කීර්ති ප්‍රනාන්දු –
දේශීය කිරිපිටි මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද සිට පැලවත්ත සමාගම තම ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 270කින් ඉහළ දමා ඇත. මේ වැඩිවීමත් සමග රුපියල් 880කට මිල කර තිබූ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක රුපියල් 1150 දක්වා ඉහළ ගොස් තිබේ.
පැලවත්ත සමාගමේ අලෙවිසල්වලින් 850ට නිකුත් කළ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 975කට මිල නියම කර ඇත.
මිල්කෝ සමාගම වැඩිවන මිල ගණන් අද සවසට ප්‍රකාශ කිරීමට නියමිත බව එම සමාගමින් අප කළ විමසීමක දී පැවසුවේය.