට ගෝලීය හවුල්කාරිත්වයන් ව්‍යාප්ත කළ හැකිය.
ඉන්දියාවේ G20 සභාපතිධූර කාලය තුළ, සියලුම ආකාරයේ බලශක්තියට සමාන ප්‍රවේශයක් සහ ෆොසිල ඉන්ධන ස්ථාවර සැපයුමක් සහතික කිරීමේ සහයෝගීතාවය සඳහා ලෝකයට විකල්ප මාර්ගයක් ලෙසද කටයුතු කරනු ලබයි. G20 බලශක්ති සංක්‍රාන්ති ක්‍රියාකාරී කණ්ඩායම, පිරිසිදු තාක්‍ෂණයන්ට සමාන ප්‍රවේශයක් ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සමඟින්, පිරිසිදු හා වඩා තිරසාර බලශක්ති අනාගතයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම සාමාජික රටවල සාමූහික ප්‍රයත්නවල අවශ්‍යතාවය අවධාරණය කර ඇත. පිරිසිදු බලශක්ති ඉන්ධන වෙත තල්ලු කිරීමට රටවල් සම්බන්ධ කර ගැනීමේ එහි උත්සාහයන් වේගවත් කිරීම සඳහා, ඉන්දියාව, බ්‍රසීලය සහ එක්සත් ජනපදය විසින් දැනටමත් ප්‍රවාහනය සහ වෙළඳාම සඳහා තිරසාර ජෛව ඉන්ධන භාවිතය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගෝලීය ජෛව ඉන්ධන සන්ධානයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. එහිදී ලොව පුරා ජාතික ජෛව ඉන්ධන වැඩසටහන් සඳහා තාක්ෂණික සහාය ලබාදීමද G20 බලශක්ති සංක්‍රාන්ති ක්‍රියාකාරී කණ්ඩායම සිදුකරනු ලබයි. එම සන්ධානය 2023 සැප්තැම්බර් මාසයේදී G20 නායකයන්ගේ සමුළුවට පෙර නිල වශයෙන් දියත් කිරීම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම, රටවල් 121 ක සන්ධානයක් වන අන්තර්ජාතික සූර්ය සන්ධානය (International Solar Alliance (ISA)) හරහා සූර්ය බලශක්ති භාවිතය සහ සූර්ය ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම දිරිගැන්වීම සඳහා G20 රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, එම තත්වය උපයෝගී කරගනිමින්, ගෝලීය වශයෙන් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාවට සහාය විය හැකිය. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සහ කාබන් විමෝචනය අඩු කිරීම වැනි දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩසටහන් සඳහා මූල්‍ය සහාය ලබා ගැනීමට ඉන්දියාවට අන්තර්ජාතික සූර්ය සන්ධානය භාවිත කළ හැකිය. මේ අනුව, G-20 හි ඉන්දියාවේ නායකත්ව භූමිකාව සාමාජික රටවල් අතර පිරිසිදු බලශක්ති සම්පත් වේගයෙන් භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීමට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කරදී තිබේ. එහිදී තාක්‍ෂණික හුවමාරුවීම් සඳහා පහසුකම් සැලසීම, හරිත සංවර්ධනය සහ දේශගුණික මූල්‍ය ප්‍රවර්ධනය කිරීම මගින් ඉන්දියාවට ගෝලීය දකුණ සහ උතුර අතර පරතරය සමනය කර, තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය වෙත ගමන් කිරීම වේගවත් කළ හැකිය. ඒ අනුව මෙම ජයග්‍රාහී තත්ත්වය, ඉන්දියාව විසින් G20 සමුළුව හරහා ලෝක තිරසරභාවය සහතික කිරීම සඳහා සැලසුම් කර ඇති, යුක්රේන යුද්ධය අවසන් කිරීම සහ ගෝලීය සැපයුම් දාම යථාතත්වයට පත්කිරීම වැනි අනෙකුත් අරමුණුවලට අමතරව සියලුම සාමාජික රටවලට ප්‍රයෝජනවත් වනු ඇතැයි යන්න පිළිබඳව කිසිදු සැකයක් නැත







