බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට විකිණෙන්නේ ඇයි?

by editor
නොවැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ශ්‍රී ලාංකිකයින් ඕමාන් සහ ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යැවීමේ දී නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. ඒ, සංචාරක වීසා මත එම රටවලට ගිය ලාංකික කාන්තාවන් විශාල පිරිසක් විවිධ හිංසනයන්ට හා දුක් කරදරවලට ලක්වීම හේතුවෙනි.

ඕමානයේ කොටුවී සිටින ලාංකික කාන්තාවන් 22ක් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නාබව විදේශ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇත්තේ, ඕමාන් රාජ්‍යයේ දී ලාංකික කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මකවී ඇති බව ය.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ඕමාන් තානාපති කාර්යාලයට අනියුක්තව සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරියෙකුට ද චෝදනා එල්ලවී ඇති අතර ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේපකර තිබේ.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් දෙදෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකපිට නොවැම්බර් 21 වැනිදා අත්අඩංගුවට ගත් කාන්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ තුන බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිණ.

කාන්තාව සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතර ඇය ලිපිනයන් සතරක් භාවිතකර තිබුණි.

ඊයේ උදෑසන මෙම කාන්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැණින.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මෙම කාන්තාව ඕමානයේ සිට භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කර ඇති බව යි.

අර්බුදයට හේතුව අවිධිමත් විදෙස්ගතවීම ද?

ඕමාන් රාජ්‍යයේ දී විවිධ අතවරයන්ට මුහුණදුන් ශ්‍රී ලාංකික කාන්තාවන් සම්බන්ධ සිදුවීම පිටුපස සිටින ජාවාරම්කරුවන්ගේ ජාලය මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඊ. ඩී. බී. සේනානායක ඊයේ (නොවැ. 21) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ඊට අදාළ වැටලීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව රටපුරා ආරම්භ කර තිබෙන බවකි.

“ඕමාන් රාජ්‍යය සම්බන්ධයෙන් මාධ්‍යවල විවිධ දේවල් පළවෙනවා. ඕමානය කියන්නේ නීතියානුකූල ක්‍රමවේද යටතේ ශ්‍රී ලංකාවට රැකියා 19 000ක් දීලා තියෙන රටක්. මේ ආන්දෝලනාත්මක සිදුවීමේ දී අතවරයට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් ගැන වගේම 2022 වසරේ සහ ඊට පෙර ඔවුන් අපේ ජනතාවට ලබාදුන් රැකියා අවස්ථා පිළිබඳවත් කතාකළ යුතු යි,” ඔහු සඳහන් කළේ ය.

“මෙම අතවරයන්ට මුහුණදුන් සහෝදර කාන්තාවන් එම රටට ගිහින් තියෙන්නේ පිළිගත් නීත්‍යානුකූල ක්‍රමවේදයට රැකියාවක් සඳහා යන විදියට නොවෙයි,” සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

“ජාවාරම්කරුවන්ගේ ඉගැන්වීම් බහට ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපළ කාර්යාලයට වැරදි තොරතුරු දීල ගිහින් තියෙන්නේ. සංචාරක වීසා මාර්ගයෙන් කෙනෙක් විදේශගත වෙනකොට අපට ඒකට බාධා කරන්න අයිතියක් නැහැ. එක්සත් ආරාබි එමිර් රාජ්‍යයට ගොස් ගොඩබිමින් ඕමානයට ගිහින් තියෙනබව තමයි අනාවරණය වෙලා තියෙන්නේ,” ඔහු සඳහන් කළේ ය.

“අපි සුරක්ෂා නිවාස පවත්වාගෙන යන්නේ නීතියානුකූලව විදෙස්ගතවෙලා විවිධ ගැටළුවලට මුහුණදුන් අයට අවශ්‍ය ආරක්ෂාව සපයන්න. නමුත් මේ 77 දෙනෙකුටත් අපි ආරක්ෂාව සපයලා තියෙන්නේ ඔවුන් ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස සලකලා. සංචාරක වීසා මත ගිය තැනැත්තියකට ගැටළුවක් ඇති වුණාම මෙරටට ගෙන්වීමේ දී ගැටළු රාශියකට මුහුණදෙන්න සිදුවෙනවා. නීතිවිරෝධී කටයුත්තක් නිසා විශාල දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා පොලිසියත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් දීපව්‍යාප්ත වැටලීම් රාශියක කරගෙන යනවා අහිංසක කාන්තාවන් වෙත බලාපොරොත්තු දීලා, පොරොන්දුවෙලා රවටන මෙවැනි ජාවාරම්කරුවන් මර්දනය සඳහා.”

