ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අද වනවිට රට ගොඩනැගීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවත් ය.
දෙමළ සංවිධාන 06ක් සහ පුද්ගලයින් 316ක් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීමට රජය පසුගිය දා පියවර ගෙන තිබිණි.
එම සංවිධාන සහ පුද්ගලයින්ගේ තහනම ඉවත් කළේ ආයතන කීපයක් හා එක්ව සිදුකරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසු බව අද ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඊයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කීවේ නියමිත වැඩ පිළිවෙළක් ලබා දෙන්නේ නම් දෙමළ ඩයස්පෝරාවෙන් රටට අවශ්‍ය ඩොලර් රැගෙන ඒමේ වගකීම තමන් භාරගන්නා බවය.