අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

EPF – ETF ගෙවන්න නම් සමාගමේ පරිසර අපරාධ මාධ්‍යයට හෙළි කිරීම නවත්වන්න ලු… මනම්පිටිය පුද්ගලික වැලි සමාගම සේවකයින්ට ගිවිසුමක් ඉදිරිපත් කරලා…

by editor
මාර්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටි නිමල් ජයරත්න –  

සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට සේවකයින් එක් කිරිම සඳහා මනම්පිටිය පෞද්ගලික වැලි සමාගම ඇති කරගත් ගිවිසුමේ වගන්තියක් ලෙස තම සමාගමේ දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ කිසිම හෙළිදරව්වක් රටේ කිසිම මාධ්‍යයක් වෙත ලබා දීම තහනම් කරමින් ඉදිරිපත් කර තිබීමත්,  එසේ යම් ප්‍රකාශයක් සිදුකළේ නම් වැලිමංකඩ හිමිකම අහිමි කිරීම දක්වා කටයුතු කිරිමේ බලය තමන් වෙත පවරා ගැනීමත් හේතුවෙන් තමන් බලවත්අසාරධාරණයකට ලක් වී ඇති බව  මනම්පිටිය මහවැලි ගඟේ වැලි මංකඩලාභීන්, ටිපර් රථ රියදුරන්, වැලිගොඩ දමන කම්කරුවෝ සඳහන් කරති.

පසුගිය කාලවල මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන පෞද්ගලික සමාගමේ ඇතැම් උසස් නිලධාරීන්,   වැලිමංකඩ අයිතිය අහිමි කරමින් ඒවා දේශපාලන හිතවත්කම් අනුවත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත්  ලබාදීමේ කුමන්ත්‍රණයක් වැළකී ගියේ ඒ සම්බන්ධව කළ හෙළි දරව් කිරීම් නිසා බවත්,  මනම්පිටිය පෞද්ගලික වැලි සමාගම භූ විද්‍ය හා පතල් ගැනීම් කාර්යාංශයෙන් ලබාදී ඇති බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලය පුරා සිදුකළ පරිසර අපරාධ වැළකී ගියේත් සමාජය ඒ සම්බන්ධව දැනුම්වත් කිරිමට හැකි වූ නිසා බවත් සේවක පිරිස් පවසති.,

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලින් මෙන්ම සතා සිවුපාවන්ට, හානි වන අයුරින් රාත්‍රී කාලයේ ජේ,සී,බී. බැකෝ යන්ත්‍ර ද යොදා වැලි ගොඩ තමා පැටවූ සිද්ධිය මාධ්‍යය හරහා රටට හෙළිදරව් වීම නිසා ඒ අපරාධය වලක්වාගත හැකි වීම එක් උදාහරණයක් බව සේවකයෝ කියති.

මනම්පිටිය පෞද්ගලික වැලි සමාගම හා වැලිගොඩ දමන වැලි මංකඩලාභීන් අතර ඇතිකරගත් එකඟතා ගිවිසුමේ පළමු උපලේඛනයේ බරපතළ විසමාචාර ක්‍රියා යටතේ නවවන කරුණු ඔස්සේ පුවත්පත්,රූපවාහිනී, ගුවන් විදුලි, මාධ්‍යයන් හෝ සමාජ මාධ්‍ය ජාලා තුළින් සමාගම සහ එහි නිලධාරීන් සිදුකරන අසාධාරණකම්, අක්‍රමිකතා, වංචා, දූෂණ, සම්බන්ධව, ප්‍රචාරණය කිරීම, ඊට අනුබලදීම මංකඩලාභීන් විසින් සිදු කළහොත් ඔහුගේ වැලිමංකඩ අහිමි කිරීමේ බලය සමාගම සතුව  ඇති බව දන්වා ඇත.

මේ තහනම පිළිබඳව  මනම්පිටිය පෞද්ගලික වැලි සමාගමේ ස්ථාන භාර නිලධාරී මෙහෙයුම් එච්,එම්,ඩබ්ලිව්,ඩී, ජයමාල්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු සඳහන් කළේ වැලි මංකඩලාභීන්ට සහ වැලි ගොඩදමන කම්කරුවාට මාධ්‍යයට ප්‍රකාශ ලබාදීම වළකාලීම ප්‍රායෝගික නොවන බවය. එය කම්කරුවාගේ මූලික අයිතියක් බවත්, ඒ පිළිබඳ සොයා බලා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

අප මේ පිළිබඳව තාක්ෂණ සේවා පුද්ගලික සමාගමේ මාධ්‍ය සම්බන්ධීකාරක සුජිත් කෝනාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම ගිවිසුම මංකඩලාභීන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඇතිකරගත් එකක් බවත්, ඉදිරියේදී ඔවුන් සඳහා    ඊ,ටි.එෆ්. ඊ.පී.එෆ්. ගෙවීමේදී එලෙස ගිවිසුමක් තිබිය යුතු නමුත් එකඟතාවේ ඇතැම් කරුණු ප්‍රායෝගික නොවන බව පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිත සහ දේපල හානි රැසක් සිදු කරමින් අද උදෑසන චීනයේ ගෑස් පිපිරීමක්….

Next Post

ජිනීවා මානව හිමිකම් සමුලුව යද්දී වසා දමා තිබූ මන්නාරමේ සතොස සමූහ මිනීවළ යළි ගොඩදාන්න යයි!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.