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආර්ථික කටයුතු ) චන්දන වීරසේන ප්‍රකාශ කරන්නේ අවිධිමත් ලෙස විදේශගත වීම මෙම ගැටළුවට හේතුවී ඇති බව ය.

“මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලසිටම අපේ තානාපති කාර්යාලය ඕමාන රජය සමග සම්බන්ධ වෙලා සහයෝගයෙන් කටයුතු කළා. මෙතැන ප්‍රශ්නය තියෙන්නේ අවිධිමත් ලෙස විදේශගත වීම යි. සංචාරක වීසාවලින් ගිහින් සාමාන්‍යයෙන් රැකියාවක් කරන්න බැහැ. සමහරු සංචාරක වීසාවලින් ගිහින් රැකියා කරන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර කාන්තාවන් යන්නේ තමන්ට අත්වෙන්න ඉඩ තියෙන ඉරණම දැනගෙන නෙවෙයි. නීත්‍යානුකූලව ගිහින් රැකියා කරන ශ්‍රී ලාංකිකයන් 19 000ක් ඕමානයේ රැකියා කරනවා,” ඔහු පැවසීය.

විපතටපත්වූවන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත්, ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් දිය යුතුබවත් පිළිගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

“ඒවගේම අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් නිරුපද්‍රිතව මෙරටට ගෙන්වාගත යුතු යි. මෙම සිදුවීමේ දී ප්‍රශ්නසහගත ලෙස හැසිරුණු තනාපති නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අපි දැනටමත් පියවර අරන් තියෙනවා,” ඔහු පැවසීය.

විමර්ශන අඛණ්ඩව

බලපත්‍රලාභීන් නොවන ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි තමා නිරන්තරයෙන් විමර්ශනය කරනබව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරී කපිල කරුණාරත්න කියා සිටියි.

බලපත්‍ර නොමැති ඒජන්සිකරුවන් සිව්දෙනෙකු පෙරේදා දිනයේ (නොවැ. 20) අත්අඩංගුවට ගෙන තිබේ.

“මෙම සිද්ධියට සම්බන්ධ ජාවාරම්කරුවන් අපේ විමර්ශන නිලධාරීන්ට අනාවරණය වෙලා තියෙනවා. මේ වසරේ පුද්ගලයන් 69ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ස්ථාන 25ක් වැටලීම් කරල තියෙනවා. මෙම ජාවාරම්කරුවන් සහ තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්න අපි දිගටම මෙහෙයුම් දියත්කරල තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් දීර්ඝකාලීනව විමර්ශනයක යෙදිල හිටියා. එය මෙම සිදුවීම අනාවරණය කරගන්න පහසු වුණා,” විමර්ශන නිලධාරී කරුණාරත්න සඳහන් කළේ ය.

පොලිස් විමර්ශන ක්‍රියාත්මකවන්නේ කෙසේ ද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේ ය: “අපිට පැමිණිල්ලක් ලැබුණා තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය අපරාධයක් සම්බන්ධයෙන්. පොලිසීය තීරණය කළා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් තවදුරටත් විමර්ශනය කිරීම කළ නොහැකි බව. ඒ අනුව ඕමානයට යන්න පොලිසිය තීරණය කළා. අදාල නිවස්නයේ කාන්තාවන් 45 දෙනෙක් සිටියා.

“මෙම කාන්තාවන්ගේ ප්‍රකාශ දිහා බැලුවම පේනවා විවිධ ක්‍රමවලට තමයි මේ කාන්තාවන් ඕමානයට ගෙන්වල තියෙන්නේ. ඒ වගේම මේ කාන්තාවන් විදෙස්ගතවීමට මොහොතකට පෙර තමයි ඔවුන්ගේ අතට වීසා බලපත්‍ර දීල තියෙන්නේ. කාන්තාවන් බොහෝදෙනෙක් මෙහි සැබෑ තත්ත්වය දන්නේ නැහැ. මෙම සිදුවීමට සම්බන්ධවූ කාන්තාවක් පසුගිය දිනවල පොලීසිය මඟහරමින් සිටියා. CIDය ඇය පසුපස හඹා යමින් සිටිය දී පසුව ඇයම ඇවිත් බාරවුණා,” ඔහු අනාවරණය කළේ ය.

