බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ඒහි පස්සිකො’ සාම පාද යාත්‍රාව සඳහා  ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය අනුරාධපුරයට!

by editor
අප්‍රේල් 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සාමය සහ සහජීවනය තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ‘Walk for Peace Program in Sri Lanka’ හෙවත් ‘ඒහි පස්සිකො’ (Come and See) සාම පාද යාත්‍රාවට සහභාගී වීම සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සිව් නමක් අද (21) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට වැඩම කළහ.

ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය ලබාදුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ සමඟ ලොව පුරා කාගේත් ආදරයට පාත්‍ර වූ ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද මෙම සංචාරයට එක්ව සිටීම විශේෂත්වයකි. ගුවන්තොටුපොළ වෙත වැඩම කළ මහා සංඝරත්නය පිළිගැනීම සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එක්ව සිටියහ.

ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස ආශිර්වාද පූජාව

මෙම සාම පාගමනට සහභාගී වන තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් පසුගිය 18 වනදා මෙරටට වැඩම කළ අතර, අද පස්වරු 3.00ට ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පාද යාත්‍රාව වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරේ. එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජා කිරීමට නියමිතය. අනතුරුව පස්වරු 4.00ට රුවන්වැලි මහා සෑ රඳුන් අභියස විශේෂ ආගමික වතාවත් පැවැත්වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාද යාත්‍රාවේ ගමන් මග

අප්‍රේල් 22 වනදා උදෑසන පවත්වනු ලබන සංඝගත දක්ෂිණාවෙන් පසු දඹුල්ල පූජා නගරයෙන් මෙම සාම පාගමන නිල වශයෙන් ආරම්භ වේ. එය නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැලණිය යන ප්‍රදේශ පසු කරමින් අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.

සමාප්ති උළෙල සහ රාජ්‍ය ගෞරවය

පාද යාත්‍රාවේ නිමාව සනිටුහන් කරමින්, වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කරනු ඇත. ඉන් පසු මහා සංඝරත්නය පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන අතර, එහිදී ජාතික මෝස්තර මධ්‍යස්ථානය සංවිධානය කරන ‘We are the Design’ වැඩසටහන ආරම්භ කිරීමට ද කටයුතු යොදා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක පූර්ණ දායකත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර ඇත.

 

Aloka

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිරු නාලිකාවේ විකාශන බලපත්‍රයත් අහෝසි වෙයි ද?

Next Post

‘චොකා මල්ලි’ බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ නුවරඑළියේදී අත්අඩංගුවට!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.