අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

Friends of the Earth ජාත්‍යන්තර සංවිධානයේ සභාපති ධූරය හේමන්ත විතානගේට

by Lanka Sara Editor
ජූලි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව පුරා රටවල් 75 කට ආසන්න ප්‍රමාණයක පාරිසරික සංවිධාන එකතුවකින් සැදුම්ලත් Friends of the Earth -(FOE) ජාත්‍යන්තර සංවිධානයෙහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන හේමන්ත විතානගේ මහතා තේරී පත්ව ඇත. දකුණු ආසියානු කලාපයෙන් මෙම ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිත්වයට පත්වූ පළමුවැන්නා වන්නේ හේමන්ත මහතා ‌ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පරිසර සංවිධානයක් වන පරිසර යුක්ති කේන්ද්‍රයේ (CEJ) සමාරම්භකයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වන ඒ මහතා, එහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඉතා මෑතක් වනතුරුම කටයුතු කළේය.

ශ්‍රී ලාංකික පරිසර ක්ෂේත්‍රයේ සිදුවූ අද්වීතීය ක්‍රියාන්විතයන් මෙන් ම පූර්වාදර්ශී සහ ඉතිහාසගත නඩුතීන්දු රාශියක් ද රටට තිලිණ කිරීමට දායකවූ ඒ මහතා FOE ජාත්‍යන්තර සංවිධානයේ සභාපති තනතුර සඳහා ඒකච්ඡන්දයෙන් පත්වීම ද විශේෂත්වයකි.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන හේමන්ත විතානගේ 1990 දී සී/ස පරිසර පදනමේ පරිසර නිලධාරියෙකු වශයෙන් සිය දීර්ඝ කාලීන පරිසර සටනට අවතීර්ණ විය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2004 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ දැනට වඩාත්ම දෘශ්‍යමාන පරිසර සංවිධානය වන පරිසර යුක්ති කේන්ද්‍රය – (CEJ) ආරම්භ කළේය. 2005-2008 දක්වා ආසියානු සංවර්ධන බැංකුව අධීක්ෂණය කරන සිවිල් සමාජ සංවිධාන ජාලයක් වන පිලිපීනය පදනම් කරගත් NGO Forum on ADB හි විධායක අධ්‍යක්ෂක ලෙස හේමන්ත විතානගේ මහතා කටයුතු කළ අතර කිහිප වතාවක්ම එම සංවිධානයේ ජාත්‍යන්තර කැඳවුම්කරු ලෙස ද තේරී පත් විය.

වෙනත් කලාපීය හා ජාත්‍යන්තර ජාල ගණනාවක විධායක නායකත්ව තනතුරු හෙබවූ ඔහු, පාරිසරික යුක්තිය උදෙසා අරගල කරන දේශීය සහ ජාත්‍යාන්තර සංවිධාන ගණනාවකම පෙරටුගාමී ක්‍රියාධරයෙකි.

“පරිසර දූෂකයන්ට සහ ස්වාභාවික සම්පත් සූරාකන්නන්ට එරෙහි සටනට පුරා වසර 50 ක් තිස්සේ නායකත්වය දෙන ලෝකයේ විශාලතම බිම් මට්ටමේ පාරිසරික සංවිධානයේ සභාපති ලෙස තේරී පත්වීම මට ඉමහත් ‌‌ගෞරවයකි. ඉදිරි වසර දෙක සඳහා මගේ ප්‍රමුඛතාවය වන්නේ අපගේ දැක්ම හා මෙහෙවරට අනුකූලව සාධාරණ සමාජයක් සඳහා සටන් කරන ලොව පුරා සංවිධාන සහ ප්‍රජාවන් සමඟ ශක්තිමත් බැඳීමක් ඇතිකරගනිමින් අපගේ අරමුණු සහ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම උදෙසා ක්‍රියාකාරීව කටයුතු කිරීමයි. ” යනුවෙන් ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

වර්තමාන ගෝලීය පාලනය සහ බල පද්ධතීන් එවන් යහපත් සමාජයක් කරා යාමට බාධා කරයි. ලෝකය තිරසාර නිෂ්පාදන හා පරිභෝජන මට්ටම් ඉක්මවා යමින් සිටින අතර පාරිසරික ගැටළු විසඳීමෙහි ලා කඩිනම් ක්‍රියාශීලීත්වයකින් හා ප්‍රමාණවත් කැපවීමකින් යුතුව දායකවීමට බොහෝ දෙනා අසමත්ව සිටිති. COVID -19 ගෝලීය වසංගතය මගින් වර්තමාන පාරිසරික, සමාජ-ආර්ථික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසාධාරණයන් තවදුරටත් හෙළිදරව් කර තිබේ. අපගේ ආහාර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් පාලනය පැහැර ගැනීම මෙන්ම ඒවා සඳහා ව්‍යාජ විසඳුම් ලබාදීමට යෑම හේතුවෙන් සහ දේශගුණික විපර්යාස හා ජෛව විවිධත්වය පිළිබඳ අර්බුද වඩාත් උග්‍ර සහ නරක අන්තයන් කරා තල්ලුකර දමා ඇත.

මෙම ගැටළු විසඳීම සඳහා වඩාත් අවංක හා අර්ථවත් උත්සාහයක් ගෝලීය ආයතනවලින් සහ ජාතික රාජ්‍යයන් වෙතින් අවශ්‍ය වේ. සමස්ත පද්ධතීයේ වෙනසක් සිදුකිරීමෙන් තොරව මෙය සිදුකල නොහැක. ඒ උදෙසා ක්‍රියාකරන ප්‍රජාවන් සහ සංවිධාන සමඟ ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැංවීමට දිගින් දිගටම කටයුතු කරන බව Friends of the Earth සංවිධානය, හේමන්ත විතානගේ මහතාගේ පත්වීම වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍ය මුහුණ ආවරණ පැළඳීම ජුලි 19 වැනිදා සිට ඉවත්කිරීමට සැරසේ

Next Post

ඔන්ලයින් අධ්‍යාපනය කොවිඩ් නිසා ලැබුණු දායාදයක්… මහාචාර්ය සකුන්තලා යටිගම්මන

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.