නාවික කර්මාන්තය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා නිකුත් කර ඇති E7 වීසා කාණ්ඩයේ දැනට පුරප්පාඩු ඇත්තේ වැද්දුම්කරුවන් සඳහා පමණක් බව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම නිවේදනය කරයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම වැඩිදුරටත් පවසන්නේ පින්තාරු කරුවන් සහ ග්‍රයින්ඩර් ශිල්පීන් බඳවා ගැනීමට මින් පෙර නිවේදනයක් නිකුත් කළද එම වෘත්තීන් සඳහා තවමත් පුරප්පාඩු නොමැති බවය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය E7 කාණ්ඩය යටතේ පුරප්පාඩු සඳහා වැද්දුම්කරුවන් බඳවා ගැනීමට පමණක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් වෙනත් කිසිදු අතරමැදියෙකු හෝ නියෝජිතායතනයක් සමඟ සම්බන්ධ නොවන ලෙසත් එම සමාගම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.
අදාල අයදුම්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත් කරනු ලැබේ.