ශ්‍රියානි විජේසිංහ-
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කමිටුව මගින් ඩැප්සෝන් (Dapsone) නැමැති ඖෂධය මිල ගණන් දෙකක් යටතේ මේ වසර තුලදී මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ඖෂධයේ 50mg බරැති, පෙති 100ක පැකට්ටුවක් ඇමරිකානු ඩොලර් 58.33 වැනි මුදලකට මිල දී ගෙන ඇති අතර, එම ඖෂධයම 25mg බරැති පෙති 30ක පැකට්ටුවක් ඇමරිකානු ඩොලර් 490කට මිලදී ගෙන ඇති බවත් මෙය මුල් මුදලට වඩා පස් ගුණයක වැඩි වීමක් බවත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේය.
මෙම ලංසුව තුළ කැපීපෙන වංචාවක් පෙනෙන්නට ඇති නමුත්, ප්‍රසම්පාදන කමිටුව තුළ එය ප්‍රශ්නකිරීම්වලට ලක් නොවීම පුදුම සහගත යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
ඖෂධ ලංසු තැබීමේදී සමාගම් කිහිපයක් ඇදහිය නොහැකි ලංසු තබමින්, විශාල ලාභාංශයක් ලබා ගැනීම, සමහර ඖෂධ සඳහා සමාගම් ඒකාධිකාරයක් පවත්වා ගැනීමට ඉඩ හැර ප්‍රසම්පාදන කමිටුව නිහඬව සිටීමද පුදුමයට කරුණක් බව ඔහු කියයි.
ඩැප්සෝන් ඖෂධය ලාදුරු රෝගයට (හැන්සන්ගේ රෝගය) ප්‍රතිකාර කිරීමට උපකාරී වන ඖෂධයකි.