මැයි 09දා ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම සම්බන්ධව පොලිසිය පාර්ශවයෙන් ඉදිරිපත්වන අතිශය තීරණාත්මක සාක්ෂියක් වූ ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගෝල්ෆේස් අරගල භූමියේ ආරක්ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) ලබා ගැනීමට සිටි සාක්ෂිය හිටි හැටියේම කල් දමා ඇතැයි වාර්තා වේ.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ පොලිසියේ පාර්ශවය හැසිරුණ ආකාරය සම්බන්ධව වූ සුවිශේෂී සාක්ෂියක්වන නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනගේ සාක්ෂිය මෙසේ දිගින් දිගටම ප්‍රමාදවීම නිසා පොලිස් දෙපාර්තමේතුවේ නිලධාරීන් අතර ඒ සමබන්ධයෙන් දැඩි කතාබහක් ද ඇති වී තිබේ.
අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට මෙම නිලධාරියාගේ ප්‍රකාශයෙන් වැඩ වරදිනු ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.