“ඇයගෙන් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යනවා. මෙම කාන්තාවන් 45 දෙනා නියෝජිත ආයතන කිහිපයක් මාර්ගයෙන් තමයි එරටට ගිහින් තියෙන්නේ. ඒ ඒ නියෝජිත ආයතන සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රශ්න කෙරෙනවා. අනාවරණය වූ තොරතුරු ඔස්සේ මෙම ජාවාරම පිටුපස සිටින අය හුඟදෙනෙක් ආනවරණය වෙලයි තියෙන්නේ,” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

ස්වයං ලියාපදිංචි අත්හිටුවයි

ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සදහා සඳහා යොමුවන කාන්තාවන්ගේ ස්වයං ලියාපදිංචි අත්හිටවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ ය.

පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වාගනු ලබන සේවා ගිවිසුමක් හෝ, රැකියා වීසා බලපත්‍රයක් මඟින් විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය ලබාදීම මේ වන විට සිදුකරනු ලබයි.

එහෙත් කාර්යාංශය වෙතින් වලංගු බලපත්‍ර නොමැති කණ්ඩායම් නව ක්‍රමවේදය අනිසි ලෙස භාවිතකර ඕමානය හා එක්සත් අරාබි රාජ්‍යයන් වෙත ගෘහසේවය සහ අඩු නිපුණතාවෙන් යුතු රැකියා සඳහා කාන්තා ශ්‍රමිකයන් විදේශගත කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බැවින්, ඕමානය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහස්ත සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා කාණ්ඩ සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ය.

එමෙන්ම අදාළ රටවලට වසර කිහිපයක් සේවය කර නැවත එම රටවල් සඳහා සඳහා විදේශගතවීමට “නැවත විදේශගතවීමේ වීසා පත” රැගෙන මෙරටට පැමිණි කාන්තාවන් විදේශගතවීමේ දී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම තහනම අදාළ නොවන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

ඒජන්තවරයෙකු මාර්ගයෙන් රැකියාවක් සොයාගන්නේ නම්,

දේශීය ඒජන්තවරයෙකු මාර්ගයෙන් රැකියාවක් සොයාගෙන තිබේ අවධානය යොමු කළ යුතු කරණු කිහිපයක් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාව දැනුවත් කර තිබේ.

  • ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගෙන ඇත්ද?
  • එම බලපත්‍රය වලංගු එකක් ද?
  • ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි අනුමැතිය ලබාගෙන ඇත්ද?
  • ප්‍රථම අනුමැතිය බඳවාගැනීමේ කාලය දක්වා වලංගු වේ ද?

අදාළ ඒජන්තවරයා අදාළ කොන්දේසි සපුරා ඇත්නම්, විදේශ ගමන් බලපත්‍රය සහ අවශ්‍ය ලියකියවිලි සියල්ල භාරදිය හැකි ය.

විදේශ ගමන් බලපත්‍රය, ලියාපදිංචි කරන දිනයේ සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු විය යුතු ය. ඉන්පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතු වන අතර මෙයට ඒජන්ත පරිපාලනමය ගාස්තු ඇතුළත් නොවේ.

මැද පෙරදිග රටක රැකියා සඳහා යන්නේ නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිර්දේශිත ලියාපදිංචි ගාස්තු පමණක් ගෙවිය යුතු අතර අවශ්‍ය නම් පුහුණුවීමට ද සිදුවනු ඇත.

රැකියා ගිවිසුමක් සම්පූර්ණ කර එහි පිටපතක් ළඟ තබාගත යුතු අතර වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී වෛද්‍ය වාර්තාවක් ලබාගත යුතු වේ.

ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි අනුමැතිය ලබාගැනීමෙන් පසු විදෙස්ගතවන්නා වෙත ලියකියවිලි භාරදිය යුතු ය.

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිල මුද්‍රාව සහිත ඔබ‍ගේ විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු වීසා බලපත්‍රය
  • ගුවන් ටිකට් පත
  • රැකියා ගිවිසුම
  • බැංකු තුණ්ඩුවේ ගනුදෙනුකරුගේ පිටපත
  • රක්ෂණ සහතිකය

ඔබ සතුව තිබිය යුතු ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රධාන සමාගම් කීපයක් ඇමතිවරයාට දුන් දැනුමට  අනුව ප්‍රමිතියෙන් තොර වල් නාශක ඇල්ලීමේ මෙහෙයුමක්…

Next Post

මත්කරල් 78,600ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.